+1-778-834-5353 info@namaroopa.com
Select Page

සත්‍ය…

A brilliant answer for-
නිවන පමා වන්නේ ඇයි?

Why Nibbana is getting delayed?

unveiled Truth – Topics

Path To Nibbana (A to Z)
Nothing Can Kept to My Wish
In the depth of Mind
Decoding Complex Topics of Dhamma
Patibana or the Removal of Defilement
Meditation

Our Only Resque / Refuge

We Have

Answers

There was such a time… You were not allowed to ask questions. Even if you did, there was no one to give a satisfying answer. An answer that can cut off defilement from lust, hatred, and delusion. Dhamma was all mixed up and results were scares to come. It all changed.

Delaying to break away from 5 Hindrances

Obstacle consisting of action (කර්මාවරන)

Obstacle consisting of the afflictions (ක්ලේශාවරන)

Obstacle consisting of retribution (විපාකාරවරන)

Upavada (Obstacle due to unjust blames / උපවාදාවරන)

Anaviwithkkama-avarana (Obstacle due to non believing by not-understanding / ආනාවිතික්කමාවරන)

Nava-Vida-Agada Vastu (Obstacle of Nine different misunderstandings / නව විද ආගාද වස්තු නොදැකීම)

Reasons for the Delay

There are number of reasons for why Nibbana is getting delayed.

The main reason is not being able to break free from Five Hindrances.  Then another reason is many of the covering natures of Dhamma.

Read below for a full disclosure.

නිවන පමා වීමට හේතු?

නිවීමට පමාවෙන්න හේතු රාශියක් බලපාන බව මේ වටිනා ධර්ම දේශනයට සවන් දෙන ඔබට දැන ගන්න ලැබේවි.

සැකවින් දක්වනවා නම් එම කරුණු මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. වැඩි විස්තරාත්මක කරුණු පහත ඇත.

සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් තවත් බොහෝ කරුණු විස්තරාත්මකව දැනගත හැකිවනු ඇත.

පංච නීවරනයෙන් වෙන් වීමට කල් ගැනීම

කර්මාවරන

ක්ලේශාවරන

විපාකාරවරන

උපවාදාවරන

ආනාවිතික්කමාවරන

නව විද ආගාද වස්තු නොදැකීම

2019 Updated

This is a play list containing latest published videos from Waharaka Temple.

Other Channels

Follow Here… for all the other interesting, hand picked YouTube Channels for Dhamma Explores.

Few channels listed here are:

  • Nirapekshathwaye Maga
  • Ven. Dhammadhinna Mehenin
  • Waharaka
  • Nisala Arana
  • Buddhanusasana

YouTube Channel

Visit the YouTube channel to listen 105 CDs of Dhamma Surmons preached by Waharaka Abayarathanalankara Thero. All Dhamma Talks are delivered in Sinhala Language. If you are an Enlgish speaker, try Nirapekshatwaye Maga or Dharmayai Obai YouTube Channels.

පංච නීවරන (Main 5 Covers)

නීවරන ධර්ම හෙවත් නිවන ආවරනය කරන ධර්ම ප්‍රධාන වශයෙන් පහකි.

  1. කාමච්ඡන්ද
    1. තමා කැමැති විදියට පවත්වන්න, සුබයි යසයි, සාරයි කියන අදහස ඇති අන්දභාවය.
    2. කාමය නිසා හිත අන්ධ වීම.
  2. ව්‍යාපාද
    1. කාමච්ඡන්දය හේතුවෙන් ඇති වෙන දෙයක් තමයි කැමැත්ත ඇති දේ වසඟයේ පැවැත්වීමට යෑම.
    2. එවිට වැය වෙන පැත්තටම යනව.
    3. එසේ ගිය විට ලැබෙන උප්පත්තිය දුගතිය. සතර අපාය.
    4. වටිනවා කියන හැඟීමෙන් යමක් ලබා ගන්න, කැමැති විදියට පවත්වන්න කරන සටන, කැමැත්ත. මේක නවතින්නේ කාමච්ඡන්දය මුලාවක්, වටිනා කමක් නැති දෙයක් ලෙස දැකීමෙන්.
  3. ථීනමිද්ද
    1. යම් ස්ථානයක් (ථීනය) ගන්න යනව; දඟලන්නෙ, පොරකන්නේ ඒ තැන ගන්න.
    2. තැන-මිඳු කියන්නේ මේ සඳහා යොදන සිංහල වචනය.
    3. යම් අදහසක, සිතුවිල්ලක හෝ හොඳයි කියා ගත් කෙලෙසක මිදී, ගල්වෙලා, හිරවෙලා ඉන්නව.
    4. කෙලෙස් නින්දෙන් අවදිවව් කියා කිව්වේ මේ හේතුවෙන්.
    5. යමක ඇලිලා මිඳුනම, ගලවන්න බෑ. ලෝකයට ඇලිලා, ලෝකයේ මිඳිල. ගැලවෙන්න බැරි වෙනවා. මේක පාපයක්. පාප චෛතසිකයක්.
    6. මේ කියන්නේ නිදා ගැනීම නොවේ. සැතපීම නොවේ.
    7. මමත්වයෙන් අරගත්ත තැන ඉද්ද-ගැහුවම ථීන+මිද්ද වෙනව.
    8. කාමච්ඡන්දය දුරුවෙනවිට ථීනමිද්දයත් නැති වෙනව.
  4. උද්දච්ච කුක්කුච්ච
    1. අච්ච=වැරදි. උද්ද=මහ, කුක්කු=කුඩා
    2. උද්දච්ච=මහවැරදි, කුක්කුච්ච=කුඩා වැරදි
    3. වැරදි=වැර(වීර්‍ය දාගෙන)+ඇදි(ඇදිල ඉන්නව, හිරකරගෙන, හිර වෙලා ඉන්නව)
    4. මහවැරදි හෝ කුඩා වැරදි වලට වැරදාල ඇදිල ඉන්නවා නම් එතෙන උද්දච්ච කුක්කුච්ච
  5. විචිකිච්ඡා
    1. කිච්ඡ=කරන කටයුතු, චි=විවේචනාත්මක, වි=විකෘතිය
    2. විචිකිච්ඡා යනු සැකය ලෙස ලගු කොට නොගත යුතුය.
    3. උදාහරණයක්: මුගලන් හිමි ලොව කෙරවල සොයා යෑම.
    4. විකෘති චිත්තයකින් කරන කටයුතු හෙවත් වැරදි ක්‍රියා කාරීත්වය.
    5. මේ තත්ත්වයට හේතුවත් කාමයච්ඡන්දය.

ආවරණ ධර්ම (Other Covers)

ආවරණ දහම් — පංච නීවරනයෙන් වෙන් වීම ඉක්මන් නොවීමට විවිධ වූ ආවරණ දහම් හේතු වෙනවා. මේවයින් පරිස්සම් වෙන්න ඕන. නීවරන දුරු කරන වැඩේ බහා නොසිටින්නේ ඇයි? කියන ප්‍රශ්නයට උත්තරේ තියෙන්නේත් මේ හේතු තුල.

කර්මාවරන

සියලු අනන්තරීය අකුසල මේ යටතට වැටෙනව.
උදාහරණ: අජාසත්
පියා මැරූ ආනතරීය අකුසල හේතුවෙන්.
පියා නොමරා සිටියානම්, මේ අත්බයේම සෝවාන් වෙන්න පිං තිබුනා.

 

ආනන්තරිය  අකුසල

  1. මව මැරීම
  2. පියා මැරීම
  3. රහතන් වහන්සේ කෙනෙක් මැරීම
  4. බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම / තුවාල කිරීම
  5. සංඝ භේදය / බුදුන් නොකියූ-නොපැනවූ යමක් කීවා-පැනවූවා යැයි කියා අන් අය මුලා කොට සංඝයා භේද වීම.

ක්ලේශාවරන

කෙලෙස් හේතුවෙන් නිවන් පමා වෙනවා. දස අකුසලය අයත් වන්නේ මේ කෙලෙස් ආවරණයට.

  1. ප්‍රාන ඝාත (Killing)
  2. සොරමැර කම් (Taking what is not given)
  3. කාම මිත්‍යා චාරය (Excessive of sense pleasure)
  4. බොරුව (Lying)
  5. කේලම (Slandering)
  6. පරුෂ වචනය (Harsh Speech)
  7. සම්ප්‍රප්පලාපය (Frivolous Talk)
  8. ලෝභය / අභිජ්ජා (Covetousness, greed for others’ belongings)
  9. ද්වේශය / ව්‍යාපාද / සතර අපා වැය පාදය (ill-will, hatred)
  10. මෝහය / මිච්ඡාදිට්ඨිය (Wrong Views)

මේවා අත් අරින්ඩ දෙයක් නෑ. අත් හැරෙනවා. අත් හැරීම පමා වෙන්නේ ඇයි?

  1. දහම නොතේරීම හේතුවෙන්.
  2. අසාර බව නොතේරූම් යාමයි.

විපාකාරවරන

  1. පාපයේ ප්‍රතිපලය ඝන-භාවයට/කල් යෑමට පත්වීම හේතුවෙන් විපාකාවරන යෙදේ.
  2. යම් වරදක් අප්‍රමාදීව, වරද වරද ලෙස දැන තේරුම් ගෙන, කමා කරවා ගෙන, නැවත නැවත ත්‍රිශික්ෂාවේ පිහිටමින් නිවැරදි වී, ධර්ම මාර්ගය වැඩිය යුතුය.

උපවාදාවරන

  1. ආර්‍යන්ගේ ආර්‍ය ගුණය තේරුම් ගැනීමට නොහැකිව ආර්‍යන්ගේ ගති ලක්ෂණ විවේචනය කිරීම.
  2. අනාර්‍යයන් දකින්නේ නීච, බයාදු, දුබල, උදාසීන ගති විදියට.

ආනාවිතික්කමාවරන

  1. නොගැලපෙන දෙයක් අරගෙන දහම පිළිගන්නේ නැතැයි අපවාද කිරීමෙන් ආනාවිතික්කමාවරනයට හසුවේ.
  2. අරිහත්වයට පත් උනත් සර්වාකාර්‍යයෙන් දැකීමේ හැකියාව නැත. ඒ හැකියාව ඇත්තේ බුදුන්ට පමණි.
  3. එවිට යමක් තම මතයට නොගැලපේ යැයි කියා, තමාට නොවැටහේ යැයි කියා ප්‍රතිකේෂ්ප කළොත්, හෙලා දැක්කොත් මේ ආවරනය යෙදේ.
  4. අවබෝධයෙන් පිළිගැනීමට කොටසක් ද, ඒ අවබෝධය තුල සිට ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු කොටසක් ද තිබේ.

නිවන් දකින සීලය… (Method)

සීලය නම් වතක් නොවේ. සිත කෙලෙසන දහම් තමා තුල නැති බව වැටහෙනව. ක්‍රියාවේ අවංකත්වයක් තමාටම පේනවා. මේ නිවන් දකින ක්‍රමය යි. ප්‍රඥාවෙන් නුවණ මෙහෙයවා, අසාරවු ලෝකය හඳුනාගෙන, නිවන් දකී.

  1. පෙර ප්‍රාණ ඝාත බලාපොරොත්තු තිබුන නම්. දැන් නෑ කියල දකිනවා.
  2. පෙර අදත්තාදාන බලාපොරොත්තු තිබුන නම්. දැන් නෑ කියල දකිනවා.
  3. පෙර කාම මිත්‍යාචාර බලාපොරොත්තු තිබුන නම්. දැන් නෑ කියල දකිනවා. මෙසේ ක්‍රියාවෙන් අවංක බව තමාටම පෙනෙනවා. එලෙසම:
  4. බොරුව නෑ.
  5. කේලම නෑ.
  6. පරුෂභාවය නෑ.
  7. ප්‍රලාපය නෑ. එනිසා මම දැන් වචනයෙන් පිරිසිදුයි.
  8. ලෝබ ගතිය නෑ.
  9. ද්වේශ ගතිය නෑ.
  10. මෝහ මුලා ගතිය නෑ. එනිසා හිත පවිත්‍රයි.

මෙසේ දස අකුසලයෙන්ම වෙන් වෙනව. ක්ලේශාවරනයෙන් වෙන් වෙනවා. වර්තමානයේ සුද්ද සිතකින් කෙලෙස් බිඳී යනවා.

පෙර මම ප්‍රභා (නැවත බිහි වීමට) අස්සර (සැරීම අතහැර) – ඒ ඒ තැන බිහිවී සැරීමට ඇති කැමැත්ත දැන් මගේ ලඟ නෑ.

ඒ ඒ තැන බිහිවී සැරීමට ඇති කැමැත්ත නැතිවූ දාට නැවත උපතක් හදන්න හේතු හදන කර්ම රැස්කිරීම නවතිනවා. නිවී යනවා.

 

පසුව අසන්න ලැබුණු ධර්ම් දේශනාවල තව දුරටත් අසන්න ලැබුනා. එනම්:
ඔබ මේ ජීවිත කාලයේ ආනන්තරීය පාපයක් කරල නැතිනම්, ඇස් පේනවා නම්, කන්දෙක් ඇහෙනව නම්, කියන දේ තේරුම් ගන්න පුලුවන් නම්, තේරුම් ගත්ත දේ නුවණ මෙහෙයවා අවබෝධ කරගන්න තරම් ඥාණ ශක්තික් තියෙනව නම් (දුශ්ටක්ශන අටට අහුවෙලා නැතිනම්) – ඔබට නිවන් දකින්න පුලුවන්.

ඔබට නිවන් දකින්න පුලුවන්.

Ho To Nibbana   A-Z

Nibbana

Road Map

Decoding

Dhamma

Meditation

& Liberation

Deep Core

The Nuts and Bolts

Questions

Buddhists Answer

Home

Go back to Home