අනිච්ඡාතවය තුල ඇති අනිත්‍යභාවය මෙහිදී රතුපස්කැටියේ විමුක්තිරතන හිමියන් වීසින් පැහැදිලි කර දෙන ලදි. ඒ ගැන කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන් මෙසේ විස්තර කරයි.
ඒ විග්‍රය අනුව ත්‍රිපිටකයතුල අනිත්‍ය කියා වචනයක් නැත (47:30). එහිදී උන්වහන්සේ අනිච්ච තමයි වචනය (කියා පිළිගත්) නමුත් එයට ‘ඡ’ යොදා අනිච්ඡ ලෙස භාවිතය වැරදි කියා සඳහන් කල සේක.
මෙහිදී ‘කැමැත්ත පරිදි නොපවතින හෙයින්’ දුක හටගන්නේය යන අර්ථය මානසික දුකක් පමණක් බවත්, නෙත්තිප්රකරණය උපුටා දක්වමින් එහි ගැඹුරු අර්ථය ස්කන්ධ ධර්මතාවයට අනුව පැනවූවක් බවත් එය දුක්ක සත්‍ය මිසක දුක්ක ආර්ය සත්‍ය නොවන බවත් සඳහන් කරයි. වහරක හිමියන් ඇතුලු සියලුම දෙනා දුක සහ දුක්ක සත්‍ය වරද්දා ගත් බවත් මෙහිදී සඳහන් කිරීමට යෙදිනි. මෙය කොතරම් නිවැරදි ප්‍රකාශයක් දැයි සොයා බලා තේරුම් ගත යුතුය.
මීට මාස කීපයකට පෙර තිබූ තත්ත්වය සලකා බලනවිට මෙසේ අනිච්ච කියා දෙයක් තමයි ත්‍රිපිටකයේ තිබිය යුත්තේ කියා හෝ තේරුම් ගැනීම වටිනා කාරණාවකි. තවමත් එය අනිත්‍ය ලෙස කල සිංහල පරිවර්තනය වැරදි බව නම් මේ විද්වත් මඩුල්ලට වැටහී ඇති බවක් පෙනෙන්නට නැත. එයින් අදහස සම්පූර්ණයෙන් වෙනස් උනා කියල තේරුම් යන්න තවත් කාලයක් ගත වේවි.
ප්රශ්නය එය නොවේ. මේ අයට මේ ටික තේරුම් යනතුරු අසා තේරුම් ගත් අයගේ දහම් මාර්ගය වාරනයට ලක් කිරීමට මෙවැනි වඩසටහන් තුල පසුබිම සලසා දීමයි. මහජන මතයක් ගොඩනැගීමට කටයුතු යෙදීමයි.
මේ සටහනෙන් අදහස් කරන්නේ මිනිත්තු 47 සිට ඉදිරියට වූ කොටස ගැන සාකච්ඡා කිරීම පමණි. ඊට කලින් රූප රාමුවල පෙන්වූ අරණ ධම්ම හිමියන් හෝ බොරැල්ලේ සුමන හිමියන් කල ප්‍රකාශ ගැන නොවන බව කරුණාවෙන් සලකන්න.
මේ ගැන වැඩි විස්තර මේ දේශනා තුල ඇත:
https://www.youtube.com/channel/UC0wT4wXEPgVGqIVy9gsrioQ/search?query=dhukka
https://www.youtube.com/channel/UC0wT4wXEPgVGqIVy9gsrioQ/search?query=dukka
මේ විනාඩි 5ක දේශනය අහන්න – පදය පමණක් පරම කර යමක් තේරුම් ගැනීමේ භයානක බව මෙහිදී උන්වහන්සේ ඉතා සරලව පැහැදිලිකර දෙයි:
2569 වන දේශනාව අසන්න – එහි කියා තිබෙනවා සතර බණවර භාවිතයට පැමිණි හැටි සහ කටපාඩම් කරගෙන (අර්ථ නොදැන?) මේ දහම පරම්පරානුගතව පැමිණි හැටි.
මේ දේ අසා දැනුවත් වන්න. කෙනෙක් විවේචනය කිරීමට පෙර, තව කෙනෙකුගේ ධර්ම මාර්ගය වසා දැමීමට පෙර එය කොතරම් නිවැරදිද කියා සිතා බලන්න.