ධ්‍යානයේ ඉන්නවා කියන්නෙ පංච නීවරනයෙන් වැලකිලා, අකුසලයේ වැලකිලා ඉන්න මොහොතක්. අන්න ඒ වෙලාවක වඩන විදර්ශනාවෙන් තමයි නිවන අවබෝධ කරන්නේ.
කාම භූමියේ රාග … අනිච්ච දුක්ක අනත්ත
පලමු දැහැනට යන්න කාම භූමියේ ඉන්න කෙනා කාම භූමිය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ප්‍රීති සුක ලැබෙනවා. භාහිර සිතුවිලි එනවා (විතක්ක විචාර) තියෙනවා. ඒක මේක මතක් වෙනවා. මේ හැටි.
දෙවන දැහැනට යන්න කාම භූමියේ විතක්ක විචාර, මතක් වෙන හිත දැවටෙන පැතිරෙ සිතුවිලි – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට සවිතක්ක සවිචාර වැඩෙනවා. එවිට ප්‍රීති සුක ලැබෙනවා. විතක්ක විචාර තදංග වික්කම්භන ලෙස යටපත් වෙනවා. එනිසා විතක්ක විචාර සිතුවිලි සමග ගැටුම තුනී වෙනවා.
තුන්වන දැහැනට යන්න ප්‍රීති, සතුටු, සිනා යන ස්වභාවය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ප්‍රීති සුඛ සිතුවිල්ලේ පිහිටි හිතක, ප්‍රීති කොටස තදංග වික්කම්භන ලෙස යටපත් වෙනවා. දැන් හිතට අල්ලා ගන්න තියෙන්නේ සුඛ. ඒනිසායි සිත සුඛයේ පිහිටන්නේ. එනිසා තුන්වන දැහැනේදී සුඛ ඒකාග්‍රතා ඉතිරියි.
මතක තියා ගන්න ඕන, තුන්වන දැහැනට යන්න ප්‍රීති සුඛ යන දෙකොටසෙන් ප්‍රීති කොටස පමණක් – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කරන්න. එහෙම නැති උනොත් අනුපූර්ව වැඩීමක් වෙන්නේ නෑ. සිතට පිහිටන්න තැනක් ඕන.
හතරවන දැහැනට යන්න සුඛය – අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කල යුතුය. එවිට ඒකාග්‍රතා ඉතිරිවෙනවා. සමාධිය වැඩෙනවා. සමාධියෙන් ප්‍රඥාව වැඩෙනවා.
හැම වටම ඕලාරික දේ අරගෙන ඒක අයින් කරවා. අනිච්ච දුක්ක අනත්ත ලෙස මෙනෙහි කිරීමයි අයින් කරන ක්‍රමය. මේ විදියට කරන විට සිතට පිහිටන්න තැනක් නැතිව යනවා.
අවිද්‍යාව — ස්පර්ශ ආයතන 6යේ ආශ්වාදයේ ආදීනවය නිස්සරනය නොදන්නා කමයි.
විද්‍යාව — ස්පර්ශ ආයතන 6යේ ආශ්වාදයේ අනිච්ච දුක්ක අනත්ත දන්නා කමයි.
මේ කොටස සම්පූර්ණයෙන් අහන්න: