+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[14/32] - නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත - (Season 08)
Qestions - සොරකම සහ දානය - මෙය ඒ ඒ මොහොත අනුව ගන්න
Qestions - පෙර භවයේ කුසල් මතු කර ගන්නේ කෙසේද? සමනන්තරය හදා ගන්න.
Qestions - ජීවිත තුල පින පව මත සියල්ල සිදුවේද?
Qestions - නිස්සරණය කරන්න ඕන රාගයෙන්
Qestions - අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ රූප කොටස නැත්තේ ඇයි? **important**
Time: 0:7:26
රූප කොටස නැති වෙන්නේ මෙහෙමයි…
යමක් දෙයක් දැකල / බලලා ඒක සමඟ පටිච්ඡ උනාම අවිද්‍යා පච්චය සංකාරා .. කියල විඤ්ඤාණයක් හදා ගන්නවා.
විඤ්ඤාණයට අනුව නාම-රූපයක් හැදිල ඕරා අංශුවක් පිටවෙනවා.
නමුත් භාහිර ලෝකයේ යමක් දැකල ඒ ගැන අභිසංකාර කරගන්නේ නැතිව ..

උදාහරණයක්:
කැසට් පටියක රෙකෝඩ් කරල තියෙන දේ ඒ දිහා බැලුවට හොයන්න බෑ.
ඒ පටිය අරගෙන රෙකෝඩ් ප්ලේයරයේ දාල බැලුවම රෙකෝඩරයෙන් පටිගත කරපු දේ ප්‍රතිනිර්මාණය කරල දෙනවා.
ඒ දිහා බලන්න, ඒක අහන්න දැන් පුලුවන්.

රෙකෝඩ් කරනවා කියන්නේ අභිසංකාර කරන වැඩපිළිවෙළ යි. ප්‍රතිනිර්මාණය විපාක ලෙස ලැබෙන අවස්ථාවයි.
ප්‍රතිනිර්මාණය කිරීමේදී අලුතෙන් හැදීමක් නෑ, නිර්මාණය කරපු දේමයි නැවත නැවත හදන්නේ.

සංකාරයේදී තමයි හදන්නේ. ඒකෙදි තමයි නාම රූප හැදෙන්නේ.

විපාක පටිච්ච සමුප්පාදයේදි වෙන්නේ එසේ තැන්පත් කල (විපාක පිනිස රැස් කල කර්ම?) නැවත විපාක දීමයි.

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ කෙලෙස් නැත. නාම විතරක් ඇත (රූප නැත), අවිද්‍යාව නැත, තණ්හාව නැත, උපාදාන නැත.

රූපයක් දැකල මූලිකව කෙරෙන අඳුනාගැනීම කරන්නේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන්. ඒ ටික විපාක. ඊට පස්සේ තමයි ඒ අදුනා ගත් රූපයට රාග ද්වේශ මෝහ පටිච්චයෙන් කෙලෙස් සකස් කරගන්නේ. එතෙනින් තමයි අවිද්‍යා පච්චයා සංකාරා කියන පටිච්ච සමුප්පාදය පටන් ගන්නේ.
Play this part on YouTube

Question - ශරීරය කෙරෙහි අසුභ සේ බලා රාගය දුරු කර ගත හැකියි නේද? නැත.
Question - එකිනෙකට නොගැලපෙන නිරුක්ති - මූල අර්ථ කථන වෙනස් කරන්න හොඳ නෑ - වැරදි සංඥාවක් දෙන්න හොඳ නෑ
Question - රාගාදී පෙයියාල සූත්‍රයේ එන විදියට මෘත ශරීරයක් දිහා බලා අසුභය වඩන්න කිව්වා නේද?
Time: 0:21:22
එම සූත්‍රය හරියට තේරුම් කර ගන්න ඕන.
Play this part on YouTube
Question - සත්වයා යනු කරණීය මෙත්ත සූත්‍රය අනුව
Time: 0:27:10
සත්ව යනු රාගය හැදින්විය හැකි නමකි. නැතුව දිහ කෙටි මහත කෙට්ටු සතුන් නෙවෙයි.
Play this part on YouTube
Question - රහතන් වහහන්සේට පංචස්කන්ධය තිබේද?
Question - ශාක පටිච්ච සමුප්පාදයට අනුව මිනිසෙක් මරණින් පසු ගසක් විය හැකිද? ගති ආකර්ශන මූලධර්මය **important**
Time: 0:33:3
නොහැක.

මේ ශරීරය 410THz සංඛාතයෙන් ගැහෙන සුද්දාශ්ඨක සමූහයකි. එයින් විසිවන (සිත්) දෙයින් විශ්වය (ගස් කොලන් ඇතුලු සියලු ජීව දේ) සෑදේ.

ගසක් කියන්නේ අභ්‍යන්තර නාම රූපයෙන් සැදුනක්. එනිසා ගසකින් මිනිසෙක් වත් මිනිසෙක්ගෙන් ගසක් වත් නිර්මාණය වන්නේ නැත.

අභ්‍යන්තර නාමරූපය මුල් වෙලා තමයි ඊලඟ කර්ම භවයට යන්නේ.

ඒ ගතියට අදාල දේ ඒ ඒ ගතියට එකතු වේ – ගති ආකර්ශන මූලධර්මය.
Play this part on YouTube

Question - සතර ආහාර නිරෝධය
Question - චිත්ත මනෝ මානසං හදයං සහ පටිච්ච සමුප්පාදය
Question - මලගිය අයට කරන පුණ්‍ය ක්‍රියාවකින් සිදුවන්නේ මොකක්ද? පත්‍යානුමෝදනාවකි. ප්‍රත්‍ය දීමකි. **important**
Time: 0:46:11
කෙරෙන්නේ කැමති අයට ගොඩයන්න ප්‍රත්‍යක් දීමකි. අවිල්ලා පින් කරගන්න අවස්ථාවක් ඒක.
පිං අනුමෝදනාවට එන්නේ ඒ අනුව සිතන්න පුලුවන් වූ අයයි. ඒ සමග ගැටුනු අය පිං අනුමෝදන් කරන වෙලාවෙත් ගැටිලා එතැනට එන්නේ නෑ.
ප්‍රේත ලෝකය සතර අපායට අයිතියි. ඒ අය දරන්නේ කලු අව පැහැ ශරීර, කලු කිරන.
පිං අනුමෝදන් වනවිට ඒ අය සමනන්තරයක් සදා ගන්නවා පිං පමුණුවන කෙනාට. එවිට පිං (සුදු කිරණ) ලැබී අර කලු කිරන අඩුකරනවා. එවිට ඒ ප්‍රේතයාට සතුටක් උපදින වා. සතර අපාය දුකට සෑදුනු තැනක්. සතුට එතන පවතින්නේ නෑ. එනිසා ඒ ප්‍රේත ආත්මභාවයෙන් මිදී යනවා.
Play this part on YouTube
Question - රහතන් වහන්සේගේ ආයතන - අභිසංකාර නිරෝදය
Question - කර්මස්ථානය වඩන අතරතුර නිවනටද සිත යොමු කරන්නේ කෙසේද?
Time: 1:4:0
පෙර තිබිච්ච දුක / ගිනි දැන් අඩු unaa එතෙන නැති නිසා නිවුන ලෙස ගන්නවා.

මේ නිවීම උනේ රාග ද්වේශ මෝහ ගිනි නිවීමෙන්. අන්න ඒ නිවීමටයි හිත හියන්නේ.
Play this part on YouTube

Start - විදර්ශනා කල යුත්තේ කුමක් ද?
Time: 1:8:27

උපාදාන නෙවෙයි, උපාදානීය ධර්ම මේවායි. ඒවායේ ආදීනව (ආස්වාද) නැවත නැවත දකින්නාගේ මිදීම සිදුවේ.
තණ්හාවට කලින් තමයි ආස්වාද කියල තියෙන්නේ.


Play this part on YouTube

උදේ ඉදන් රෑ වෙනකන් කර්මස්ථාන කියෝ කියෝ ඉදල ධ්‍යාන වඩන්නේ කොහොමද? මේ තමයි අනුපූර්ව විඤ්ඤාණ නිරෝධය.
Time: 1:12:15
රූපයක් දැක්කම සමස්ථ රූපයටම බැදෙන්නේ නෑ.

කෑල්ල කියන වචනය හැදිල තියෙන්නේ එහෙමයි. අපි බලන්නේ බැදෙන්නේ ඒ රූපයේ කෑල්ලකට විතරයි.

මූලික හැගීම් භාශාව (මූල මාගදී භාශාව – මේ ගැන වහරක හිමියන්ගේ විග්‍රහයද බලන්න, අහන්න).

Play this part on YouTube

විදර්ශනා කල යුත්තේ කුමක් ද?
Time: 1:19:34

ඉතුරුවූ හාසය – ඉතිහාසය

පච්චුප්පන්න මොහොත – ලෝබ ද්වේශ මෝහයෙන් ඒ ඒ මොහොතේ කෙලෙස් සදා ගන්නා මොහොත.


Play this part on YouTube

ප්‍රභාස්වර චිත්තය **important**
Time: 1:24:46

උපන් සිත කෙලෙස් ඇති එකක් නෙවෙයි.

සිත ධර්මයනට මුලින් හටගනී. ඊට පස්සෙයි කෙලෙස් හටගන්නේ.

සිතයි පෙරටු.
Play this part on YouTube

ප්‍රභාස්වර චිත්තය ගොඩනැගීම
Time: 1:28:55

යස්මිං සමයේ … අන්න එතෙන ඉදන් බලන්න. සංකාර පච්චයා විඤ්ඤාණං – ඒ කියන්නේ සංකාරයෙන් පටං ගන්නේ. නාමරූප නෑ. නාම විතරයි තියෙන්නේ.
මේ කියන්නේ දැන ගත්ත දේ දැන් බැලීමයි. විපාක. මේ තමයි අම. මේ තමයි රහතන් වහන්සේලාගේ පටිච්ච සමුප්පාදය.
පෘතග්ජනයා මේක ඉවර වෙනකොටම අවිද්‍යා පච්චයා සංකාරා… කියන පටිච්ච සමුප්පාදය (රාග ද්වේශ මෝහයෙන් පටිච්චයෙන්) පටන් ගන්නවා. අම-කා ගන්නවා.

මෙතෙන කලිං සාකච්ඡාවට වලදී වැරදී ගිය තැනක්. රහතන් වහන්සේත් චිත්ත මනෝ මානසං හදයං පණ්ඩරං … කියන 9යම තියෙනව. මානසං වලින් නවතින්නේ නෑ.

නාමං = වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය

තණ්නක්කය = තණ්න+අක්ඛය = ප්‍රභාශ්වර චිත්තය තණ්හාව නිසා අක්කය උනා.

උදා: කලු ගල ඇතුලේ පිළිමේ තියෙනවා, අනවශ්‍ය කොටස් එවත් කර පිලිමය මතු කර ගන්නවා.

ප්‍රභාස්වර චිත්තය කියන්නේ විපාකයක් මිසක් අභිසංකාර කර හැදූ එකක් නෙවෙයි.


Play this part on YouTube

චේතනාවෙන් කල යුතු දෙයක් නැත
Time: 1:43:29

සිල් කියන්නේ පිහිටපු සීල – මාර්ග ඵල ලාභීන් අට දෙනා.

අභිචේතනා නිරෝධ කිරීමයි.
Play this part on YouTube