චතුරාර්‍ය සත්‍යය අවබෝධය ඉලක්ක කළ මෙම දේශනා වටිනා ධර්ම කරුනු රාශියකින් සමන්විතයි.
විවිධ අවස්ථා වලදී, විවිධ වසර වලදී මෙම දේශනා සිදුකර ඇත.
In Brief:
— Will be added here —
URL to listen:
In Brief:
මහා කම්ම විභංග සූත්‍රය
බුදුරජාණන් වහන්සේ කර්මය බෙදා දක්වමින් සිදුකළ මෙම සූත්‍රය, කර්ම කර්ම-ඵල ගැන අපට නිතර අසන්නට නොලැබෙන හෙළි පෙහෙළි කර දෙයි.
සමිද්ධි ස්වාමීන්වහන්සේ සහ පෝතලී පුත්ත තාපසයා අතර ඇතිවූ සන්වාදයක් මූලික කරගෙන මෙම දේශනාව සිදුවිය.
පෝතලී පුත්ත තාපසයා මෙසේ බුදුන්වහන්සේගෙන් ඇසූ බව කියයි.
කයෙන් කරන ක්‍රියා වල විපාක නැත.
වචනයෙන් කරන ක්‍රියා වල විපාක නැත.
මනෝ කර්මය පමන්යි විපාක දෙන්නේ.
චේතනාවක් පහළ කොට කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් කරන විට එසේ කරන්නා කිනම් ආකාරයේ විඳීමක් විඳියි ද?
එවිට සමිද්ධි ස්වාමීන්වහන්සේ මෙසෙ උත්තර දුන්හ:
චේතනාවක් පහළ කොට කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් කරන විට එසේ කරන්නා කලාට පස්සේ විඳින්නේ දුකක්.
මේ ප්‍රකාශය පිළිනොගත් පෝතලී පුත්ත තාපසයා යන්නට ගියේ ය.
මේ ප්‍රකාශයන් අලලා මෙම සූත්‍ර විග්‍රහය කර ඇත.
චේතනාවක් පහළ කොට කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් කරන්නා සැප විපාකයක් ලැබිය යුතුද ඒ තැනැත්තා එසේ විපාක ලබයි.
චේතනාවක් පහළ කොට කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් කරන්නා දුක් විපාකයක් ලැබිය යුතුද ඒ තැනැත්තා එසේ විපාක ලබයි.
චේතනාවක් පහළ කොට කයින් වචනයෙන් මනසින් යම් කර්මයක් කරන්නා උපේක්ෂා විපාකයක් ලැබිය යුතුද ඒ තැනැත්තා එසේ විපාක ලබයි.
එසේ විපාක ලබන විදිය විග්‍රහ කරමින්, කර්මය විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ මෙම මහා කර්ම විභංග සූත්‍රය දේශනා කළ සේක.
ලොකයේ පුද්ගලයන් 4 දෙනෙක් දක්නට ලැබේ.
1. සමහරෙක් දස අකුසලයේ යෙදෙයි. ඉන් සමහරෙක් මරණයෙන් මතු දුගතිගාමී වෙයි.
2. සමහරෙක් දස අකුසලයේ යෙදෙයි. ඉන් සමහරෙක් මරණයෙන් මතු සුගතිගාමී වෙයි.
3. සමහරෙක් දස කුසලයේ යෙදෙයි. ඉන් සමහරෙක් මරණයෙන් මතු සුගතිගාමී වෙයි.
4. සමහරෙක් දස කුසලයේ යෙදෙයි. ඉන් සමහරෙක් මරණයෙන් මතු දුගතිගාමී වෙයි.
විවිධ දෘෂ්ටිය වලට අයත් තාපසයෝ සමාධිය ලබා ඥාන උපදවා මින් එකක් දැක ගනී. එවිට ඔවුන් ඊට අනුව නිගමනයකට පැමිනේ.
අනෙක් විදියක් ඔවුන් නොපිළිගනී. තමා දුටුදේම නිවැරැදි බවත් අනෙකක් වැරදි බවත් ඔවුන් කියයි.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
දස අකුසල ක්‍රියාවේ යෙදෙන සියල්ලෝම දුගතිගාමී වන්නේ නැත. ඇතැම්හු සුගතියේ උපදිති.
දස කුසල ක්‍රියාවේ යෙදෙන සියල්ලෝම සුගතිගාමී වන්නේ නැත. ඇතැම්හු දුගතියේ උපදිති.
දුගතියේ උපන් සියල්ලෝ පෙර ජීවිතයේ අකුසලයේ යෙදුණු අය නොවෙති. කුසලයේ යෙදුණු අයද ඒ අතර වෙයි.
සුගතියේ උපන් සියල්ලෝම පෙර ජීවිතයේ කුසලයේ යෙදුනෝම නොවෙති. අකුසලයේ යෙදුණු අයද ඒ අතර වෙයි.
උදා:
අපුත්තක සිටුවරයාගේ කතාව.
සල්ලි තිබිලත් ප්‍රයෝජනයට ගත්තේ නැත, ගන්න සිතුනේ ද නැත.
ඒ පෙර භවයක පසේ බුදු රජාණන්වහන්සේ නමකට දුන් දානයක පිනත්, එසේ දුන් පසු ඒ දුන් දානය ගැන ලෝබ සිතින් පසුවීමේ පවත් විපාක ලෙස ලැබීම නිසායි.
සිටුවරයා ඊට විපාක ලෙස 7 වතාවක් සිටු තරනතුර ලැබීය. නමුදු ලද සම්පත් ප්‍රයෝජනයට ගන්න නොලැබිණ.
එක් ආත්ම භාවයකදී තමාගේ පුතෙකු ඉඩම් ආරවුලක් නිසා ඝාතනය කරන ලදි. ඒ නිසා ඉන් මතු ආත්මයන් හීදී පුතුන් නොලද්දේ ය.
සිටුවරයා කළ පිං ගෙවමින් ජීවත් උනත්, මිත්‍යා දෘෂ්ටිකත්වය නිසා අලුතින් පිං රැස් කලේ නැත.
මරනින් මතු නිරයේ ඉපදී දුගතිගාමී විය.
37:20
මිත්‍යා දෘෂ්ටිය සමාදන් වීමේ භයානක කම මෙහිදී දේශානා කරන ලදි.
කොහොඹ ඇටය සරු පොලොවේ හැදුනත්, නිසරු පොලොවේ හැදුනත් එහි මුලත්, පොත්තත්, කොලයත්, ඵලය යන සියල්ලම තිත්තමය.
මිත්‍යා දෘෂ්ටිකයා කරන කවර (කරන, කියන, සිතන) ක්‍රියාවේ ඵලයද එලෙසම නීරසය. — (මේ ගැන තවත් පැහැදිලි කරගත යුතු ය, සොයා බැලිය යුතුයි).
දිට්ටධම්මවේදනීය ලෙස මෙම භවයේම විපාක දෙයි.
උපපජ්ජවේදනීය ලෙස ඊලඟ භවයේ විපාක දෙයි.
අපරාපරීයවේදනීය ලෙස යම් මතු භවයක විපාක දෙයි.
38:55
“විපාක නොදී, චේතනාත්මකව කළ කර්ම විපාක නොදී අවසනි නොවේ.” — (මේ ගැන තවත් පැහැදිලි කරගත යුතු ය, සොයා බැලිය යුතුයි).
යමෙක් තමාගේ අවසන කාලයේදීවත් පින් රැස් කලේද, සුගතියේ උපදී.
චතුරාර්‍ය සත්‍ය අවබෝධ නොකළ අයෙකුගේ (පෘතග්ජන)සසර ගමනේ භයානක කම මෙහිදී පෙන්වා දෙයි.
41:45
අවසාන කාලය සහ අවසාන කාලය පිළිබඳව.
අවසාන කාලය ගත කළ හැටියට ඊළඟ භවයට විපාක දෙයි.
චුති සිතට අනුව විපාක දෙන බවක් මෙහි දක්වා නැත. — (මේ ගැන තවත් පැහැදිලි කරගත යුතු ය, සොයා බැලිය යුතුයි).
46:35
පෘතග්ජන පුද්ගලයකුගේ සසර අවධානම ලෝනපල සූත්‍රයේදී දක්වා ඇත.
පුංචි වීදුරුවකට (පෘතග්ජන පුද්ගලයා) දමන ලුණු කැටයක් නිසා ඒ වීදුර්වේ වතුර ලුණු රස (දුගති ගාමී) වෙයි.
මහා ගංගාවකට (මාර්ගඵල ලාබියා) දමන ලුණු කැටයක් නිසා ඒ ගංගාවේ වතුර ලුණු රසට (දුගති ගාමී) නොපෙරළෙයි.
49:40
පෘතග්ජන පුද්ගලයකුට මේ සසරෙන් එතර විය නොහැක්කේ කර්මය නිසායි.
ඒ හරියට කරත්ත රෝදයට ගැසූ කඩ ඇනය වාගේ.
50:00
යමෙක් පවෙන් වැලකී කුසලයේ යෙදෙයි නම් ඒ කෙනා ඊළඟ උත්සාහ කළ්යුත්තේ සද්ධානුසාරී වීමටයි.
සද්ධානුසාරී කෙනා ඊළඟ උත්සාහ කළයුත්තේ ධම්මානුසාරී වීමටයි.
සද්ධානුසාරී හෝ ධම්මානුසාරී කෙනා කළටුත්තේ සෝතාපත්ති ඵලයට උත්සාහවන්ත වීමයි.
සද්ධානුසාරී හෝ ධම්මානුසාරී අයෙක් නියත වශයෙන්ම ඊළඟ ජීවිතයේ දුගතියකට පත් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනාකළ සේක.
සෝතාපන්න කෙනා නියත වශයෙන්ම නිවන අවබෝධ කරයි. කෙදිනකවත් දුගතිගාමී නොවේ.
(නියතෝ සම්බෝධි පරායනෝ)
55:00
යමෙක් ධර්මයේ අරුත දනීදැයි දැනගත හැකි විදියක්, ලකුණක් වෙයි.
යමෙක් උපන් රාගය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් ද්වේශය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් මෝහය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් රාගය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් මාන්නය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් ඉරිසියාව ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් ක්‍රෝධය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් බද්ද වෛරය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් එකට එක කිරීමේ හැගීම ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
යමෙක් උපන් මාන්නය ප්‍රහීන කිරීමට නොවෙහෙසෙයි ද,
එවැනි කෙනා ධර්මයේ අරුත නොදනී.
ධර්මයේ අරුත නොදැන ධර්මය අසන, කියවන, රකින්න උත්සාහ කරන්නා ව්‍යාංජනය අනුභව කරනු වෙනුවට එය කරතබා ගෙන යන්නෙකි.
asdasdad
සැ:යු:
57:00 සිට අවසාන මිනිත්තු 7 – කෙසේ හෝ ශ්‍රවණය කරන්න.
කුසල් කරන්න.
අකුසලයේ නොයෙදෙන්න.
චතුරර්‍ය සත්‍ය අවබෝධයට මහන්සි ගන්න.
URL to listen:
In Brief:
— Will be added here —
URL to listen:
In Brief:
— Will be added here —
URL to listen:
In Brief:
— Will be added here —
URL to listen:
In Brief:
— Will be added here —
URL to listen: