+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Start - බුදු දහමේ භාවනා යන්නට අර්ථකථන සහ කතෝලික, මුස්ලිම් ආගම් වල ඇති රාග ද්වෙශ මෝහ නසන ලෞකික භාවනා
Time: 0:12:29

අර්ථකථන හතරක් ඇත:
උපන් ධර්මයන් නොයික්ම පවත්නා ස්වභාවය භාවනාය (අභිසංස්කරනය නොකිරීම ද?) -සබ්බසංකාර සමත කරගෙන ඉදීම යි.
ඉන්ද්‍රියයන් ඒකාත්මික භාවයෙන් සිටීම යි.
වීර්‍ය වඩන අර්ථයෙන් භාවනාය.
ආසේවන ස්වභාවෙයෙන් (වැඩිපුර වැඩිපුර ඇසුරු කිරීම, කර්මස්ථාන වඩනකොට එකම දෙයක් කිය කිය කරන්නේ මෙයයි).

කර්මස්ථාන කිය කියා නිවන් දකින්නේ මේ විදියයි. එනම් ආසේවනා ක්‍රමයට යි. ලෝකයේ අසාරත්වයත් නිවනේ නිවන ස්බභාවයත් දිගින් දිගට ඇසුරු කිරීම යි.

නිවෙන තැන නොසිටින හැම මොහොතක් ම ඉන්නේ ගිනි ගන්න තැනක. රාග ද්වේශ මෝහ සදමින්. සදන්නේ සං-චේතනා. රාග ද්වේශ මෝහයෙන් චිත්තය තනනවා.

උදා:
කාය සංකාර → එනම් රාග ද්වේශ මෝහයෙන් යුතුව සිටීමට කය සැකසීමට චිත්තය තැනීමයි කාය සංකාර → සසර ගමන යන්නේ හිතෙන්.
මේ ලෝකය හොදයි කියන පැත්තට නැතුව නිවන ශාන්තයි කියන පැත්තට හිත තියාගෙන සිටියාම නිවී යනවා.

මේක ප්‍රායෝගිකව අත්දැකීමක්. ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වඩන විට ලැබෙන දෙයක්. උපරිම චතුර්තන් ධ්‍යානය හෙවත් සම්මා දිට්ඨිය දක්වා පර උපකාරයෙන් වැඩිය හැකියි. එතනින් එහාට සම්මා ඥාන, සම්මා විමුක්ති විර්‍යයෙන් වඩා ගත යුතුයි.

කතෝලිකයන් කියන ගීතිකා රාග ද්වේශ මෝහ ඒව නෙවෙයි. එනිසා එවන් ගීතිකා දිගින් දිගට කීමෙන්, ආසේවන ස්වභාවයෙන් දැහැන් වැඩී ආලෝක ලැබෙනවා.
නමුත් මේ ආර්‍යයන් වඩන වීත රාග, වීත දෝශ, වීත මෝහ නොවෙයි. මේ වඩන්නේ අලෝභ අද්වේශ අමෝහයි. එය ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට යන්න පුලුවන්, නිවන් දකින්නේ නෑ.
මේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ලෞකික ක්‍රමයයි.

මුස්ලිම් ආගමේත් මේවාගේ ක්‍රමයක් තියෙනවා. ඒ අය ශුද්ධ ආලෝක වලට පත්වෙනවා.

වීත රාග, වීත දෝශ, වීත මෝහ ක්‍රමය ⇒ ආර්‍ය ක්‍රමය
අලෝභ අද්වේශ අමෝහ ක්‍රමය ⇒ අනාර්‍ය ක්‍රමය

දැහැන් වඩන්න පුලුවන් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ මේක වඩාගන්න බෑ. යම් කාලයකදී දැහැන් පිරිහී ගියත් පුරුදු කර තිබුනොත් මේ දැහැන් නැවත වේගයෙන් වඩාගන්න පුලුවන්.
Play this part on YouTube

ආර්‍ය අට්ඨික සංඥාවව සහ බබුණු අට්ඨික සංඥාව
Time: 0:25:46

කොහොම වැඩුවොත්ද පහසු විහරන පිනිස පතින්නේ. සප්ත බොජ්ජංග වැඩීමයි.


Play this part on YouTube

සප්ත බොජ්ජංග වැඩීම නම් ආර්‍ය අට්ඨික සංඥාවව වැඩීමයි
Time: 0:31:24

මේ අනුව මාර්ගාංග වූ (ආශ්වාද ආදීන නිස්සරණ වූ) මාර්ග පරියාපන්න වූ යම් සිහිකිරීමක් නැවත නැවත

මෙතන පෙළෙයි ⟺ අට්ඨීයති කියල යොදා තියෙන වචනය වැරදි පරිවර්තනයක්.

පැය විසිහතරෙම පෙළෙන සත්වයෙක් නෑ. විපාක තමයි ලබන්නේ.


Play this part on YouTube

ඉන්ද්‍රිය භාවනාව දෙආකාරයි - ආර්‍ය සහ බබුණු ඉන්ද්‍රිය භාවනාව අතර වෙනස
Time: 0:46:7

මේ භාවනාව බබුණන් සතුවත් තිබුනා. නමුත් මෙහි වෙනසක් තියෙනවා.

ඇස් ඇති අය අන්ධයන් ලෙස ඉන්න කියයි…

මේ තමයි බබුණු දේශනාව.

මේ තමයි ආර්‍ය භාවනාව.

රූප දැක මනාප අමනාප උපදී. ඒ උපදින දේ දැනගනී.

දැන ගෙන උදාවූ මනාප අමනාප හරයක් නැති සේ දැන උපේක්ෂාවේ සිත පිහිටුවයි. ඒ අර්‍ය ඉන්ද්‍රිය භාවනාවයි.
Play this part on YouTube

පටික්කූල සංඥාව යනු පිළිකුල නොවෙයි - ඉන්ද්‍රිය භාවනාව thavadhuratha
Time: 0:59:8

කු – කියන්නේ පහත් කියන තේරුමයි.

පටි – බැදෙනවා

ආල – කැමැත්ත

කූ+වූ දෙයකට+කැමැත්තෙන් බැදෙනව = පටික්කූල

Play this part on YouTube

අසුභ සූත්‍රය
Time: 1:10:57

කයෙන් නිදහස් වීම නිවන නෙවෙයි.

මෙලෙස අසුභය වඩවන විට ආනාපාන සතියත් දු
Play this part on YouTube

මරණ සංඥාව වැඩීම සහ හීරලුවෙක් වීම
Time: 1:22:40

ස්වාමින් වහන්සේනමක් ගිහි බවට පත් වීම මැරුණා නම් වේ.

Play this part on YouTube

මරණ සතිය යනු මැරෙනවා කියා සිහි කරමින් ඉන්න එකද? වෙන එකක් ද?
Time: 1:32:36

පංච කාම ලෝකයේ සිත පිහිටුවා වාසය කරන හැම මොහතක් ම මාර-ණයට අසුව, මරණය වී තිබෙයි.

මාර-ණයට අසුනොවී ඉන්නා විදියට සිත තියා සිටීමයි මරණ සතියයි.


Play this part on YouTube