+1-778-834-5353 info@namaroopa.com
Select Page

රූප 28 යි (අටවිසි රූපය).

භූත රූප 4 යි. (පඨවි, ආපෝ, තෙජෝ, වයෝ)
උපදාය රූප 4 යි. (භූත රූප 4 නිසා පවතින නිසා)

සූත්‍ර පිටකයේ දක්වා ඇති විදියට මේවා ද්‍රව්‍ය ලෙසට ගනී.
අභිධර්ම පිටකයේ දක්වා ඇති විදියට මේවා සලකන්නේ ක්‍රියා ස්වභාවයන් ලෙසට යි.
හරියට විදුලි ආකර්ශණ බල වගේ ශක්තීන් සමූහයක්.

සූත්‍ර පිටකයේ මේවා වෙන වෙනම ස්වභාවයන් ලෙසට දක්වා තිබුනත් අභිධර්ම පිටකයේ
ඒවා හැම සකස් (සන්කත) වූ දෙයකම අඩු වැඩි වශයෙන් ඇති ස්වභාවයන් ලෙස දක්වා තිබේ.

කලුගල්, වතුර, සුලඟ, හිරුගේ එළිය, උනුසුම, සීතල ආදී හැම දෙයකම භූත රූප 4ම අඩු වැඩි වශයෙන් ඇති ස්වභාවයන් ලෙස දක්වා තිබේ.
පඨවි – කර්කශ ස්වභාවය යි. කැපෙන – ඇනෙන, තද, රළු, මට්ටම්, මොලොක් ආදී ස්වභාවයන්. උදා: පිහිය. (B1 — 117p)
ආපෝ – පිඬු කරනා ස්වභාවය යි. අලෙන, වැගිරෙන ස්වභාවය යි. උදා: සිමෙන්ති කුඩු වලට වතුර දැමීම. (B1 — 117p)
තෙජෝ – උෂ්ණ හා සීතල ස්වභාවය යි. අනෙක් ධාතූන් 3 පාලනය කරන බලවත් ධතුව මෙයයි. උදා: ඉටි දිය වීම, ජලය නටන විට හුමාලය. ආප්පයේ ඇති ගින්දර හේතුවෙන් ආප්පයට ජාති, ජරා, මරණ(B1 — 118p)
වයෝ – පිම්බෙන ස්වභාවය යි. උදා: කොට්ටයක ඇති පුලුන් නිසා කොට්ටය පිම්බී පවතී පුලුන් වල ස්වභාවය කොට්ට උරයට සාපේක්ෂව වායෝ ධතුවේ ස්වභාවය යි. (B1 — 120p)

කර්කශ ස්වභාවය එකක් ය පඨවි ධාතුව තව එකක් ය කීම වැරදියි. මේ දෙකම එකම ස්වභාවය යි. අනෙක් ධාතූන් සඳහා ද එසේම වේ.

සතර මහා ධාතුවේ සංයෝජනයේ වෙනස්කම් නිසා විවිධ ද්‍රව්‍ය අපට හමු වේ.