පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
ආර්‍ය සහ බබුණු සමතය අතර වෙනසක් තියෙනවා.
ආර්‍ය සමතය ආශ්වාද ආදීනව නිස්සරන සමතයක්.
බබුණු සමතය හුලං අල්ලාගෙන යන, අන්‍යතර චේතෝවිමුක්තියක්. බඹ ලොව දෙව් ලොව ඉපදිය හැකිය.
ප්‍රමාදයාගේ (ආස්වාද ආදියේ) හොදින් දැනගැනීමෙන් තම සිත රකගැනීමත්, ප්‍රමාදයට (ආශ්වාදයට) විරුද්ධව ප්‍රමාද නොවී ප්‍රමාදයෙන් බැහැරවීම සමථයයි.
මාතෘකාපාලි උඩින් පල්ලෙන් ගැනීමෙන් මෙසේ සිදුවේ. මේවා හැදෙන්නේ ගැඹුරු අර්ථ නොගැනීමෙන්.
හුස්මේ ආනපාන සතියක් ද තියෙනවා. හුස්මෙන් ආනාපානසතිය පූර්ණ නොවේ.
Play this part on YouTube
මේ වායෝ ධාතුව විස්තර කිරීමයි.
ඒත් වායුව සමකොට බවුන් වඩන්න කිව්වේ හුස්ම දිහා බලාගෙන සිටීමෙන් නොවෙයි.
වායුව ගඳ ගහන අසූචිමය පිළිකුල් සහගත තැන් වල සැරි සරයි.
වායුව සුවඳ හමන මල්වතු වැනි තැන් වල සැරි සරයි.
මේ කොතැනින් හැමුවත් වායුව ඇලීම් ගැටීම් වලින් වැලකී හමායයි.
දස අකුසලයෙන් වැලකී කය පිරිසිදු කරමු.
තමන්ට දුක් පිනිස, අනුන්ට දුක් පිනිස පවතින දේ තෝරා ගෙන මනස පිරිසිදු කරමු.
තමන්ට දුක් පිනිස, අනුන්ට දුක් පිනිස — මෙය මාතෘකාපාලියකි.
ඒගැන තියෙන්නේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ. ප්‍රථම ධ්‍යානයේ සිටීමයි මේ කියන්නේ. ඉන් එහාට සියලු ධ්‍යාන මෙසේමයි.
ඉතින් කරන්න තියෙන්නේ හිත රැක ගන්න එකයි.
කවදා හෝ යමෙක් සිත කය වචනය පිරිසිදු කලානම් කලේ මේ විදියටයි. වෙන විදියකට නොවේ.
ආර්‍ය චතුර්තත් ධ්‍යානය උපෙක්කා සම්බොජ්ජංගයයි.
මහත් ඵල 4යි. ඒ මාර්ග ඵල හතර යි.
ආනාපාන සතිය වැඩීම සත්තිස් බෝධිපාක්ශික ධර්ම වැඩීමයි. ප්‍රඥාව වැඩීමයි.
Play this part on YouTube
දුටු නිමිත්ත නම් නිවනයි.
දැහැන් වඩන්නේ දුටු නිවනට හිත තියාගෙනයි.
බන අහල නිවන දැක ගන්නවා. ධ්‍යාන වඩල නිවන පූර්ණ කර ගන්නවා.
අස්සාසකො – යන පදය වැරදියට පරිවර්තනය කලා. ඒකට ආශ්වාස කියල දැම්මා. මෙතන වැරදිච්ච තැනක්.
අස්සාසය — අස්සාදය — ආශ්වාසය — මේ සියල්ල වෙනස් තේරුම් ඇති වචන
සමථය සහ අස්සාසය යන දෙකේම අර්ථකථනය එකමයි.
Play this part on YouTube
කායානුපස්සනාව ආනපාන සතියට සම්බන්ධයි.
දිගුකොට ආස්වාස කරයි, දිගු කොට ආස්වාස කරමියි දනියි = දිගු කලක් ඇසුරු කල දේ දිගුකලක් ආශ්වාදයේ ආදීනව බලමින් වීර්‍ය කිරීමෙන් කෙමෙන් කෙමෙන් නිස්සරනය වේ (ඇබ්බැහි වීම්, මාතෘ සෙනෙහස, දාරක සෙනෙහස)
කෙටිකොට ආස්වාස කරයි, කෙටි කොට ආස්වාස කරමියි දනියි = එතරම් ඇසුරු පුරුදු නොකල දේ කෙටි කලක් තුල ආශ්වාදයේ ආදීනව බලමින් වීර්‍ය කරමින් නිස්සරනය වේ (පුරුදු – උදා: pපොත පත, ටීවී, අල්ලාප සල්ලාප ආදියේ කාලය ගතකිරීමෙන් ලබන සතුටේ / ආස්වාදයේ කැමැත්ත)
මෙය එකතරා කයකි — එනම් ආශ්වාද කයයි.
මේ ප්‍රහානයන් නිස්සාරණයන් සියල්ල සිත සම්බන්ධයෙන් කෙරෙන දේයි.
Play this part on YouTube
නාම කය සහ රූප කය යනු දෙකක්.
රූප කය (සතර මහා භූත, එනිසා පවතින රූප, ආශ්වාස, ප්‍රශ්වාස, නිමිත්ත, උප්නිබ්බන්ධතා ) නිරෝධ කරන්න බෑ.
නාම කයේ (වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර) කොටස් දෙකයි. ඉන් එකක් නිරෝධ කල හැකියි. එකක් බෑ.
Play this part on YouTube
..එක්තරා කයක්…
වේදනාවේ වේදනානුපස්සනාව
Play this part on YouTube
මුලාවූ අයෙකුට ආනාපාන සතිය නොකියමි. මෝඩයාට සප්‍රාය නොවේ.
මේ හැම තැනම කියන්නේ ආස්වාසය = අස්සාසය
Play this part on YouTube
අනිස = අනිච්ච
Play this part on YouTube
ආශ්වාදයට යන එකෙන් මිදෙන විට සති සම්බොජ්ජංගය යි.
ඒ ආශ්වාදයෙන් මිදීමට ඔහු නුවණින් පිරික්සා විමසුමට පැමීණේ. ඒ ධම්මවිචය සම්බොජ්ජංගය යි.
ඒ විමසුපු දහමට අනුව මිදෙන්න වීර්‍ය කරයි. ඒ විරිය සම්බොජ්ජංගය යි. (මේ විරිය දත්මිටි කා ගෙන දගලගෙන කරන එකක් නෙවෙයි. අර කරන්න ගිය වැඩේ කරන්නේ නැතිව නතර කරගැනීමයි. ආශ්වාද පසු පස යෑම වැලකීමයි. ධ්‍යානයේදී කරන්නෙත් මේටිකයි – හිත ඇතුලේ වැඩ. එවිට මනසේ අභිසංකාර කරන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඉවරයි)