පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
විපාකලෝකය = පංචස්කන්ධ ලෝකය (පංචස්කන්ධ කිව්වම 5 නෙවෙයි, හයම කියවෙනවා) එවිට 18ම කියවෙනවා.
මෙතන අවිද්‍යා පච්චයා සංකාර කියල නෙවෙයි පටන්ගෙන තියෙන්නේ.
වේදනා පච්චයා භව කියල මේක ඉවර කරල තියෙනව.
මේ පටිච්ච සමුප්පාදයේ කෙලෙසෙ නෑ. මොකද අවිද්‍ය ප්‍රත්‍යයෙන් හටනොගත් නිසා.
මෙහි තන්හා, අවිද්‍යා, උපාදාන නෑ.
යමක් අදුරගන්නේ මේ පටිච්ච සමුප්පාදයෙන්. අදුර ගත්තට කෙලෙස් නෑ.
භාහිර ලෝකයේ යමක් අපේ මනසට ගන්න එක තමයි විපාකය කියල කියන්නේ. මේ ප්‍රභාස්වර චිත්තය.
මේ පංචස්කන්ධයේ වේදනාව. විපාක ලෙස ලැබුන එක. මේ පංචඋපාදනස්කන්ධයේ වේදනාව නොවෙයි.
Play this part on YouTube
මෙහි නාම විතරයි. රූප ඇතිවීමක් නැත. නාම විතරයි හැදෙන්නේ. විපාකයක් විතරයි. යමක් මනසට පැමිණීමයි ඒ වෙන්නේ. අභිසංකාර නැති නිසා රූප නිපදවීමක් නැත. ඕරා අංශු පිටවීමක් නැත.
මේ අවස්ථාවේ, අනෙක් අයෙක් (ආර්‍ය නොවන) භාවනාව වැඩා තිබුනොත් සුදු කිරණ පිටවෙනවා. ආර්‍යයෙක් වැඩූ විට color-less – මොකද ඕරා අංශු පිටවීමක් නැති නිසාය.
ආර්‍ය චතුර්තත් ධ්‍යානයේදී හිත තියෙන්නේ මේ තත්ත්වයේ. අවිධ්‍යාව නෑ චතුර්තත් ධ්‍යානයේදී.
මෙතන භවාංග සිත කියා තිබීම වැරදියි. උපන් සිත යනු ඒ ඒ මොහොතේ උපන් සිත මිසක කුඩා දරුවෙක් උපන් මොහොතේ සිත නොවේ.
මේ ගැන නොදන්නා අනාර්‍යයන්ට චිත්ත භාවනාවක් නැතිය කියන්නෙ ඒකයි.
මේ පොදු චක්‍රය. මාතෘකා පාලිය.
දැන් මේක බෙදනවා සංකාර ලෝකයට.
දැන් බලන්න මේ පටිච්ඡ සමුප්පාද ක්‍රියාවලිය තුල තමයි වේදනා හටගන්නේ.
Play this part on YouTube
මට –මේක- නැත්තන් කන්න බෑ.. වගේ කතා අහන්න ලැබෙන්නේ අභිසංඥාව නිසායි.
බබුණා – සංඥාව එන්න දෙන්නේ නෑ.
ආර්‍යා – සංඥා සමග හෙතු සහිතව බැදෙන්නේ නෑ.
චතුරාර්‍ය සත්‍ය නොදන්නා බවයි. නමුත් මෙය විග්‍රහ කර ගත යුතුය.
එනම් ස්පර්ශ ආයතන හයේ ආශ්වාද ආදීනව නිස්සරන තතුසේ දැන ගැනීමයි. ආශ්වාද කැමැත්ත ඉටුනොකරයි. එනිසා අනිච්චයි, දුක් සහිතයි, එනිසා අනාතයි. එනිසා රාගය ප්‍රහානය කරන්න.
රූප වල සැප තියෙනවාද? තියෙන්නේ උපේක්ෂාව. ඉතින් රූපයෙන් ආශ්වාද සොයා ගන්න ගියාට හම්බ වෙයිද? මිරිඟුවක වතුර හොයනවා වගේ.
Play this part on YouTube
ආලෝක කයක් එන එක භාවනා කරන ඕනම කෙනෙකුට ලැබිය හැකියි. ඒත් ඒ නිවන්දැකීම නොවෙයි. අලෝභ අද්වේශ අමෝහ වැඩීමෙන් වැඩෙන අලෝක කලයි මේ. මේ හරහා වැඩෙන දැහැන භ්‍රහ්මලෝකය දක්වා ගෙනයයි.
මේ අය තමයි බොහෝ විට -දැන් මම සෝවාන්, කොහොමද මම සකෘදාගාමී වෙන්නේ කොහොමද?- වැනි ප්‍රශ්න අහන්නේ.
සංඥාව සමඟ රාගයෙන් බැදී හදාගන්න වේදනාව
රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදීම නිවනයි.
අව්‍යාකෘත පටිච්ඡසමුප්පාදය = = විපාක ලෝකය
පටිච්ච සමුප්පාදය ඇසට (පංචස්කන්ධයට) යොදා බැලීම.
රූප හය ආකාරයි. ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස.
රූප රූප = යමක් පෙනෙන දෙයක්
රූප වේදනා = රූපයක චලිතයක්
රූප සංඥාව = වර්ණ ධාතුව
රූප සංකාර = රූපය ගැන අදහස් පහල කිරීම
රූප විඥානය = ඒ පහලවූ දැනීම්, ඇදිනීම් ස්වභාවය
මේ පටිච්ච සමුප්පාදය මෙතනින් ඉවර නෑ.
විඥානයක් පහල වුනාට මේ පටිච්ච සමුප්පාදය මෙතනින් එවර වෙන්නේ නෑ. කියල නැත්තේ, විපාක ලෙස පහලවූ මේ චක්කු විඥානය එතනින් එහාට වෙනස් වෙන්නේ නෑ. තණ්හාව සහ උපාධානය මෙහි නැති නිසා.
ඉහත ඇත්තේ විපාක ලෝකය යි.
මේ රූප වේදනා සංඥා සමගම අවිද්‍යාව සමඟ අභිසංකාර කිරීමෙන් අලුතෙන් කෙලෙස් සකසයි. මෙතන තමයි ආයත උපදින්නේ. බලන්න, කලින් ඡට්ඨායතන (ඇස – ඉන්ද්‍රියක්) දැන් චක්ඛායතනය උනා (ඇස රූපයට ආයතනයක් උනා).
මේ තමයි බුදු දහමේ හදුන්වන ලෝකය. මේ ලෝකයයි දුක.
Play this part on YouTube
ශුද්ධාශ්ඨක සාදන strings.
ඕරා අංශුවේ මේ data ලියා ගනී. එසේ කර emit කරයි. ඒවා කර්ම භවයේ තැන්පත් වේ. ආකාශ ධාතුවේ සහ විඥාන ධාතුවේ තමයි මේ තැන්පත් වෙන්නේ.
සියලු රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන මෙසේ ලියා තැන්පත් කරගනී.
data store කරන්න නම් කැරකෙන්න ම ඕන.
විපාකලෝකයේ දත්ත තියෙන විදියත් අභිසංකාර ලෝකයේ දත්ත තියෙන විදියත් විදි දෙකක්.
මේ ඉදප්පච්චතා පටිච්ඡ සමුප්පාදය යනු ඒ ඒ මොහොතේ කෙලෙස් හදන චක්‍රයයි.
සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත තමයි මේ කියන්නේ. ඒ මොහොතේ අවිද්‍යාවෙන් සංකාර කරල තමයි සෝමනස්සයක් හදා ගත්තේ.
ඇත්තට උපේක්ෂා සහගත දේ අවිද්‍යාව හේතුවෙන් තමයි සෝමනස්ස/දෝමනස්ස ලෙස ආරෝපනය කරගත්තේ.
ලෝභය හටගන්නේ මෙසේය.
විපාක සහ සංකාර ලෝකය
වේදනා ප්‍රත්‍යයෙන් පටිඝ වේ, පටිඝ ප්‍රත්‍යයෙන් අධිමොක්ක වේ.
මෙතන වේදනා පච්චයා තණ්හා වෙනුවට, වේදනා පච්චයා පටිඝ ලෙස වෙනවා.
මේ තමයි ද්වේශනය ක්‍රියාත්මක විදිය.
පටිඝය පටිච්ඡ සමුප්පාදය
අධිමොක්ක කියන්නේ මේ පටිඝයම මුදුන්පත් වෙනවා. ඒ පටිඝයම කර්ම වෙනවා.
Play this part on YouTube