පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
අනාර්‍යන්ද ප්‍රථම ධ්‍යානයට එනවා, නමුත් කාම රාග … තදංග ලෙස ප්‍රහීන නෑ.
Play this part on YouTube
කර්මස්ථාන කිය කිය හිටියට නිවන් දකිනවද? නෑ. සවිතක්ක සවිචාර සහිතව කියන්න ඕන.
සවිචාරය යනු නෙක්කම්මය ගැන සිතීමයි නැවත නැවත සිතුවිලි පහළ කිරීමයි.
මේ ගැන අදුර ගන්න ලෝකය ගැන හිතන විදිය ගන්න.
ආශ්වාද ලෝකය පස්සේ යන්නේ කොහොමද? කාගෙන් හරි ඇහුවා, දැක්කා, දැනගත්ත, හිතට දැනුනා.. දැන් ඒ ගැන හිත හිත ඉන්නවා. ඊට පස්සේ ඒ ගැන කතා කරන්න පටං ගන්නවා, යාලුවන්ට කියනවා. ඊට පසේ සිතුවිලි වලින් පටන් ගත් දේ, කතා මට්ටමට – ක්‍රියා මට්ටමට එනවා. මේ අනුපිලිවෙලින් නැග ඒම විතක්ක විචාරයේ ලක්ෂණයයි. එය නිරෝද කරන්නේ ද එවිට නැගෙන්නේ සවිතක්ක සවිචාර යි.
ඉතින් මේ කර්මස්ථාන වැඩීමේදී සජ්ජානයනා කරන්නේ සවිතක්කයට උපකාර ලෙසයි. සවිචාරය තම තමා විසින් ගොඩනගා ගත යුතුය.
අමාරුම එක සවිචාරය. ඒ කියන එකේම හිත තියෙන්න ඕන. එහෙම නැතුව මිදීමක් නෑ.
Play this part on YouTube
පඨවි මෙනෙහි කරන්නේ නෑ. පෘථිවිය සමකොට බවුන් වඩන ක්‍රමයක් ගැන විස්තර කර ඇත. එනම් පෘථුවිය වගේ නොසැලී ඉන්න කියන එකයි.
වායුව නොවෙයි මෙනෙහි කරන්නේ. වදින තැන නෙවෙයි මෙනෙහි කරන්නේ.
මනසිකාර සූත්‍රය
Play this part on YouTube
සන්ද සූත්‍රය
Play this part on YouTube
ගිනි වලින් නිවිච්ච නිවිල්ල සාපේක්ෂව දකින්න ගන්නවා (extrapolation වගේ) සියල්ලෙන් නිවිල ගියානම් කොපමණ සුවයක් ඇතිද කියන දේ තමයි හිතන්නේ.
මේ සිංහල උනාට වැඩිය තියෙන්නේ සංස්කෘත වචන. ඊලඟට තියෙන පාලි දහම් පාඨය වඩා පැහැදිලියි, එනිසා එය ඉගෙන ගන්න.
තන්හක්ඛය – යනු තණ්හාව ක්ෂය කරනවා නෙවෙයි. ප්‍රභාස්වරව හටගත් හිත ප්‍රභාස්වර තියාගන්න එක තමයි මේ තේරුම.
Play this part on YouTube
බය වෙන්න එපා – ත්‍රිපිටකය කියවන්න.
මහාවංශය මහා ලොකු එකක් කියල හිතාගෙන ඉන්නවා. ඩීමන් ආනන්දගේ නව කතා කියල. මේව හදාපු ගොතාපු කතා. මේවා දරාගෙන ඉන්නවා. මේ පල් හෑලි වලට PHD තියෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා ත්‍රිපිටකය කියවනවාට කැමති නෑ. කියවා තේරුම්ගතහොත් අර බොරු ඔක්කොම ඉවරයි.
මේ කියන පද සියල්ල සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. ඒතං සංතං… යැයි වඩන විට වැඩෙන්නේ මේ ධර්ම යි. මේ පද රැසයි.
මේ කර්මස්ථානය හරියට short note එකක් වගේ. මේක කියවනකොට මුලු note එකම (මනසිකාර සූත්‍රය) මතකයට එන්න ඕන.
Play this part on YouTube
නියියානට්ඨා කියන්නේ නිර්වාණය.
නාසිකාග්‍ර කියන්නේ – න-ආසික (ඇසුරු නොකර පැත්ත) අග්‍ර කිරීමයි.
මේ –ඒතං සංතං ඒතං පණීතං— යන කර්මස්ථානය ඇත්තේ ඇසුරු නොකරන පැත්තයි.
ආර්‍යයෝ නිවන වඩන්නේ නිවන අරමුණු කරලයි.
ධර්ම 3යි:
කාම, ව්‍යාපාද, විහිංසා පැත්තට පාවිච්චි කරන්නේ විතක්ක කියන වචනය.
මේවා නිරෝධක් කල යුතුයි.
සවිතක්ක කියන්නේ මා-වෙන-පැත්තට සං-වෙලා කරන විතක්කයි. මෙදෙන පැත්තට විතක්කයි.
පැනවත් අරිසවුන් හට සැදැහැ පිහිටයි. ප්‍රඥාව මූලිකයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩී අනික්වාට මූලික වේ.
Play this part on YouTube
ප්‍රඥා විමුක්තිය = සතර දැහැන් වඩා, අෂ්ඨවිමෝක්ෂ නොවඩා, ආස්‍රව ක්ෂය කර වෙසෙයි.
උභතෝභාග විමුක්තිය = සතර දැහැන් වඩා, අෂ්ඨවිමෝක්ෂ වඩා, ආස්‍රව ක්ෂය කර වෙසෙයි.
Play this part on YouTube
අන්‍යතර ශාන්ත … – කියන්නේ ආර්‍ය දැහැන් නෙවෙයි. මේක වැඩෙන්නේ නැතිනම් ගන්න එපා කියල දේශනා කරයි. සිත අරමුණු කෙරෙහි වැද ගනී නම්, සතර දැහැන් වැඩේ නම් ඒක වඩා ගෙන යන්න. ඒ ඒ මොහොතේ හුලං වලින් සමාධිය අල්ලා ගනී. ..
… ඒ ධ්‍යානය අවිද්‍යාව බිඳලීමට යොදා ගත යුතුයි. එසේ යොදා ගැනීමේදී අන්‍යතර චේතෝ විමුක්ති වඩන සමහර අයට අවිද්‍යාව බිද හෙලිය හැකිය. …
… ඇතැමුන්ට එසේ අවිද්‍යාව බිදිය නොහැකි ය.
Play this part on YouTube
උභතෝභාග විමුක්තිය = සතර දැහැන් වඩා, අෂ්ඨවිමෝක්ෂ වඩා, ආස්‍රව ක්ෂය කර වෙසෙයි. නිරෝධ සමාපත්තිය දක්වා වැඩිය හැකිය (උපරිමය, ප්‍රඥා විමුක්තිකයාට මෙසේ නොහැකිය). නවාංග විමෝක්ෂයම වඩා ගනී.
මොන ක්‍රමයෙන් ගියත් සම්මා සමාධිය අනිවාර්‍යයි.
Play this part on YouTube
ප්‍රථම ධ්‍යනයට පත්වෙන්න, පත්වෙන විට:
1. කාමය නිසා හට ගත් දොම්නසක් දුකක් නෑ, තිබුනොත් ප්‍රථම ධ්‍යානයට පත් නොවේ. ප්‍රීතිය නොවැඩේ.
2. කාමය නිසා හට ගත් සුවක් සොම්නසක් නෑ, තිබුනොත් ප්‍රථම ධ්‍යානයට පත් නොවේ. ප්‍රීතිය නොවැඩේ.
3. අකුසලය නිසා හටගත් දොම්නසක් දුකක් නෑ, තිබුනොත් ප්‍රථම ධ්‍යානයට පත් නොවේ. ප්‍රීතිය නොවැඩේ.
4. අකුසලය නිසා හටගත් සුවක් සොම්නසක් නෑ, තිබුනොත් ප්‍රථම ධ්‍යානයට පත් නොවේ. ප්‍රීතිය නොවැඩේ.
5. කුසලය නිසා හටගත් දොම්නසක් දුකක් නෑ, තිබුනොත් ප්‍රථම ධ්‍යානයට පත් නොවේ. ප්‍රීතිය නොවැඩේ.
ප්‍රීතිය දැනෙන්නේ හිතට. (විභාගයක් පාස් උනා වගේ…)
සුඛය දැනෙනේ ගතට. (AC එකේ ඉන්නවා වගේ…)
මේ නිවන් සුව නොවෙයි.
මේ වචනය පාවිච්චි කරන්නේ ධ්‍යාන සමාපත්ති වලට. ධ්‍යාන වලට නෙවෙයි.
ධ්‍යානයට ඒකාග්‍රතාවයක් විස්තර කරන්නේ නෑ, ධ්‍යානයේ ඉදගෙන කර්මස්ථාන වඩන්නත් පුලුවන්.
ඒකාග්‍රතාවයේදී ඒ මොකවත් කරන්න බෑ, අර කර්මස්ථාන අංග වල හිත පිහිටල තියෙනවා.
මේක වැරදි පරිවර්තනයක්.
විවිච්චකාමේහි – ඡන්ද කාම ය, රාග කාම ය, ඡන්දරාග කාම ය, සංකල්ප කාම ය, රාග කාම ය, සංකල්පරාග කාම ය — 6යි. මෙයින් වැලකී යෑමයි.
විවිච්චඅකුසලේ – දස අකුසල යි. එනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්චා — 5යි. මෙයින් වැලකී යෑමයි.
විවිච්චකාමේහි, විවිච්චඅකුසලේකියන්නේ රාග ද්වේශ මෝහයන්ගෙන් මිදිලා පංච නීවරන දුරුකර ගත්තාට පස්සේ.. කියන එකයි. මේ මට්ටමට සතර සති පට්ටානය වඩන්න ඕන.
ඊට පස්සේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව (විවිච්චකාමේහි, විවිච්චඅකුසලේ) විතක්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
පසන්නා ලද — පිරිලා තියෙනවා. මුලු කයම සුඛ ගුලියක්, සුව ගුලියක්, මුලු ඇගම පිරිලා තියෙන්නේ.
කරජකාය – ඝණ කය
උදකයා – වතුර
(කොයි පැත්තෙන් වත් වතුර් එලියට වැටෙන්නේ නෑ… සංතෘප්තයි)
විතක්ක විචාර නිරෝධවී යනවා.. ප්‍රථම ධ්‍යානයේ උපන් ප්‍රීතියත් සුඛයත් තියෙනවා, එම සුඛ තව වැඩෙනවා.
වූපසම = අයින් වෙනවා
උදකයා – වතුර
(කොයි පැත්තෙන් වත් වතුර් එලියට වැටෙන්නේ නෑ… සංතෘප්තයි)
විලට වතුර පිරෙන්නේ නෑ. වහින්නේ නැ. නමුත් විල තුලින්ම සිසිල් ජල ධාරා නැගී විල තුල සීතලෙන් තෙමයි.
ඇග සීතලෙන් සුව දැනෙනවා. කයට දැනෙන සුවයක්.
Play this part on YouTube
ඕලාරික දේ තමයි ප්‍රීතිය, එය අරගෙන ප්‍රහීණ කළ විට තෙවන දැහැන වෙත වැඩීම සිදුවේ.
හරියට වතුරෙන් උඩට එන්න හදන නෙලුම් පොහොට්ටුවක් සිසිල් දියෙන් පිරිල තියෙනවා වගේ මුලු ඇගම සුඛයෙන් තෙමී යනවා.
Play this part on YouTube
තුන්වන දැහැන පූර්ණවීගෙන හතරවන දැහැනට එනවිට ආලෝක පෙනෙනවා.
මෙතෙනදීත් ඕලාරික දේ අනිච්ච දුක්ක අනත්ත ලෙස දකින්න. එවිට තුන්වන දැහැනෙන් හතරවන දැහැනට වැඩීම සිදුවේ.
සුඛ ප්‍රහාණය නිසා උපේක්ෂාව උපදිනවා. ඒ උපේක්ෂාවෙන් ප්‍රභාස්වර චිත්තය පවත්වාගෙන යන්න පුලුවන්. කිලිටි කරන දෙයක් නැගී නොඑන තෙක්.
එනම් අව්‍යාකෘත කුසල විපාක පටිච්චසමුප්පාදය.
සිත ප්‍රභාස්වර නිසා ආලෝක පේනවා. මුලින් විවිධ වර්ණත් පසුව වැඩිවී ගොස් සුදු ආලෝක පේන්න ගන්නවා. පේන ආලෝක තම කය වැසී යන මට්ටමට, එනම් සුදු රෙද්දකින් පොරවා ගත් මට්ටමට දැනන ගානට එනව.
පාරිශුද්ධ පර්‍යවදත චිත්තයෙන් පහළවේ.
Play this part on YouTube
ප්‍රථම ධ්‍යානයෙන් ඉන්න විට රාගය ප්‍රහීන කරයි. එනම් අනෙක් හැමවිටම රාගයෙන් සිටී.
චතුර්තත් ධ්‍යානයෙන් අවිද්‍යා ප්‍රහාණය කෙරේ.