පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
මේ විවිධ වචන වලින් සඳහන් කරල තියෙන්නේ එකම දෙයක්.
සතර ඉන්ද්‍රියන්ගෙන් එකක් වඩන කොට අනෙක් තුන ඒ සමඟ වැඩෙනවා.
සැම ධර්මයෝ නිවන අර්ථයෙන් (නෛ…) සමාණය.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි.
අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි.
නානා නම් වලින් අරගෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන මහණුන් සිටී.
ආනපන්සී = ආනාපාන සතිය
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි.
අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුල හුලං කතාවක් නැත.
බුදු දහමේ ආනාපාන සතිය යනු හුලං භාවනාවක් කිව්වේ බුද්ධගෝෂ හාමුදුරුවෝ.
හුලං භාවනා ක්‍රමයෙන් ධ්‍යාන වඩන විටත් වැඩෙනවා. ප්‍රීති සුඛ දැනෙනවා. අසීමිත සුව දැනෙනවා.
මේකට අසු වූ කෙනෙක් එයින් ගැලවීමත් දුෂ්කර දෙයකි.
ඇයි? වඩනකොට වැඩෙනවා. ධ්‍යාන ලක්ෂණ තියෙනවා. හොයන්න අමාරුයි වෙනස.
ප්‍රශ්නය වෙන්නේ කොච්චර වැඩුවත් මේ ක්‍රමයට නිවන් පූර්ණ කරන්න බැරි වීමයි.
ඇයි නිවෙනේ නැත්තේ කියල වඩාගෙන යන අය මඟදී පැටලැවෙනවා.
සමාන ලක්ෂණ නිසා අනෙක්වා වැඩේ.
සමථය = නිවන් මගකි.
ධ්‍යාන වඩවු.
කලින් ඉගෙන තිබුණේ හුලං දිහා බලාගෙන සමථ කරල පස්සේ විදර්ශනා කරන්න. ඒක නෙවෙයි බුද්ධ සාසනයේ සමථය කියන්නේ.
වස්තුකාම ක්ලේශ කාම කෙරෙහි ආශ්වාද ආදිනව දැකල විදර්ශනා කිරීම සමථය යි.
එනිසා සමථය නිවන් මඟකි.
මේ වග්ගයේ නිවන් මඟ විවිධ ලෙස විස්තර කර ඇත.
විපස්සනාව = නිවන් මගකි.
සවිතක්ක සවිචාර සමාධි = නිවන් මගකි.
(මේ ක්‍රමය තමයි ඔය කර්මස්ථාන සජ්ජායනා කරමින් මේ භාවනා වැඩසටහන් වලදී වඩන්නේ. හතරවන දැහැනට වෙනකන් යන්න පුලුවන්, එතෙනින් එහාට විදර්ශනාව පුර්ණ කරල නිවන් අවබෝධ කරගන්න පුලුවන්)
මේ සමාධි සමාන්‍ය හැමට වඩන්න පුලුවන්.
මේ සමාධි තරමක් අමාරුයි. ඥාණ ශක්තිය අවශ්‍යයි වඩන්න.
අවිතක්ක-විචාර මාත්‍ර සමාධිය = නිවන් මගකි.
අවිතක්ක-අවිචාර සමාධිය = නිවන් මගකි.
වඩන්නේ මෙහෙමයි:
ඉස්සෙල්ලාම හිතේ ස්වභාවය තේරුම් කරගන්න ඕන.
පරන දෙයක් මතක්වෙන එක විපාකය. ඒක නවත්තන්න බෑ. නමුත් ඒකත් එක්ක බැඳී බැඳී යන එකයි නවත්තන්න ඕන. ඒ ඒ මොහොතේ (පච්චුප්පන්න මොහොත) රාග ද්වේශ මෝහයෙන් කරන වැඩ පිළිවෙළ නවත්තන්න ඕන.
විපාකය තියෙනවා, ඒ අව්‍යාකෘතපටිච්ච සමුප්පාදය යි. එතනින් එහාට අභිසංකරන කරන වැඩපිළිවෙළ නිසා තමයි මේ කර්ම සකස් වෙන්නේ.
ඉස්සල්ලම මෙහෙම බලං ඉදල තෝර ගන්නවා මේ හිත උත්සාහයෙන් වීර්‍යයයෙන් තමයි අභිසංකාර කරන්නේ.
එතනින් එහාට ගන්නවා අදහසක්, මේ රාග ද්වෙශ මෝහයන් ගෙන් හැදුනු ලෝකේ අභිසංකාර කරල වැඩක් නෑ කියල.
දැන් හිතට හිතන්න කරන උත්සාහය සහ වීර්යය අයින් කරනවා, ඒ තුල හිතෙනවා – හිතන්නේ නෑ.
දැන් මේ ක්‍රියාව බලන් ඉන්නෙත් හිතෙන්මයි. ඒ තමයි විචාර මාත්‍රය. කර්මස්ථාන ගැනීමක් නෑ. මේ තමයි watcher, observer.
මෙසේ ටිකෙන් ටික හිත, හිත හිතා යන වැඩපිළිවෙළ පටන්ගන්න යන කාලය වැඩි කරගෙන යනවා. මේ කාලය හොදටම වැඩුනම, observer / විතක්කය නවතනවා.
දැන් වැඩෙන්නේ අවිතක්ක-අවිචාර සමාධිය යි.
අවිතක්ක-විචාර මාත්‍ර සමාධිය වඩන්න හිත දිහා බලාගෙන ඉන්න කෙනෙක් දානව (observer) – ඒකයි විචාර මාත්‍ර කිව්වේ. මේක උපක්‍රමයක්.
හිතකට ධම්ම ඇවිල්ල ගැටෙන්න පෙර හිත ප්‍රභාස්වරව හටගෙන තියෙන්නේ හතරවන දැහැනේ. ඒත් ගැටෙන ධම්මත් සමඟ ලෝභ ද්වේශ මෝහයෙන් පටිච්ච වෙලා අපි හිතුවිලි ක්‍රියාවලියක් හදාගන්නවා. එයින් හිත පහළ වැටෙනවා.
එසේ හිත පහළ නොවැටී තබා ගැනීමයි කරන්න උත්සාහ කරන්නේ. එවිට පච්චුප්පන්න මොහොත පවත්වාගෙන යන්න පුලුවන්.
මේ ක්‍රමයේදී ප්‍රිති සුඛ නැත. කෙලින්ම චතුර්තත් ධ්‍යානය – උපේක්ෂා ඒකාග්‍රතා.
මේ හැම එකම වැඩෙනවා ආශ්වාදයෙ ආධීනව නිස්සරනය වැඩීමෙන්.
අසුභ = ආශ්වාදය අසුභයි කියා මෙනෙහි කිරීම (අසුභ සූත්‍රය) .
මරණ = ආශ්වාද මාරයි! කියා මාර න්‍යායට අසුව ඇති සැටි මෙනෙහි කිරීම (සමිද්දි මාර සූත්‍රය).
ආහාර පටික්කූල සංඥාව = සතර ආහාර හෙවත් කෙලෙස් හට ගැනීමට ඉවහල් වන ක්‍රම හතර, ආහාර නම් නැවත නැවත අවශ්‍ය හේතු දීමයි.
පටි-කූ-ආල = බැදෙනව-පහත් වූ දේකට, එයින් මිදෙන හැටි මෙනෙහි කිරීමයි.
සර්වලෝකේ අනභිරත = අභිරත-වලින් මිදෙන්න (??)
අනිච්ච = අනිච්ච බව මෙනෙහි කිරීම.
අනිච්චේ දුක්ඛ = අනිච්ච නිසා දුක බව මෙනෙහි කිරීමයි.
දුක්ඛේ අනත්ත = දුක අනාතයි බව මෙනෙහි කිරීමයි.
අවිද්‍යාවට අර්ථකතන 21යි. දුම්මේජ්ජං කියන්නේ අන්තිම අවස්ථාවයි.
මේ හැම තැනම තියෙන්නේ මාර්ග සත්‍ය වැඩීමයි, විවිධ විදියට.
මේ වචන පද වැරදීමෙන් වූ ගැටලු ටිකක් නිසායි මලමිනී, ඇටකටු දිහා බලාගෙන භාවනා කිරීමට පටන් අරන් තියෙන්නේ.
සිංහයාට උපමා කරල තියෙන්නේ ප්‍රඥාව යි.
ප්‍රඥාව කියන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ඵලයයි. මූලික වන්නේත් අවසන් වන්නේත් ප්‍රඥාවෙන්.
බුදු දහමේ පරස්පර තියෙන්න බෑ.
ආශ්වාද තමයි අසුභ. එයින් මිදීමයි උගන්වන්නේ.
ඉතින් මෛත්‍රිය කියනේ?
බබුණු මෛත්‍රීය වඩා පිසිසු හැදුණු කට්ටිය වැඩියි. සතර වර්ගයේ මිය ගිය ඥාතින් ආවේශ වෙන්න ගන්නාවා.
බබුණු මෛත්‍රීය මේ අයුරින් බහුලව වඩයි:
මම නිදුක් වෙත්වා.
නිරෝගී වෙත්වා.
සුවපත් වෙත්වා.
දුකින් මිදෙත්වා.
නිවන් දකිත්වා.
දැන් මේක් කරුණු වෙන වෙනම අරගෙන බලමු:
බාල = මෝඩකම.
මම නිදුක් වෙත්වා:
බිත්තරයක් වන් මේ කය දරාගෙන එහි නිරෝගීකම පැතීම කොතරම් මෝඩ කමක් ද?
ගිලන් වන මගේ කයේ සිත නොගිලන් වෙයි කියා වැඩිය යුතුයි. ඉතින් මේ කියන්නේ ශාරීරික නිරෝගී කමක් නෙවෙයි.
මේ තවත් තැනක විස්තර වෙන ආකාරය.
රෝග දෙකයි. අවිද්‍යාව සහ භව තෘශ්නාවයි. ප්‍රතිකාරයට බෙහෙත් දෙකයි. සමථ සහ විපස්සනා.
තෘශ්නාවට සමථය බෙහෙත් ය.
අවිද්‍යාවට විදර්ශනාව බෙහෙත් ය. අස්සාද සූත්‍රය බලනන්න.
මේ තවත් තැනක්.
මේ මගන්දිය සූත්‍රයේ කරුණු දෙකක් විස්තර වේ.
1. මෛත්‍රී භාවනාව ගැන.
2. කාශ්‍යප බුදු සසුන වැනසී ගිය හැටි.
පෘථග්ජන ගත වී මෙන් දහම වැසී යයි.
පංච උපාදානස්කන්ධයේ යම් චන්ද රාගයක් ඇතිනම් ඒ රෝගය යි.
1:8:00
නිරෝගී වෙත්වා:
ආර්‍ය මෛත්‍රී භාවනාව:
මම නිදුක් වෙත්වා = සිත නොගිලන් වෙන ආකාරය මෙනෙහි කරයි. එනම් රාග ද්වේශ මෝහයෙන් හිත ලෙඩ වෙන හැටි දැක ඒ ලෙඩේ සනීප කර ගැනීමට රාග ද්වේශ මෝහ තුනීකරයි.
නිරෝගී වෙත්වා.
සුවපත් වෙත්වා.
දුකින් මිදෙත්වා.
නිවන් දකිත්වා.
සත්වයා යනු ආශ්වාදය සත් කියා ගත් වැරදි නිගමණයෙන් යුක්තව සිටීමයි.
නිවන් බෝධිය සත් කියලා ගැනීමයි නිවැරදි. බුද්ධත්වයට පත්වූ තැන් සිට තව දුරටත් සත්වයෙක් ලෙස නොසලකයි.
මෙතන විංඥූතබ්බාධම්මා යනු වැසී ඇති කාරනයකි. එය පරිවර්තන දෝශයක් ද වේ.
ඇසේ හටගන්නා විඥානයේ රාග ද්වේශ මෝහයක් හටගන්නවා නම් එයට විංඥූතබ්බාධම්මා යැයි කියයි.
මෙය චක්කු විඥානයයෙන් දත යුතු දහම් ඇත්ද කියල පරිවර්තනය කිරීම වැරදිය. එයට චක්කු විඥානයයෙන් රාග ද්වේශ මෝහයෙන් යුතුව දත යුතු දහම් ඇත්ද කියා වෙනස් විය යුතුය.
මොකද, සත්වත්වය පනවන්නේ රාග ද්වේශ මෝහ දුරුව නැති නිසායි නිසා.
රහතන් වහන්සේටද චක්කු විඥානය පවතී.
Play this part on YouTube
අති උතුම් සේවයක්. බොහොම පින්