+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Start - සම්මාදිට්ඨිය විස්තර කිරීම
Time: 0:3:24

බාන – හැදෙන්නේ පටිච්චයෙන්


Play this part on YouTube

මිදෙන්නේ කොහොමද? රාග නොනගින ලෙස ඉන්නේ කෙසේද?
Time: 0:12:59
ප්‍රථම ධ්‍යානයේ දිගින් දිගටම සමවැදි වැදී ඉන්නා ඕන.

රබර් බෝලයක් උඩ ඉඳන් බිම වැටෙන එක උදා හරනයට ගන්න. ඒක රාග අනුව සයනය වීමට උදාහරණයක්.
නැවත නැවත ආහාර නොදීමෙන් නිරෝධවේ.


Play this part on YouTube

සම්මා - නිරුක්තිය
Time: 0:19:8
මිදීමට බැදෙනවා (මජ්ජ, සං, පටිච්ච).

එවිට අනුපූර්වකව මිදි මිදි යනවා.

චන්දය චන්දයෙන් ප්‍රහානය කරයි.


Play this part on YouTube

දස වස්තුක මිත්‍යාදෘෂ්ඨිය - නිවන් නොලැබීමට හේතුවක් - අක්ඛණ සූත්‍රය
Time: 0:23:49

දස වස්තුක මිත්‍යාදෘෂ්ඨිය

නොතේරෙන ඔප්පු කල නොහැකි සියලුදේ පිළිගන්නට එපා කියන මතය නිසා බොහෝ දෙනා දස වස්තුක මිත්‍යාදෘෂ්ඨියට පත්ව සිටිති.
Play this part on YouTube

සම්මා දිට්ඨියේ අගය
Time: 0:28:4

ලමු – තිත්ත

මේවගේ සම්මා දිට්ඨිකයා සහ මිත්‍යා දිට්ඨිකයා දකින්නේ දෙවිදියකට.

භද්‍ර – හොඳ


Play this part on YouTube

ගෙවාහල දුක් ප්‍රමාණය
Time: 0:32:50

සෝතාපත්තියට පත් පුද්ගලයා:

Play this part on YouTube

ප්‍රඥාවේ වර්ග **important**
Time: 0:39:39

ආකාරවතී සද්ධාව හටගනී. (නොයෙන් නොයෙක් ආකාරයෙන් ධර්මය අසා ලබන ප්‍රඥාව – මේලෙස ලැබීමෙන් ආස්වාද ආදීනව නිස්සරනයට යොදා තේරුම් ගත හැකිය)

සුතමය ප්‍රඥාව – අසාදැනගත් මූලධර්මය මහාපදෙස බලා විමසයි. මතකයෙන් උත්සාහයෙන් සසදා බලයි.

මහාපදෙස – ආස්වාද ආදීනව නිස්සරනය ගැන දැනගත් ප්‍රඥාව.

චින්තාමය ප්‍රඥාව – සුතමය ප්‍රඥාව මෙසේ නැවත නැවත විමසද්දී, පිරික්සා බැලීමේදී, සිතින් නැවත නැවත බැලීමේදී, යෝනිසෝමනසිකාරයෙන් **තමා තුලම** තේරුම් කරගනී, චින්තාමය ප්‍රඥාව ඇතිවේ.

භාවනාමය ප්‍රඥාව – චින්තාමය ප්‍රඥාව සහ සුතමය ප්‍රඥාව යන දෙආකාරයෙන් දැනගත් දේ යෝනිසෝමනසිකාරයෙන් තේරුම් කරගනී. එයින් යම් නුවණක් උපදීද ඒ භාවනාමය ප්‍රඥාව යි.
Play this part on YouTube

සම්මාදිට්ඨිය වර්ග
Time: 0:48:21

කම්මස්සගත සම්මාදිට්ඨිය – කර්ම කර්ම-විපාක, පිං කල යුතුයි යන අදහස අනුව වැඩකරන අවස්ථා.
ධ්‍යාන සම්මාදිට්ඨිය –
මාර්ග සම්මාදිට්ඨිය –
ඵල සම්මාදිට්ඨිය –
Play this part on YouTube

ආශ්වාද හැර අනෙක් සියල්ලටම භයවූ පඹ ගාලක පැටලුන ලෝකය
සම්මා දිට්ඨිකයා නොසැලෙන කෙනෙකි
Time: 0:56:55

හිඹුල්පුලුන – පුලුන් කෑල්ල


Play this part on YouTube

සම්මා සංකප්ප
Time: 1:0:57

දෙක දෙක විස්තර වෙනවා.

නෙක්කම්ම, අව්‍යාපාද, අවිහිංසා ලෙසය.


Play this part on YouTube

සම්මා වාචා
Time: 1:10:37

මෙයද දෙපරිදිය:

මිච්ඡා (මිත්‍ර – ලෝකයට මිත්‍ර වී) වාචා (කතා කරන වචන)
සම්මාවාචා – ලෝකයෙන් මිදෙන පැත්තර කරන කතාව
Play this part on YouTube

සම්මා කම්මන්ත **important**
Time: 1:20:8

මෙයද දෙවිදියකි.

ලෞකික විදියද, නිවන් දකින විදියද ඇත.

ලෞකික විදිය අකුසලයිනම් අපාගත වීම හෝ කුසලයි නම් දිව්‍ය මනුශ්‍ය ආදී සුගති සම්පත් ලබයි.

ලෝකෝත්තර මාර්ගය නම්:

තුන් කාය දුශ්චරිතයෙන් දුරුවීමයි. ආශ්වාද ආදීන නිස්සාරණය.

ආශ්වාදය හරයක් නැතිනම් ඇයි මමමේ හොරකම් කරන්නේ, ඇයි පර පන නසන්නේ, ඇයි කාමයේ වරදවා හැසිරෙන්නේ කියා සිතයි.

මෙසේ අවබෝධයෙන් ලෝකෝත්තර සම්මා කම්මන්තයට පත්වේ. එනම් ආශ්වාදයෙන් මිදිය යුතුය යන අදහසට අනුව ක්‍රියා කිරීමයි.
Play this part on YouTube

සම්මා ආජීවය
Time: 1:27:50

නිමිත්තශීලීබව -කවුරුහරි එනවිට හොද කෙනාවගේ ඉන්නවා
ලාබයෙන් ලාබය සෙවීම – තමන්ට ලැබෙන දේ තව කෙනෙකුට දීලා ඊට වඩා ලාභයක් බලාපොරොත්තු වීම

මෙයද දෙ-ආකාරයේ ය.

මිච්ඡා ආජීවයෙන් වෙන්වීම සම්මා ආජීවයයි.
Play this part on YouTube

End of Program - Questions Next
Questions - පරදත්තූපජීවීන්ට කොහොමද මිනිසුන්ට නැති පෙර ආත්ම දැකීමේ නුවණ තියෙන්නේ?
Time: 1:35:12
මේ මිච්ඡා ඥාන පහල වීමකි.
Play this part on YouTube
Question - විදර්ශනාවට අනිච්ච දුක්ක අනත්ත සම්බන්ධ කරන්නේ කොහොමද?
Time: 1:38:11
නොපින වූ බව දැනගෙන මෙනෙහි කරන්න.
Play this part on YouTube
Question - යුගනන්ද වැඩීම
Time: 1:39:23
සමතය හරි විදියට දැන ගන්න ඕන. සම අත. වස්තුකාම ක්ලේශ කාම ආශ්වාද ආදීන නිසරනය දැක්ක දාට සමතයයි.
විදර්ශනා වෙන්නේ ඒ දුටුදේ තමා නොපුනවූ ආකාරය දැකීමයි. පංචනීවරන දුරු උනොත් සමත විදර්ශනා යුගනන්දව වැඩෙනවා.
Play this part on YouTube
Question - සීලබ්බත පරාමාස මොනවාද?
Time: 1:41:8
සිල් වෘත රැකීමයි.
Play this part on YouTube
Question - පටිච්ච සමුප්පන්නව Car එකක් හැදෙන්නේ කොහොමද?
Question - ආයතනයක් වන්නේ කොහොමද?
Question - මෝහ පටිච්චසමුප්පාදයක් කියල තියෙනවද?
Time: 1:49:32
එහෙම නෑ. විචිකිච්චා උද්දච්ච ඇතිවෙනව.
Play this part on YouTube
Question - සියලුදේ අනිච්ච කිව්වට එයට තියෙන බැදීම නැති කරන්නේ කොහොමද?
Time: 2:11:42
දස අකුසලය මුල් කරගෙන ජාති බෙදනවා මිසක් රටවල්, භාශා, වර්න යොදා බෙදීමක් නැත.
Play this part on YouTube
Question - රහතන් වහන්සේලාගේ ස්වභාවික චතුර්ත ධ්‍යානය ද?
Time: 2:25:0
දැහැනක ඉන්නා කෙනාට වඩා වෙනස්.
Play this part on YouTube
Question - මහා පරිනිබ්භාන සූත්‍රය තුල විස්තර කරන ධ්‍යාන ආර්‍ය ධ්‍යාන ද?
Time: 2:26:58
ඔව්. ධ්‍යාන විභංගය බලන්න.

AN6-සන්ද සූත්‍රය ද බලන්න.
Play this part on YouTube

Question - මනස තුලින් විඳින තුන් කාල වේදනා?
Time: 2:28:36
මනසට තුන් කාලයක් අරමුණු කරන්න බෑ. කැටි කිරීමක් තමයි කරන්නේ.

අත්ථි, නත්ථි මූලධර්ම ය.
Play this part on YouTube

Question - මනස තුලින් ධම්ම හටගන්නේ කෙසේද?
Time: 2:30:9
ඕර අංශුවලට අනුවයි. චේතනා ඒ අනුව වෙනස් වේ.
Play this part on YouTube
Question - මතක - ධම්ම - කර්ම අතර වෙනස කුමක්ද?
Time: 2:32:3
phone එකේ සින්දුව speaker එකෙන් වාදනය වෙනවා වගේ.

කලින් කරන ලද කර්ම වලට අදාලව නිකුත් වූ ඕරා අංශු විශවයේ තැන්පත්ව ඇත. මේ තමයි කර්ම ශක්තිය. චේතනාවට අනුව සිදුවන කර්ම සෑදීම.
ඒක හරියට phone එකේ තැන්පත්වූ සිංදුවක් වගේ.

සිංදුව play කරන වෙලාව තමයි විපාක දෙන වෙලාව. සිංදුව blue-tooth speaker එකක උනත් play කරන්න පුලුවන් – වයර් සම්බන්ධයක් නැතිවම.
මෙතනදී මනස තමයි head-එක, සුද්ද උනාම අතීත නාම රූප හොදින් කියවා ගත හැකියි. මේ කියවන්නේ මතක.

ධම්ම වලින් තමයි මේවා (read කරල ගන්න ඕරා නැවත) නිර්මාණය කරල දෙන්නේ.

ඒ වගේ විශ්වයේ තැන්පත් වූ මේ ඕරා නැවත කියවා බැලිය හැකිය. (තව තැනක මා ඇසූ පරිදි, අන්තඃ කල්ප 40ක් යනවා ඔය ඕරා සම්පූර්ණයෙන් විනාශයට පත්වෙන්න නම්)

මේ තැන්පත් වූ ඕරා නැවත කියවිය හැකියි ක්‍රම දෙකකට. එකක් මෝහණයෙන්. අනෙක ධ්‍යාන තලවලදී පෙර විසූ කඳ පිළිවෙල ආවර්ජනා කිරීමෙන්.

Play this part on YouTube

Question - කාම මිත්‍යාචාරයේ නිරුක්තිය - කාමයට මිත්‍ර ඇසුර
Question - අපි සෝවාන්‍ යැයි දන්නේ කොහොමද?
Time: 2:45:26
චතුරාර්‍ය සත්‍ය ධර්මය අසා දැනගත්තට පස්සේ ආශ්වාද ගැන සත් හොඳයි කියල ගත්ත දෘශ්ඨිය නිරුද්දයි. සක්කාය දෘෂ්ඨිය නම් එයයි.

විච්කිච්චාව – විකෘති කෘත්‍යයට තිබුනු රැවටීම (ඉච්චාව) නිරුද්ධයි.

මෙච්චර කල් සිල්වෘත පරාමර්ශනය කලා සීලබ්බත පරාමාස ඉවරයි.

මේ බව දැන ගත්තම සෝවාන් බව දැන ගත හැකිය.
Play this part on YouTube

Question - උපතින්ම නැති අත ආයේ හැදෙන්නේ නැත්තේ ඇයි?
Time: 2:48:9
පෙර කර්ම වල විපාකයි ලැබෙන්නේ.
Play this part on YouTube
Question - නෙක්කමය තුල ජීවත්වෙනවා - පපුවේ සීතලක් තියෙනවා
Question - නිරෝධ සමාපත්තියේ දී පරිනිර්වාණය
Time: 3:5:58
තද නින්දක උදාහරණ ය.
Play this part on YouTube
Question - සතර දැහැන් වැඩීමෙන් පසු
Question - සවිතක්ක සවිචාර කියන්නේ මොකටද?
Time: 3:14:25
කර්මස්ථාන කියන්නේ අමුතු එකක් නෙවෙයි – ධර්මයේදී අසාගත් දෙයයි. බණ අසාගත් දෙයයි. නැවත නැවත මෙනෙහි කරන එක තමයි කර්මස්ථානය. එවිට නැගෙන්නේ සවිතක්ක සවිචාර යි.
Play this part on YouTube
Question - කබලිංකාර ආහාර **important**
Time: 3:18:29
මෙය අයිති වෙන්නේ ධම්ම ලෝකයේ යි.

මෙය අභිධර්ම පිටක්යේ විග්‍රහ කර ඇත.

මේවා මනට වදින ධම්ම ලෝකයේ ඇති ආහාරයකි.

හපල කන දේ නෙවෙයි.

ධ්‍යාන සහ සමාධි වැඩීමෙන් රාග දෙවේශ මෝහ ප්‍රහානයෙන් මේ ආහාරය ප්‍රහීන කල හැකිය.
Play this part on YouTube