+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[23/32] - සතර ඉරියව්වෙන් වැඩිය හැකි සතර දැහැන් - (Season 08)
අධි චිත්ත - අධි සීල - අධි ප්‍රඥා
Time: 0:3:48

ධ්‍යාන හතර වඩා වාසය කරයි.

බුදු දහම දුකෙන් මිදීමක්. මිදෙන විට යන්නේ සුවයට. සුවය වැඩුවොත් අසීමිත සුව.

රාග ද්වේශ මෝහයෙන් ලැබෙන සුවය ඒකක 10යි නම් මේ ආර්‍ය ධ්‍යාන සුවට 1000ක් කියල හිතන්න. ඇත්තෙන්ම වචන පද ඉක්මවා ගිය සුවයක් සුඛයක්.

සාසන මගේ වඩන්නේ සීල සමාධි ප්‍රඥා නෙවෙයි. අධි චිත්ත – අධි සීල – අධි ප්‍රඥා.

බුද්ධ සාසනයේ සතර ධ්‍යාන වැඩීම තමයි ක්‍රමය (බණ අසා මාර්ග ඵල ලැබීමට අවශ්‍ය ප්‍රඥා ලාභීන් අද අඩුනිසා).
Play this part on YouTube

ආසනය ජය ගන්න බැරිනම් භාවනා කරන්න බෑ වැනි වැරදි මත
Time: 0:20:40

වාඩි වෙලා ඉන්න තැන, විදිය අනුව නෙවෙයි නිවන් දකින්නේ. මේවා පතාංජලික යෝග. මේ වැරදි දේට විරුද්ධව හිතන්න භයයි. පාලකයන් ගේ සහ පූජකයන් ගේ ක්‍රමය මෙයයි. ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ, වලක්වනවා.

උච්චාසයන මහා සයන මෙහිදී විස්තර කරනවා.

මේ සුවයෙන් හතර ඉරියවුවෙන්ම ඉන්න පුලුවන්. රාග ද්වේශ මෝහ අරමුණක් එන්නේ නැති තාක් කල් මේ ධ්‍යාන සුවයේ ඉන්න පුලුවන්. කන්න බොන්න නාන්න යන්න එන්න බණ අහන්න සැතපෙන්න ආදී මේවා කරන්න පුලුවන්.

Play this part on YouTube

ධ්‍යානයේ සිට මෙනෙහි කල යුත්තේ මොනවාද? මේ සූත්‍රය නැවත නැවත කියවන්න.
Time: 0:30:8

මේ ධ්‍යාන කියන්නේ විදර්ශනාවේ පාදකය යි. Base එකයි. ඒ ධ්‍යාන මත ඉදල විදසුන් වඩා අරහත්වය අවබෝධ කිරීමයි කල යුතු.

— මොනවට දෙසන ලද ඒ එකම ධර්මය — කුමක්ද?

ප්‍රථම ධ්‍යානයත් උපදනව ලද හෙයින් කල්පිතයි. හදා ගත්ත එකක්. එනිසා අනිච්චයි. නිරුද්ධවන ගති ඇතියේ ය. ඒ ගතිය මෙනෙහි කරනවා. එසේ කිරීමෙන් එම ධර්ම භාගයෙන්, එම ධර්ම නන්ධියෙන් පංච ඕරාම්භාගික සංයෝජන
දුරු කරයි. ප්‍රථම ධ්‍යානයෙන් එහාට යාගන්න බැරි උනොත් ඕපපාතිකව බඹ ලොව ඉපිද එහිදී අරහත්වය ලබා නිවන් පූර්ණය කරයි.


Play this part on YouTube

තදංග වික්කම්භන සමුච්ඡේද ප්‍රහානයෙන් ඉන්න වෙලාවක තමයි මේ මෙනෙහි කිරීම කරන්නේ **important**
Time: 0:36:43
ධ්‍යානයේ ඉන්නවා කියන්නෙ පංච නීවරනයෙන් වැලකිලා, අකුසලයේ වැලකිලා ඉන්න මොහොතක්. අන්න ඒ වෙලාවක වඩන විදර්ශනාවෙන් තමයි නිවන අවබෝධ කරන්නේ.

කාම භූමියේ රාග … අනිච්ච දුක්ක අනත්ත

පලමු දැහැනට යන්න කාම භූමියේ ඉන්න කෙනා කාම භූමිය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ප්‍රීති සුක ලැබෙනවා. භාහිර සිතුවිලි එනවා (විතක්ක විචාර) තියෙනවා. ඒක මේක මතක් වෙනවා. මේ හැටි.

දෙවන දැහැනට යන්න කාම භූමියේ විතක්ක විචාර, මතක් වෙන හිත දැවටෙන පැතිරෙ සිතුවිලි – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට සවිතක්ක සවිචාර වැඩෙනවා. එවිට ප්‍රීති සුක ලැබෙනවා. විතක්ක විචාර තදංග වික්කම්භන ලෙස යටපත් වෙනවා. එනිසා විතක්ක විචාර සිතුවිලි සමග ගැටුම තුනී වෙනවා.

තුන්වන දැහැනට යන්න ප්‍රීති, සතුටු, සිනා යන ස්වභාවය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ප්‍රීති සුඛ සිතුවිල්ලේ පිහිටි හිතක, ප්‍රීති කොටස තදංග වික්කම්භන ලෙස යටපත් වෙනවා. දැන් හිතට අල්ලා ගන්න තියෙන්නේ සුඛ. ඒනිසායි සිත සුඛයේ පිහිටන්නේ. එනිසා තුන්වන දැහැනේදී සුඛ ඒකාග්‍රතා ඉතිරියි.

මතක තියා ගන්න ඕන, තුන්වන දැහැනට යන්න ප්‍රීති සුඛ යන දෙකොටසෙන් ප්‍රීති කොටස පමණක් – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කරන්න. එහෙම නැති උනොත් අනුපූර්ව වැඩීමක් වෙන්නේ නෑ. සිතට පිහිටන්න තැනක් ඕන.

හතරවන දැහැනට යන්න සුඛය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ඒකාග්‍රතා ඉතිරිවෙනවා. සමාධිය වැඩෙනවා. සමාධියෙන් ප්‍රඥාව වැඩෙනවා.

හැම වටම ඕලාරික දේ අරගෙන ඒක අයින් කරවා. අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කිරීමයි අයින් කරන ක්‍රමය. මේ විදියට කරන විට සිතට පිහිටන්න තැනක් නැතිව යනවා.

අවිද්‍යාව — ස්පර්ශ ආයතන 6යේ ආශ්වාදයේ ආදීනවය නිස්සරනය නොදන්නා කමයි.
විද්‍යාව — ස්පර්ශ ආයතන 6යේ ආශ්වාදයේ අනිච්ච දුක්ක අනත්ත දන්නා කමයි.
Play this part on YouTube

කර්මස්ථාන - කර්ම-අස්ථාන ගත කිරීමේ වැඩ පිළිවෙල
Time: 0:43:53

කර්මස්ථාන වඩන විට කර්මය අස්ථාන ගත වේ.
හුලං භාවනාවෙන් කරන්නේ පුණ්‍යාභිසංකාර මට්ටමයි. ආර්‍ය ධ්‍යාන ඉන් එහාට ගමන් කරයි.
කර්මස්ථාන වඩවන විට – වාක්‍ය කාංඩ කියන විට ඒවා මෙනෙහි කරන්න ඕන (සවිතන්ක්ක) ඒ හැගීමේ ඉන්න ඕන (සවිචාර). මේ තමයි අන්ධයාට දෙන අත්වැල.
මේ අත්වැල අල්ලාගෙන යනවිට හතරවන ධ්‍යානය දක්වා යන්න පුලුවන්. එතනිං එහාට වැඩේ තමාගේ අතේ. මෙච්චර දුර ආ විදියටම ඉතුරු දුරත් යන්න තියෙන්නෙ.
ඉතිං කර්ම අස්ථාන ගත කරන්න පරිසරය සකස් කරල දෙන්න පුලුවන්. කරගන්න එක තමං ගේ වැඩක්.

පාරේ යනකොට කෑගැහුවොත් ඒක අකුසලයක් නම් ඒ වාගේ සිය දහස් ගුණයක් පව් කරගන්නවා ධ්‍යාන වඩන විට යමෙක් eඑල්ල කරන බාධාවෙන්.
ඉතිං කර්ම අස්ථාන ගත කරන්න ඇවිත් කර්ම ස්ථාන ගත කරගන්න ඕනද?

එකම නීතියයි: අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා. මොකද හොයන්න නොතේරෙන නිසායි. එහෙම දන්න එකම කෙනා තථාගතයාණන් පමණයි.
ඒක නිසා ආර්‍ය උපවාද කරගන්නේ නැතිව ඉන්න එක තමයි තමාගේ දේ පමණක් සෙවීම. තමාගේ වැඩේ කරගන්න. අරය මෙයා ඉන්න මට්ටම් සොයන්න ඕන නෑ.


Play this part on YouTube

කයි බොයි දොයි - විනය නීති සහ ඒවාට හේතු - තථාගත විනය නීති හඳුනා ගන්න
Time: 0:58:0
12න් පස්සේ කන්න එපා කියල නීතියක් නෙවෙයි රාත්‍රී ආහාරය නැවැත්වීමයි විනය නීතිය.

අනවශ්‍ය නීති රීති රොත්තක් දාගෙන ඒ ගැන හිත හිත ඉන්නාවා විතරයි කරන්න තියෙන වැඩේ පැත්තක.

අවිද්‍යා පච්චයා සංකාරයෙන් නතර කර ගත්තොත් කර්ම අස්තාන ගත වෙනව. කරොත් කර්ම ස්ථාන ගත වෙනව.
තව විදියකට කිව්වොත් ප්‍රඥාව වැඩීමයි.
තව විදියකර කිව්වොත් ආශ්වාද වලින් මිදෙන විදිය වඩන්න ඕන.


Play this part on YouTube

ආර්‍ය අනාර්‍ය ධ්‍යාන ලාභීන් අතර මරණින් මතු වෙනස
Time: 1:10:49

පුහුදුන් තෙමේ = ආයු ඇති තාක් විඳ චුතව නිරය, තිරිසන්, ප්‍රේත යෝනිවලට ද යයි.

ධ්‍යාන ලාභී අර්‍යයෝ = ගතිය හා උප්පත්තිය ඇති විට ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා දේව/බඹ ලොව ඉපදුනා නම් ආයු ප්‍රමාණය ගෙවා ඒ රූප භාවයේම පිරි නිවයි.

Play this part on YouTube

ධ්‍යාන සල්ලේඛ නොකල යුතු බව - මොකක්ද මේ වචනයේ තේරුම?
Time: 1:15:6

සල්ලේඛ කියන්නේ අධිවචන නිරුක්ති නොදන්නාකමේ වරදක්.
සල්ලේඛ කියන්නේ තණ්හාව යි.

ධ්‍යාන සල්ලේඛ කරන්න එපා කියල මේ කියන්නේ ධ්‍යාන වලට තණ්හා කරන්න එපා කියලයි. ධ්‍යානයේ බැදෙන්න එපා කියන එකයි.

ඇතැම් == කිව්වේ සමහර අය බණ අහලම රහත් වෙනවා. ඒනිසයි.

ඉහාත්මසුඛවිහරනය = රහත් වූ කෙනෙකුට ඉන්න පුලුවන් ධ්‍යාන සුවයයි.

උදාහරණයක්: තුන්වන දැහැන අතහැර උඩට යන්න අමාරුයි. මොකටද eඑච්චර සුවයි. ඒ වෙලාවට සල්ලේඛ කරල උඩට යන්න.

Play this part on YouTube

ලෝකෝත්තර සමාධිය
Time: 1:20:13

ප්‍රත්යුත්පන්න = මේ මේ මොහොතේ.

දැහැනේ ඉන්නකං සුවයි. එනිසා අනාගත විපාකද සැප විය යුතුය.
ලැබෙන සමාධිය කෙලෙසුන්ගෙන් තොරය. ලෝක ආමිසයෙන් තොරය (ලෝකයේ කිසිවක් අල්ලා වැඩූ එකක් නොවේ).
මේ ඥානය තමා තුලම ඉපදුනා කියල තේරුම් යනවා.

කියන දේ තේරෙන, තර්කනය දන්න, සොයා බලන අයට මේ ධ්‍යාන වැඩෙනවා. මේක ඉතා සිහි බුද්ධියෙන් යන ගමනක්.

සිහියෙන්ම සමවදී, සිහියෙන්ම සමාධියෙන් නැගී සිටී.

ලෝකෝත්තර සමාධිය අප්‍රමාණය.

Play this part on YouTube

විමොක්ෂ කතා 3යි. ශුන්‍යත විමෝක්ශය යනු ඇති වෙනකොටම නැති වෙනවා නෙවෙයි. **important**
Time: 1:24:25

ශූන්‍යත විමෝක්ෂය:

මේ ගැන කර්මස්ථානය : රූප නිස්සාරයි. රූපයේ නොඇලෙමි.

පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ සැරියුත් තෙරුන් සහ බුදුන් අතර වූ සාකච්ඡාවේදී මේ ශුන්‍යයතාව මොකක්ද කියල සඳහන් කෙරුණා.

ඒත් මේ දේශනාව පසක තබා වැරදි ආල්ප ගොන්නක් දරා සිටීමෙන් ධර්මය වැසී අද ප්‍රථිඵල අහිමි වෙලා තියෙනවා.

අනිත්‍ය අනු ස්ථිර නැති බව නොවේ. පදාර්ථ ලෝකය ඉපදෙනකොට නැති වෙනවා එනිසා ශුන්‍යයි කියල ඒක ශූන්‍ය කියල වැරදි ලෙස ගන්නව.
ධර්මයේ පදාර්ථයක් ඉපදෙනකොටම නැති වෙනව නෙවෙයි. උප්පතය සංතති ජරතා අනිච්චතා කියන අවස්ථා හතරක් විස්තර කරනවා.

රාග ද්වේශ මෝහයෙන් හදාගන්න ආශ්වාදයේ අසාරත්වය දැකල එහි සාර බවක් නැති බව, එහි අසාරය, ශුන්‍යයතාවය තමයි දකින්නේ. ඒකයි ශූන්‍යතාවය කියල බුදු දහමේ හදුන් වන්නේ.

මෙහෙම පදාර්ථලෝකය ඉපදෙනකොට නැති වෙනවා එනිසා ශුන්‍යයි, එනිසා ඒකර උදය වැය ඥාණය කියල, උදයව්‍ය ඥාණය කියල වැරදියට ගන්නවා.

තවදුරත් මේ වැරද්ද ගෙනෙහින් ශුද්ධාශ්ඨක ඇතිවීම නැතිවීම බලන්න දකින්න කියල උපදෙස් දෙනව, කර්මස්ථාන දෙනවා.

ආශ්වාද ඇතිවීමයි නැති වීමයි කියන දේ තමයි උදා වීම සහ නැති වීම පිළිබඳව ඥාණය. මෙය සුතමය ඥාණයක්. අහල අවබෝධ කරගන්න මූලික ඥාණයක්.

ශුද්ධාශ්ඨක තියා මහා තඩි ප්‍රේතයන් පවා නොදැක්ක අය බොහෝ හිටිය. මුගලන් මහ රහතන් වහන්සේ එවැනි අවස්ථාවක් බුදුන්ට සඳහන් කලවිට බුදුන් ඒ ගැන මීට පෙර පැවසුවේ නැත්තේ අනෙක් අය බොහෝ දෙනෙකුර නොපෙනෙන නිසා ඊර ශාක්ශියක් නැති නිසායි කියා ය. මොකද එහෙම උනොත් අනෙක් බොහො දෙනෙක් බුදුන් කෙරෙහි සැක උපද්වා බොහෝ අකුසල් සිදු කරගන්න්න තිබූ බැවිනි.

මේ ශුද්ධාශ්ඨක පිළිබඳව ඥාණය බුදුන් අනාවරන ඥාණයෙන් දුටුවක් මිස ශ්‍රවක ගෝචර දහමක් නෙවෙයි.

තවත් විටක මේ ශූන්‍යතාව හීනයක් දැක්ක වගේ කියල කියනවා. ඊට පස්සේ හීනයත් අවිද්‍යාව වගේ කියල තෝරනව. හීනයක ගන්න දෙයක් නැති නිසා ඒක අවිද්‍යාව කියල කියනවා. මේකත් වැරදි විග්‍රයක්.
මේ අවිද්‍යාවත් ශූන්‍යතාවත් වැරදිලෙස දැක්වූ තවත් අවස්ථාවක්. මේක “මනංච පටිච්ච ධම්මේච මනෝ විඥානං” කියන වැඩක්.

ශුන්‍යතාව කියන්නේ ආශ්වාදය ශූන්‍ය වැඩපිළිවෙළක්. දහ අටපොලක (ඇස රූපය චක්කු විඥානය…) ආශ්වාදය ශූන්‍ය බව දැන ගැනීම ශූන්‍යතාවය දැන ගැනීමයි.

අනිමිත්ත විමෝක්ෂය:

නිමිති අනුනිමිති ව්‍යංජන අනුව්‍යංජන (various properties, පොඩි පොඩි කෑලි-බෑලි වලට) තමයි යමක් අල්ල ගන්නේ. යමකට හොඳයි සුභයි සාරයි යසයි කියල බැඳීමක් ඇති කරගන්නේ මේවා දැකල.

ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට කැමති වීම. මොනවටද කැමති?
පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට කැමති වීම. මොනවටද කැමති?
කෙනෙක් කාර් එකකට කැමති වීම. මොනවටද කැමති?
කෙනෙක් ගවුමකට සායකට සාරියකට රත්තරං-ආභරණයකට කැමති වීම. මොනවටද කැමති?

මේ “මොනවටද කැමති?” කියන ප්‍රශ්නය තම තමාම අසාගත යුතුයි. මෙය පරීක්ෂණයක්.
හොයාගෙන ගියොත් හම්බවෙයි මේ “කැමති” නිමිති අනුනිමිති ව්‍යංජන අනුව්‍යංජන වලට කියල.

මේ කියන්නේ අදුනාගන්නේ නෑ කියන එක නෙවෙයි.
මේ කියන්නේ දැක්කොත් බලන්නේ නෑ කියන එක නෙවෙයි.
මේ කියන්නේ බලන්නේ නෑ කියන එක නෙවෙයි.
මේ කියන්නේ දැක්කට, බැලුවට නිමිති අනුනිමිති ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ නෑ කියන එකයි. අරගෙන ඒවායේ බැදෙන්නේ නෑ කියන එකයි.

(බලන්නේ වගේම ඇහෙන, දැනෙන, දැනගන්න කියනා කාරණාත් එසේමයි)

දකින්න අහන්න එපා කියන්නේ පරාසරික. ඒක බෞද්ධ ඉගැන්වීම නෙවෙයි.

ප්‍රභාස්වර චිත්තය කිලිටි වෙන්නේ කොහොමද? ඒ චිත්තය කිලිටි නොවී තියා ගැනීමයි මේ කරන්නෙ.

අප්පනිහිත විමෝක්ශය:

ප්‍රණීතයි කියල ගන්න දෙයක් නෑ.

ආශ්වාදය ප්‍රණීත නොවන දෙයක් බව වැඩීම යි.

(අවිතක්ක අවිචාර සමාධියෙන් භාවනා කරන්නත් පුලුවන්.. ඉදිරි කොටස් බලන්න)

විමෝශ මාර්ග කීපයක් තියෙනව.
සතර දැහැන් වඩන එක ක්‍රමයක්. අනික් ක්‍රම තුන තමයි මේ විමෝක්ෂ තුන. ක්‍රම හතරයි.
සතර දැහැන් වඩන ක්‍රමය භාහිර උපකාර ලබාගෙන කරන්න පුලුවන් ක්‍රමයක්. නමුත් මේ විමෝක්ෂ තුන තමා විසින්ම කරගත යුතුයි.
සතර දැහැන් වඩන ක්‍රමය භාහිර ප්‍රත්‍යයේ උපකාරයෙන් කරන්න පුලුවන්, වේගවත් ක්‍රමයක් නෙවෙයි, දුර ගමනක්. හැබැයි ගිහිල්ල ගිහිල්ල හරි තැනට එනව.

මේ මොන ක්‍රමය වැඩුවත් ප්‍රඥාව අත්‍යවශ්‍යයි. එහි මුල වන්නේ ආශ්වාද අනිචයි අසාරයි කියල දැන ගන්න එකයි.
Play this part on YouTube

සමාන ලක්ෂන ඇති වෙනත් වෙනත් වචන ගැන ඇති අනවබෝධය නිසා පටලී ඇති තථාගත සාසනය
Time: 1:39:55

“සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩිය යුතුයි”
37ම වැඩෙන ඒවා මිසක් වඩන ඒවා නෙවෙයි. ඒ බව දැන ගැනීමම නිවන් දැක්කා වගේ නැතිද?

උදාහරණයක්:
සිද්ධාර්ථ කියන්නේ කවුද? එක එක විදියට අදුනලා දෙන්න පුලුවන්. එනම් එකම දේ විවිධ විවිධ නාම ගන්නවා, නාම දෙනවා – නමුත් එකම අදහසයි. මෙහෙම ක්‍රමයක් තියෙන බව වටහා ගන්න ඕන.
දැන් සිද්ධාර්ථ දන්නෙ නැති නමුත් සුද්ධෝදන දන්න කෙනෙක් ඉන්නවා, එයාට සිද්ධාර්ථ හදුන්වා දෙන විට සිද්ධාර්ථ යනු සුද්ධෝදනගේ පුතා බව අදුන්වා දීමයි අවබෝධ කරන්න ලේසි.

A/L විභාගයේ ප්‍රතිඵලය A තුනයි.. //// කියල වැඩුවට A තුන ලැබෙනවද? නෑ. ඒක ඵලයක්. වඩන්නේ A තුන ලබන වැඩපිළිවෙළයි.

උපමා උපමේය දෙන විට ආය හය සමාන වෙන්නේ වධකාර්ථයෙන්.
ඇහැයි කනයි සමානද? නෑ. සමාන ලක්ෂණ නැතිද? තියෙනවා – දෙකම වධයක්, වධයට පමුණුවන්නක්.

කාමයෝ මඩක් වැනියි – මෙයත් තව උපමාවක්.
මේ කියන්නේ කාමය මඩ වගේ ගුරු පාටයි කියන එක නෙවෙයි.

රූපය පෙන පිඩුවක් වගේ (පේන පින්ඩුම සුත්‍රය).
රූපත් හරයක් නෑ පෙන පිඩු වගේ අසාරයි කියලයි මේ කියන්නේ. මේක වරද්දා ගත්තාම රූපත් පෙන පිඩු වගේ ඇති වෙලා නැති වෙලා යනවා කියල අරගන්නවා.

විස්ඝෝර සර්පයා දැක නෑර මෝඩයා
මේ කියන්නේ රාග ද්වේශ මෝහ දුටු තැන මරා දමන්න, නිරෝධ කරන්න කියන එකයි.

Play this part on YouTube