+1-778-834-5353 info@namaroopa.com
Select Page

උත්තම වූ ආර්‍ය සංඝරත්නය වඳිමි

සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං..!!!

මේ  පිටුවේ ඇති කරුණු උත්තම ආර්‍ය සංඝ රත්නය
කවුද යන්න සොයා ගත නොහැකි වූ පිරිස් සහ අනෙකුත් අය විසින්
සිය අදහස් හුවමාරුවේදී ගොඩනගා ගත් වාද තෝරාගත් කොටස්‍ ය.

A Healthy Conversation is Neccessary

To the development of Dhamma, it has to be open and alive. When dhamma is open it shines. 2500 years ago when Buddha disclose dharma to world he took many examples, meanings and local knowledge to make it understandable to his audiance. If dhamma is not conversed and kept locked in to a book the letters and words will be there unchanged however the meaning will be lost and soon will be meaningless to many who would listen and follow, bringing the dhamma to RIP.

Unless this is desired, you and me and all of us should encourage discussing dhamma and future development of it and carrying its real meaning for modern age with its true essense.

බුදුදහමේ භාවිතා වන වචන භාවිතා කල පමණින් එය බුදුරජාණන්වහන්සේගේ ධර්මය වනවා ද? බුදුරජාණන්වහන්සේ කෙනෙකු ලොවට පහලවන්නේ නිර්වාණාවබෝධය කරනා මාර්ගය කෝටි ලක්ෂයක් සක්වල සත්වයිනට දේශනා කරන්නටයි.
කල්ප අසංඛ්‍ය විස්සකුත් තව ලක්ෂයක අති දීර්ඝ කාලයක් පාරමිතා සම්පුර්ණ කර බුදුරජාණන්වහන්සේ නමක් සිදු කරනා එකම දෙය නිවන් දකිනා මාර්ගය මැනවින් දක්වමින් ධර්මය දේශනා කිරීමයි.
බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේදී අවසර දී ඇත්තේ “යථාසුතං යථාපරියත්‌තං ධම්‌මං විත්‌ථාරෙන පරෙසං දෙසෙන්‌ති” යන අයුරින් කිරීමටය. ඊට අනුකූල නොවී තමන් අලුතින් සොයාගත් අයුරින් ධර්මය වෙනස් කිරීමට උත්සාහ ගැනීමේදී බුදුරජාණන්වහන්සේගේ දේශනාව නොවන නිසා බොහෝ දෙව්, මිනිසුන්ට අහිත පිණිස වේ. “මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:

1. මහණෙනි, මේ ශාසනයේ මහණහු නවාංග ශාස්තෘ ශාසනය (සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්මය, වෙදල්ලය යන ධර්මයන්) ප්‍රගුණ නො කරති. මහණෙනි, මේ ප්‍රථම කරුණ සද්ධර්මයාගේ පරිහානිය පිණිස අතුරුදහන්වීම පිණිස පවතින්නේ ය.

2. තවද මහණෙනි, භික්ෂූහ යම් සේ අසන ලද, යම් සේ පුරුදු පුහුණු කරන ලද (යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත) ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා නො කරයි. මහණෙනි, මේ දෙවැනි කරුණ සද්ධර්මයාගේ පරිහානිය පිණිස අතුරුදන් වීම පිණිස පවතින්නේ ය.

3. තවද මහණෙනි, මහණහු යම් සේ අසන ලද, යම් සේ පුරුදු පුහුණු කරන ලද (යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත) ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් නො කරවති. මහණෙනි, මේ තෙවන කරුණයි සද්ධර්මයාගේ පරිහානිය පිණිස අතුරුදහන් වීම පිණිස පවතින.

4. තවද මහණෙනි, භික්ෂූහු යම් සේ අසන ලද, යම් සේ පුරුදු පුහුණු කරන ලද (යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත) ධර්මය විස්තර වශයෙන් හැදෑරීම් නො කරති. මහණෙනි, මේ සතරවන කරුණයි සද්ධර්මයාගේ පරිහානිය පිණිස අන්තර්ධානය පිණිස හේතු වන.

5. තවද මහණෙනි, මහණහු යම් සේ අසන ලද, යම් සේ පුරුදු පුහුණු කරන ලද (යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත) ධර්මය සිතින් නැවත නැවත මනසට නො නගයි (අනුවිතර්කණ) නො කරති, නැවත නැවත විමසීමේ නො යෙදේ (අනුවිචාරණ නො කරති). සිතින් නැවත නැවත විශේෂයෙන් විනිවිද දැකීම නො කරති (අනුප්‍රෙක්ෂණ නො කරත්). මහණෙනි, මේ පස්වන කරුණයි සද්ධර්මයාගේ පරිහානිය පිණිස අන්තර්ධානය පිණිස පවතින. මහණෙනි, මේ පඤ්ච ධර්මයෝ සද්ධර්මයාගේ පරිහානිය පිණිස අන්තර්ධානය පිණිස පවති යි.

by Lolitha Samarajeewa (2018-09-18)

Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.

පින්වතුනි,

සින්හල බෞද්ධයකු ලෙස නිර්මල බුද්ධ ධර්මයපවතින දේශයක, කාලයක ඉපදී සිටින වාසනවන්ත ඔබ, තම නැණ පමණින් පහත කරුණ තෙරුම් ගන්න. විවිධ දේශනා ඔබට ඇසෙන කල්හි ඒවා අතරින් නිවැරදි දේශනාව තෝරා ගන්නේ කෙසේද? පලමුවෙන් ඔබ එම දේශනාවට විවුර්ත මනසකින් යුතුව සවන් දිය යුතුය. එනම් යම් දේශකයකු යමක් විග්ගරහ කරන විට ඔබ එය තේරුම් ගැනීමට උත්සාහ කල යුත්තේ එතුමා පවසන කරුණු අනුව මිස ඔබ දැනටමත් දන්නා කරුණු අනුව නොවෙයි. එනම් ඔබ තේරුම් ගත යුත්තේ ඔහුගේ හිතේ තිබෙන දෙයට අනුව මිස ඔබ දැනටමත් අවබෝධ කරගෙන සිටින කරුණු අනුව නොවෙයි. (මෙය අදාල වන්නේ දැනට නිවන අවබෝධ නොවුනු, නමුත් නිවන අවබෝධ කිරීම පිණිස බණ අසන අයට පමණි). එවිට ඔබ පක්ශක්ගරාහී නොවනු ඇත. එවිට

1. දේශනාව තුල නිවන් මාර්ගය තිබේනම්

2. ඔබට නිවන් අවබෝධය පිණිස හේතු සම්පත් ඇත්නම් ඔබට ඒකාන්තයෙන්ම නිවන අවබෝධ වනු ඇත.

නිවැරදි දේශනාව තෝරා ගත හැක්කේ එතුල නිවන් මාර්ගය ඇතිදැයි තමන්ම බැලීමෙන් මිසක් එතුල නිවන් මාර්ගය ඇති/ නැති බව ගැන තව කෙනෙකු කියනා දෙය අසා නොවෙයි.

යම් දේශනාවක තමන්ට නිවන නොපෙණුන පමණින්, එය වැරදි යැයි කීමට පුලුවන් වන්නේ දැනටමත් නිවන අවබෝධ වී ඇත්නම් පමණි(සෝවාන් ඵලය ඉක්මවා සිටිය යුතුය). එබැවින් තමන් තවම නිවන් දැක නැත්නම්(සෝවාන් වී නැත්නම්) වඩා නුවණට හුරු වන්නේ ඒ ඒ දේශනා තුල නිවන ඇතිදැයි තමන්ම විමසීම විනා, කෙනෙකුගේ විවේචන නිසා තව කෙනෙකුගේ බණ නොඇසීම නොවෙයි.

අපට විවේචන ඉදිරිපත් කරන උත්තමයාගේ නිර්වණාවබෝධය දැනගැනීමට නොහැකි නිසා එවාට සවන් දිය යුත්තේද අපක්ශ්පාතීව විවුර්තවය.

ඉතාම භයානක විය හැක්කේ අපගේ නොදැනුවත්කම නිසා අප අතින් ආර්යෝපවාදයක් සිදු වුවහොත් අපගේ නිවන් මග එයින්ම වැසී යා හැකි වීමයි. එමනිසා යම් දේශනාවක තමන්ට නිවන නොපෙණුන පමණින් හෝ තව කෙනෙකුගේ නිර්දේශ, විවේචන ඇසීමෙන් හෝ කිසි කෙනෙකුට නිගරු නොකිරීමට වග බලා ගත යුතුය.

යම් දේශනාවක් තුල නිවන් නොපෙනෙයි නම් එය තමාගෙ අඩුපාඩුවක් විය හැකි බැවින් කලයුතු වන්නේ දේශකයා විවේචනය කිරීම නොව වෙනත් දේශනා තුල නිවන අතිදැයි විමසා බැලීමය. තෙරුවන් සරණයි

by Suhada Gunaratne (2018-09-24)

දැන් මෙයාලා කියන විදියට විකාල බෝජන කියන්නේ විකාර බොජන යන්ටයි එහෙමනේ …….එහෙනම් කාල මරණ අකාල මරණ කියන්නේ කාල මැරෙන්න නොකා මැරෙන්න කියලද…? ඔය මුන් වහන්සෙගේ දර්මය අහල සොවන් වෙච්ච පින්වතෙක් කියන්නකෝ ..අනික කතෝලික සබාවෙ උන්දැලට ගොඩක් රිදිල වගේ…

Posted by: asela Cha (2018-09-23)

 

මේක කියල දෙන්න නම් පුළුවන්… මම සෝවාන් වෙලාද නැද්ද කියල නම් දන්නේ නෑ… කෝකටත් ලොකු ස්වාමින්වහන්සේගෙන් අහල බලන්නකෝ මේ(මම) ගොබිල කොහෙද යන්නේ කියල… සංස්කෘතය බුදු දහම පරිවර්තනයට ගන්න එපා කියල බුදුන් පනවපු දුකුලා ඇවතත් කඩලා (යමෙකු, තෙපුලා කියන පැවිදි වූ බ්‍රාහ්මණයන් වෛදික භාෂාවට බුදු දහම පරිවර්තනයට කරපු ඉල්ලීම අනුව) , “අනිත්‍ය”, “අනාත්ම” සංස්කෘත පද කරේ තියාගෙන යනකොට ප්‍රාදේශීය නිරුක්තියක් කිව්වාම විකෘති කරනවා කියල කෑගහුවට වැඩක් නෑ… තවත් දුකුලා ඇවත් පදයක් තියනවා වෛදික ශාස්ත්‍ර ඉගෙනීම භික්ෂුන්ට තහනම් කරලා… වෛදික භාෂාව (සංස්කෘත) වෛදික ශාස්ත්‍රයක් කියල පිළිගන්නවද?

ඉගන ගන්නවත් එපා කිව්ව භාෂාවක වචන කරේ තියාගෙන හරි එකක් කිව්වාම කියනවා විකෘති කරනවෝ කියල… මම කියන එක ෂුවර් නැත්තම් විනය පිටකේ හරියට කියවන්න… මුලින්ම තේරුම් ගත යුතු දෙය භාෂා නිරුක්ති, බුදුන් වදාළ නිරුක්ති නොවේ.. බුදුන් වදාළ නිරුක්ති, අර්ථයෙන් නිර්ණය වන දෙයකි… භාෂා රීති මෙහිදී අදාළ නොවේ… භාෂා නීති රීති, අර්ථයෙන් නිර්ණය වන දේ සමග පටලවා ගත් විට ඔබ මෙන් “කාල – අකාල” විකාර කියවති… මුලධර්ම පිලිබඳ නිසි අවබෝධය මදිකම මිස නිරුක්ති භාවිතයෙන් ධර්මය විකෘතියක් වන්නේ නැත… මුලධර්ම පටලවා ගත් ඔබ වැන්නවුන්ට විකෘතියක් ලෙස පෙනීම ගැන කරන්නට දෙයක් නැත. ප්‍රාදේශීය නිරුක්ති (අර්ථයෙන් නිර්ණය වන පරිදි ) භාවිතයට බුදු රජාණන්වහන්සේ අවසර දී ඇත… නිරුත්තිපථ සුත්‍රයද, තවත් සුත්‍ර ගණනාවක්ද ඔබට අවශ්‍ය නම් නිරුක්ති ගැන බුදුන් වදාළ දේ ගැන දැක්විය හැකියි…

Replied by: randsl (2018-09-24)

බුද්ධ ආඥාව කුමක්ද?

හිතෙන් හිත වැඩෙන හැටි මේ ධර්ම දේශනාවේ සඳහන්වේ.

දුබල සිතක සිට කලකදී ධර්ම මාර්ගය වැඩීමේදී සිත ප්‍රබල උත්කෘෂ්ට සිතක් දක්වා වැඩී අරිහත්වය පූර්ණ කරන අයුරු මෙහි සඳහන් වේ.

සතර සතිපට්ඨානය වඩන්න. එවිට තමා තුල දහම වැඩෙන ආකාරය මෙහි විස්තර වේ. ඒ බුද්ධ ආඥාව කැඩූ චබ්බග්ගිය භික්ෂූන්ට පැනවුණු විනය නීති කොටසක් ඇත.
විනය පිටය යනු විනය නීති සමූහයක් මිසක විනය නොවේ. විනය නම් රාග විනය, ද්වේශ විනය, මෝහ විනය යනුයි.

මහමෙව්නා අසපු සංචිත නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගේ මහමෙව්නා බෝධිඥාන ව්‍යවස්ථාව මගින් සුවාසුදහසක් (84,000) වූ ධර්මස්කන්ධ යෙන් අභිධර්ම පිටකය කපා හැරීම තුළින් 42,000 ධර්මස්කන්ධය ක් නොහොත් හරි අඩක් ම බැහැර හැර ඇති බව ඔබ දන්නවා ද?

මෙයට අමතර ව ත්‍රිපිටකයේ, 

  1. ජාතකපාළි
  2. මහානිද්දේසපාළි
  3. චුල්ලනිද්දේසපාළි
  4. පටිසම්භිදාමග්ගප්පකරණය
  5. අපදානපාළි
  6. බුද්ධවංසපාළි
  7. චරියාපිටකපාළි
  8. පෙටකෝපදේස

ආදී ත්‍රිපිටක පොත් තවත් ගණනක් ද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් අත්තනෝමතික ව බැහැර හැර ඇති බව ඔබ දන්නවා ද?
ඒ අනුව, පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ධර්මස්කන්ධය සත්‍ය වශයෙන් ම හරි අඩක ට ත් වැඩියෙන් කපා හැර ඇති බව ඔබ දන්නවා ද?
උන්වහන්සේ ගොබිල වාදයෙන් චෝදනා කරන අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා රහතන් වහන්සේ නැදිමාල බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා—කිසිවක්—බැහැර හැර නැති බව ඔබ දන්නවා ද?
මේ ආකාරය ට හිතුමනාපෙට ගැලපෙන හැටියට ධර්මස්කන්ධ කිසිවක් කපා හැර නැති අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා රහතන් වහන්සේ වැනි භික්ෂූන් හට ධර්මය විකෘති කරන හැටියට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් චෝදනා එල්ල කිරීම සාදාරණ ද?
එයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් ද? ත්‍රිපිටකයෙන් හරි අඩකට ත් වඩා කපා හැර, ඒ උතුම් ධර්ම ස්කන්ධයන් නො පිළිගන්නා, නො දන්නා, තවම තමන් සෝවාන් ආදී මාර්ග ඵලයන් ට පත් ව නැති බව තමන් ම පිළිගන්නා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා රහතන් වහන්සේ ධර්මය විකෘති කළ හැටියට කිව්ව අභූත චෝදනා ඔබ ත් විශ්වාස කළා ද? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් ප්‍රසිද්ධ ජන මාධ්‍ය ඔස්සේ පුන පුනා මාධ්‍ය සදාචාර, බෞද්ධ හා භික්ෂු සාරධර්ම සියල්ල අමු අමු වේ උල්ලංඝනය කරමින් පුද්ගලික නම් ගම් සඳහන් කරමින් විවේචනය කිරීම ඉහත කරුණු අනුව සාදාරණ ද? ගැලපෙනව ද? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් කියන දේ සියල්ලෙන් සියල්ල සත්‍ය යෙන් සත්‍ය හැටියට පිලිගෙන ඒ අනුව යන බහුතර මහමෙව්නා අසපු සංචිතයේ පින්වත් පිරිස් හරියට කණවැලක් අතැතිව ඉදිරියෙන් යන අන්ඳ මිනිසෙක් පසුපස එම කණවැලේ ඉතිරි කොටස අල්ලා ගෙන යන තවත් අන්ඳයන්, ඇස් නො පෙනෙන නිමිත්තෙන් ම ඉදිරි යේ යන අන්ඳ මිනිසා හැරෙන හැරෙන පැත්තට යන්නා සේ, වැටෙන වැටෙන වලේ වැටෙන්නා සේ, හැපෙන හැපෙන වස්තුවේ හැපෙන්නා සේ, නො පෙනෙන භයානක අනතුරු රැසකට මුහුණ පා ඇත. මේ රතු නිවේදනය ලබ්ඩබ් ආවේග ඉවසා බුද්ධියෙන් විමසත් වා! නියම අපාය සහාය කවුරුන් දැයි ඒ අනුව ඔබ ම තීරණය කරත් වා!

 

Posted by: Wilful Exposure (2018-09-10)

 

මිනිසාගේ සිත පාලනය කර ගන්නට තාක්ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්, මෙවලමක් කිසිසේත්ම යොදාගත නොහැකියි. මිනිසාගේ සිත පාලනය කර ගතහැකි එකම ක‍්‍රමය සිත සුද්ධ පවිත‍්‍ර කරගැනීම පමණි.

සිත කෙළෙස් වලින් කිළිටු වූ විට, අඳුරු වූ විට, දුප්පඤ්ඤස්ස වූ විට, අඥාණ වූ විට සිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා සිත විසිරේ. කම්පනයට, භයට, වේදනාවට, චලනයට, විස්සෝපයට පත්වේ. මානසික රෝග මතුවේ.

සිතේ ඇති කෙළෙස් ගති අස්කර, ඉවත් කර සිත පිරිසිදු කර ගැනීමට නම් මනසේ හැකියාව; මනීන්ද්‍රිය, යෝනිසෝමනිසීකරණ ශක්තිය භාවිතා කළ යුතු වේ. සිත ශික්ෂණය කර හිත පාලනය කර හිතට වහල් නොවී කටයුතු කළ හැක්කේ මනීන්ද්‍රියට පමණි. හිතට වහල් වීමෙන් මනස අවුල් වේ.

මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුදු වීම භාවනා කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. දැන් මනීන්ද්‍රිය භාවිතා කරන කෙනෙක් හිතට වහල් වීමෙන් පි‍්‍රය දේ හඹායෑම නතර කරයි. අප‍්‍රිය දේවල් සමඟින් නොගැටේ. ඒ නිසා මෝහයෙන් මුළා වීමක් නොකරයි. උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක‍්‍රියාකරන්නටත් පුරුදු වේ.

භාවනා කිරීමට පුරුදු වීම යන ක‍්‍රියාකාරකමෙහි හරය ඉවසා විමසා හේතු ඵල දහමට ගළපා බලා විනයට සසඳා බලා උපේක්ඛා සිතින් කි‍්‍රයා කිරීමට පුරද්දක් පුහුණුවක් ලබා ගැනීම වේ.

*….සං වර සීලයෙන් හෝ කෝටියක් සං වර සීලයෙන් හෝ කෙනෙකුට කරගත හැකි වන්නේ අලුතෙන් ”සං” එකතු කිරීමෙන් වැළකී සිටීම පමණි. සං වර වූ මොහොතට පසුව මතුවන රාග, ද්වේෂ, මෝහ එකතු කිරීමෙන් වැළකී සිටීමයි. නමුත් අතීතයේ කවදා හෝ එකතු කර, රැස් කර දැනටමත් චිත්ත සං ථානයේ තැන්පත් කරගත්, ගබඩා වී අදටත් ක‍්‍රියාත්මකව පවතින ”සං” ඉවත් කිරීමේ, ප‍්‍රහාණය කිරීමේ ශක්තියක්, හැකියාවක් සං වර සීලයට පමණක්ම නොහැක. ඒ සඳහා දෙවන පියවරක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ දෙවන පියවර සං සිඳවීමයි. සං වර නොවූයේ නම්, සං සිඳවීමක් කළ නොහැකියි. අලුතින් ගිනි ගොඩට දර එකතු කිරීම නැවැත්වීමෙන් පසුව, අතීතයේ එකතු කරගත්, දැනටත් ඇවිළෙමින් පවතින දර කොට ඉවත් කිරීමට හැකියාවක් ලැබේ. මේ අනුව සං සිඳවීම යනු අතීතයේ එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් චිත්තසංථානයෙන් ඉවත් කර ඒ ගති සිඳ දැමීමයි.

චිත්ත සං ථානයේ ගබඩා වී පවතින ”සං” අතර යහපත්, හොඳ ගති ලක්ෂණද තැන්පත් වී ඇත. ඒ හොඳ ගති නිවන් දකිනා මොහොත තෙක්ම උපකාර කරගත හැකි ඒවා වේ. සං සිඳවීමේදී සිදුවන්නේ් රාග, ද්වේෂ, මෝහ වැනි විඤ්ඤාණයට ආහාර සපයන සං සාර ගමනට ඉන්ධන සපයන කෙළෙස් ගති තෝරා, බේරා, පෙරා, මැන ඉවත් කර දැමීමත්, යහපත් ගති තෝරා, බේරා, ඉතිරි කර ගැනීමත් යන ක‍්‍රියාවලියක යෙදීමයි. එසේ නැතිව චිත්ත සං ථානයේ ගබඩා වී පවතින සියලුම හොඳ හා නරක ගති ගුණ සියල්ලම ප‍්‍රහාණය කර, අස්කර දමා ඉවත් කිරීම නොවේ. මේ සං සිඳීමේ ක‍්‍රියාවලියත් නිවැරදිවම තේරුම් ගෙන යථාවබෝධයෙන්ම කළයුතු ක‍්‍රියාවලියකි.කළයුතු දේ හා නොකළ යුතු දේ යන ක‍්‍රියාවන් දෙකෙහි වෙනස්කම් තේරුම් නොගෙන, යහපත් හා අයහපත් යන ගති දෙකම ඉවත් කර, ප‍්‍රහාණය කර දැමීමෙන්, අසංඥ යන තත්ත්වයට පත්වන බවත් තේරුම් ගත යුතුයි. මේ නිවැරදි සං සිඳවීමේ ක‍්‍රමය විග‍්‍රහ වන්නේ අරිය භාවනා ක‍්‍රමයකම පමණි. අනාර්ය භාවනා වලදී සිදු වන්නේ හොඳ, නරක දෙකම ඉවත් කර අසංඥ තත්ත්වයට පත්වීමයි. අනාර්ය, අරූපී ධ්‍යානවලට පත්වීම යනු මේ අසංඥ තත්ත්වයට පත්වීමයි. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේදීත් මේ ධ්‍යානයන් පිළිබඳවත් පෙන්වා දී තිබේ………

මෙතැනදී ද සරළ උදාහරණයකින් මෙම ක‍්‍රියාවලිය විග‍්‍රහ කර පෙන්වා දිය යුතුයි.

රාග, ද්වේෂ, මෝහ නැමති දර එකතු කර, අවුළුවා, පවත්වාගෙන යන එකොළොස් ගින්නකින් යුත් සං සාර ගමන ගැනම සිතන්න. ගින්න නිවීමේ පළමු පියවර වන්නේ සං වර වී ඉන්ද්‍රියයන් හයමත් සං වර කර, අලුතින් දර එකතු කිරීමත් නවතා දමා ගිනි ගොඩ මෙල්ල කරගැනීමයි.

දෙවනුව අතීතයේ එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති ඉතිරි කොටසක්ද සං සිඳවීමෙන් ඉවත් කර දමා, ගිනි ගොඩ සහමුළින්ම නිවා ගැනීමයි.

ගිනිගොඩ නිවී ගියද අළු තට්ටුව යට තවමත් ගිනි අඟුරු ඉතිරි වී පවතී. මේ ගිනි අඟුරු බාහිර වශයෙන් දැක ගැනීමත් පහසු කාර්යයක් නොවේ. එමෙන්ම රාග, ද්වේෂ, මෝහ යටපත් වුවද මෝහ මුල් තවමත් චිත්ත සං ථානයේ ජීවමානවම පවතී.ගිනි ගොඩේ අළු යට නොනිවී පවතින ගිනි අඟුරු මතු කර, නිවා දමන්නාක් මෙන්, චිත්ත සං ථානයේ ගබඩා වී පවතින, මෝහ ගතියෙහි මුල් ද ඉවත් කර, ප‍්‍රහාණය කර දැමිය යුතුම වේ. මෝහ මුල් චිත්ත සං ථානයේ ඉතිරිව පවත්නා තාක් කල් නැවතත් රාග, ද්වේෂ ගතිගුණ එකතු වී, නැවතත් එකතු කිරීමේ සං සාර ගතියට, ක‍්‍රියාවලියට, හේතුඵල පරම්පරාවට බැඳීමත් සිදු වේ. මෙය ගිනි ගොඩේ ගිනි අඟුරු ඉතිරිව පවතින තාක් කල් නැවතත් දර එකතු කර, ගිනි ගොඩ අවුළුවා ගැනීමට හැකි වීම හා සමාන වේ.මෙහිදී පෙන්වූ උදාහරණයේ කී පරිදි මතුපිටින් දකින්නට නැති, නොපෙනෙන, අළු යට සැඟවී ඇති ගිනි අඟුරු නිවා දැමීම පහසුවෙන් කළ නොහැකිවාක් මෙන්ම, චිත්ත සං ථානයේ ගබඩා වී ඇති මෝහ මුල් සීලයෙන් හෝ සමාධියෙන් හෝ ප‍්‍රහාණය කර අස්කර දමා නිදහස් විය නොහැකියි.

ඒ නිසා සං වර වීම හෝ සං සිඳවීම හෝ යන ක‍්‍රියා දෙක මගින් මෝහ මුල් ගලවා, භව උදුරා දමා, බු-උද්ධ තත්ත්වයට පත්වීමට නම් ලෝකෝත්තර සං මා අංගයන්ම යථා පරිදි දැන, තේරුම් ගෙන භාවිතා කළ යුතුම වේ……. ….සං මා යන පදයෙන් විග‍්‍රහ කර, මතු කර පෙන්වා දුන් ධර්ම අර්ථය නම් ”සං” වලින් පූර්ණ ලෙස මිදී නිදහස් වීමය යන අදහසයි. ගෝතම බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණා කර වදාළ මේ ධර්ම අර්ථය එතෙක් ලෝකයා අසා දැන සිටි එකක් ද නොවේ.

මා” යන පදයේ තේරුම මිදී නිදහස් වීම යන අදහස වේ. ”සං” යනු එකතු කර, රැස් කරගත් ගති යන අදහසයි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය ”සං” ලෙස විග‍්‍රහ වේ. ඒවා එකතු කරගත් ගති වේ. ඒ ගති මුල් උදුරා දැමීම සං මා යන පදයේ ලෝකෝත්තර අර්ථයයි.ලොව්තුරා බුදුපියාණන්වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වී බුද්ධත්වයට පත්වීමෙන් පසුවම පමණක් මේ තිපරිවට්ටයම දේශණා කර, පැහැදිළි කර ලෝකයට ප‍්‍රකාශ කිරීම සිදු කරනු ලබයි. අනික් කාලවලදී තිපරිවට්ටය භාවිතයෙන් ඉවත් වී, අභාවයට යයි.

ගෝතම බුදුපියාණන්වහන්සේ එදා තමන්ම සොයා දැන, ලෝකයාට දේශණා කර වදාළ පටි ඉච්ච සං උප්පාද ධර්මයේත් තිපරිවට්ටයක් ඇත. අරිය අෂ්ටාංගික මාර්ගයේත් සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිසික්ඛාවටමත් අදාළවත් තිපරිවට්ටයක්ම දේශණා කළහ.

පසුගිය වසර දහසකට වැඩි පමණ වූ කාලයක් තුළ තිපරිවට්ටය යටපත් වී, අභාවයට ගොස් නිවන් මඟ වැසී ගිය බව කවුරුත් සිහිපත් කරගත යුතුයි. අද නැවතත් සියලුම ධර්ම කරුණු වලට අදාළව බුද්ධ දේශණාවේ එන තිපරිවට්ටයම විග‍්‍රහ කර ලෝකයාට පැහැදිළි කර දීමට හැකියාව හා ශක්තිය ඇති උත්තමයින් ජීවත් වන නිසා නිවන් මාර්ගයද, අරිය මාර්ගයද දැන් ලෝකයාට විවෘත වී පවතී…… සැමට සම්මා දිට්ඨියට හේතු සැකසේවා !

*බුද්ධ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ ප්‍රතිපත්ති පිරීමත් සමගම ලබන නිරාමිස, අනාසව සුවය අත්විඳ ගත් කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කිරීම තරම් සුවයක් , සැපයක් වෙනත් කිසිම ලෞකික දෙයක් උපාදානය කර ගැනීමෙන් ලබාගත නොහැකි බව ප්‍රත්‍යක්ෂ කර දැක ගනී.*

සුවපත් වේවා !!

 

Posted by: nirodha niramisa (2018-09-21)

 

(This comment was from someone closely following views of Mahamevna Monastery)

ඕනෑම ආගමක මිනිසුන් තමාගේ ආගමික නායකයාට, ශාස්තෘන් වහන්සේට ඕනෑම දෙයක් පූජා කිරීමට දෙවරක් සිතන්නේ නැත. එය ඔවුන්ගේ භක්තියයි. වෙනත් ආගමික පල්ලි, පූජා ස්ථාන අහස උසට රනින් නිමවූවද ඔවුන් එය අගය කරනවා මිස එයට දොස් නගන්නේ නැත. නමුත් බෞද්ධයන් ඊට වෙනස් බවට පත්ව ඇත. මහමෙව්නාවේ ගොඩනැගිලි කොතරම් අලංකාර වුවත් එම ස්වාමීන් වහන්සේලා එක් අසපුවක වැඩ වෙසෙනුයේ 6 මසක් පමණි. එබැවින් අන් අය උන්වහන්සේලාගේ තණ්හාව පිලිබඳව දුක් වනු වෙනුවට තමාගේ ප්‍රතිපදාව දෙස අවධානය යොමු කරගැනීම යහපත්ය. එසේම සේරුවාවිල පලතුරු පූජාව පිලිබඳව දැනුම් දුන් පසු එහි පැමිණි බොහෝ දෙනා තමාගේ ගෙවත්තේ ඇති එක් පලතුරක් හෝ රැගෙන පැමිණ තිබූ බැවින් එය මහා පලතුරු පූජාවක් බවට පත් වූ අතර පූජාව අවසානයේ එය දන්සැලක් ලෙස සියලු දෙනාට බෙදා දෙන ලදී. දේවාල වල කෙතරම් පලතුරු ඉවත දැමුවද කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත.ඒ ඔවුන්ගේ භක්තියයි. මෙම පූජාවට ගරහන සියලු දෙනා තමාගේ සිතේ බුදු රජාණන්වහන්සේට ඇති සෙනෙහෙවන්තකම තමාගෙන්ම විමසා බැලිය යුතුය. තමාට පිහිට සලසන බුදු රජාණන්වහන්සේට ඔනෑම දෙයක් පිදීමට කැමත්තක් සැබෑ ශ්‍රාවකයෙකු තුල ඇති වේ.එය ඔහුගේ අනුවණකම නොව කලගුණ දන්නා බවයි. සත්පුරුෂකමයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ද අප දුප්පතුන්ට කෙතරම් උපකාර කලද තම දෙමව්පියන්ට රැගෙන යන්නේ ඉස්තරම්ම දෙයයි.එම මුදලින්ද දුප්පතුන්ට උපකාර කිරීමට යමෙක් කල්පනා කරන්නේ නම් එය අසාමාන්‍යය. එලෙසින්ම අපගේ පියානණ් වහන්සේ වන බුදු රජාණන්වහන්සේට අප පූජා කිරීමට රැගෙන යන්නේ හොඳම දෙයයි. එලෙස පූජා කල පමනින් ඔහුගේ අසරණයන් කෙරෙහි කරුණාවක් නැතැයි නිගමනය නොකල යුතුය. එබැවින් වඩාත්ම වටිනුයේ නොදන්නා දේ ගැන කතා නොකර සිටීමයි. මෙම සටහන තරහකින් නොව වැටුණු වැටුණු තැන්වලදී නගිටීමට උපකාර කල ධර්මය, අකුරක් අකුරක් පැහැදිලි කල ගුරුවරයානණ් වහන්සේට කර ඇති විවේචන දැක දැනුනු වේදනාව නිසා ලියන ලද්දකි.

එසේම ඉගනීමට දක්ශතා සහිත ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමමින් ඔවුහු අධ්‍යාපනය ලබා අවසන් වනතුරුම නඩත්තු කිරීමට කැපකරු මාපිය ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ දරු දැරියන් දහස් ගනණකට මහත් සේවයක් ඉටුකර ඇත. රෝහල්වල ළමා හා මාතෘ ඒකක නවීකරණය කර ඉදිකර තිබේ. පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ ජනතාව වකුගඩු රෝගයෙන් මුදවා ගනුවස් ප්‍රදේශ ගනණාවක් ආවරණය වන පරිදි ජල පිරිපහදු ඒකක 15කට අධික ප්‍රමාණයක් ඉදිකර ඇත. රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකය සදහා මිලියන ගනණක ආධාර ලබා දීම ආදී අඛණ්ඩවම සිතුවන සමාජ සේවාවන් ගනණාවක් සිදු කරන්නේය. මේ උන්වහන්සේ සිදු කරනු ලබන සමාජ සේවාවන්ගෙන් 1/10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. තමාගේ වකුගඩවක් පවා වෙනත් අයෙකුට දන් දී සිටිනා උන්වහන්සේට දුප්පතුන් වෙනුවෙන් කරුණාව දැක්වීමට අන් අය සිහිපත් කල යුතු නොවේ.

 

තරුණ පිරිස් ධර්මය කරා ඇදී ඒමේ ප්‍රවනතාවක් ඇති වූයේ උන්වහන්සේ නිසාය. දහසකට ආසන්න සිල්වත් භික්ෂූන් වහන්සේලා ශාසනයට දායාද වූයේ කිරිබත්ගොඩ ඣානානන්ද ස්වාමීන් වහන්සේ නිසාය. ලංකාවේ නොව ලෝකයේ කිසිදු රටක දුප්පත්කම තුරන් කල නොහැක.ඕනෑම ධනවත් රටක මුඩුක්කු පැල්පත් ඇත්තේ එබැවිනි. නමුත් කිරිබත්ගොඩ ඣානානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට හැකි පමණින් සමාජ සේවාවන් කරමින් දුප්පතුන්ට උපකාර කරන්නේය. ඒ පිළිබඳ සමාජය තුළ සිටින මිනිසුන්ට ඇති දැනීම අල්ප බැවින් මෙම සටහන තැබීමට තීරණය කලේ කිසිවෙකුට දොස් නැගීමට නොව උන්වහන්සේගේ ගුණවත්කම පිළිබඳ යමක් කීමටය. අද වනවිට ජාතික රුධිර සංචිතයට වැඩිම රුධිර ඒකක ගනණක් වාර්ෂිකව සපයනු ලබන්නේ මහමෙව්නාව අසපු සංචිතය මගිනි. මීට වසර කිහිපයකට පෙර යමෙකුට ලේ දීමට අවශ්‍ය වන්නේ නම් ලේ දීමට කෙනෙකුද සොයාගෙන යා යුතුය. නමුත් මේ වනවිට එසේ ලේ හිගයක් ලේ බැංකුව තුළ නැත. එයට හේතුව මහමෙව්නාවේ සෑම අසපු ශාඛාවක් මගින්ම සෑම මාස 4කට වරක්ම සිදුකරනු ලබන ලේ දන් දීමේ පිංකම් නිසා බව ලේ බැංකුවේ සේවය කරන්නෙකුගෙන් විමසුවහොත් දැනගත හැකිවනු ඇත.

බොහෝ දෙනා මහමෙව්නාව පිලිබඳව අපැහදී සිටින බව සත්‍යයකි.නමුත් ඒ බොහෝ දෙනා මහමෙව්නාවේ වැඩසටහන් වලට එක් දිනක් හෝ සම්බන්ධ වී ධර්මය ඇසූවන් නොවේ.අද වනවිට බොහෝ දෙනා ධර්මය ඇසීමට, කියවීමට, සාකච්ඡා කිරීමට උනන්දුය. ඒ සියල්ල යහපත්ය. නමුත් ඒ බොහෝ දෙනාට අමතක වී ඇත්තේ මීට වසර 15කට පමණ පෙර ජාතක කතාවකට වැඩි යමක් ශ්‍රී ලංකා සමාජය තුල කතාබහට ලක් නොවූ බවයි. මෙතරම් සූත්‍ර දේශනා සාකච්ඡාවට ලක්වීමේ පුරෝගාමියා කිරිබත්ගොඩ ඣානානන්ද ස්වාමීන් වහන්සේය. දැන් බොහෝ දෙනාට එය අමතකව ගොස්ය.නොතේරුනු පාලි භාශාවෙන් වූ ත්‍රිපිටකය සිංහල භාශාවට පරිවර්තනය කලේත්, මහාවංසය, ථූපවංසය ආදී වටිනා පුස්තක සිංහල භාශාවට පරිවර්තනය කලේත් උන්වහන්සේය.මේසා මහගු සේවයක් මේ බුද්ධ ශාසනයට ඉටුකල මහා යතිවරයාණන් වහන්සේ නමක් අද වනවිට විවේචනය කරන ආකාරය ඉතා නුසුදුසුය. කලගුණ දන්නා ජාතියක් නොකල යුතු දෙයකි.

කිරිබත්ගොඩ ඣානානන්ද ස්වාමීන් වහන්ස මහ අනද හිමි දුටුවා සේ..දාහක් දුක් ගිනි නිවී යන , මාගේ ගුරු දේවයානන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා….! උතුම් දහමේ හැසිරෙන්නට මග කියා දුන්… ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා…….!

Posted by: Niwanmaga (2018-09-30)

A note for the reader:

This comment was from someone called “Deviyo” who got disappointment with Admins of channel “Madhusanka Navaratne” ..) since his comments were removed from the video. This kind of banning and suppression of ideas commonly happening these days. It is reported that comments from Facebook, YouTube and other social platforms are deleted when the conversation goes unfavorable to the propaganda. The following is a good example. Most of the time you will see hate speech, coarse and crude words in these conversations.

 

පහත දැක්වෙන්නේ https://youtu.be/cQQ5mPQUskk යන තැන ඇති “මහමෙව්නාව පිළිබද විභජ්ජවාද අදහස” යන මාතෘකා සහිත වීඩියෝවට මමද එක් කරන ලද ප්‍රතිචාර සහිත පසුව මකා දමා ඇති ප්‍රතිචාර පෙළකි.

universal channel 101
@ Sat, 28 Jul 2018 02:42:09 +0530
හෑගොඩ විපස්සි හිමියන් විසින් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ පටි රෝල් වෙන ආකාරයට බැන්නෙ ඇයි ත්‍රිපිටකය පරිවර්තනය කර ධර්මය විකෘති කිරීම මුලින්ම කරපු කෙනා කියලා. දැන් ඒක වහන්න ද මෙම උත්සාහය.

Gayan Dissanayake
@ Sat, 28 Jul 2018 03:55:17 +0530
universal channel 101 https://youtu.be/pwHP5Vxdk44

Renuka Edirisinghe
@ Sat, 28 Jul 2018 04:54:17 +0530
universal channel 101 ලෝකයට සත්පුරුෂයෙක් බිහි වූ විට බොහෝ දෙනෙක් පින් රැස්කර ගන්නව, බොහෝ දෙනෙකුට යහපත උදාවෙනවා, බොහෝ දෙනෙක් සුගතියේ උපත කරා යනවා, බොහෝ දෙනෙක් ධර්මය පුරුදු කර ගන්නවා. ඉතින් අපේ කාලයේ ලොව පහල වූ සත්පුරුෂයන් අතර අග්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

Gayan Dissanayake
@ Sat, 28 Jul 2018 05:30:49 +0530
Renuka Edirisinghe suwapath wethwa… https://youtu.be/5Wl5Lth1E6Y

දෙවියෝ
@ Sat, 28 Jul 2018 10:54:02 +0530
සරල සිංහලෙන් ලියැවී ඇති මහමෙව්නාවේ බෝධිඥාන රූකඩ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව හකුළාගනිවු!

Siri Weeraratne
@ Sat, 28 Jul 2018 10:58:13 +0530
universal channel 101 හැගොඩ ස්වාමින්වහන්සේ අවුරුදු ගානකට කලින් කරපු පුකාශ එක උන්වහන්සේටත් දැන් තෙරෙනවා.ඹිවා හොය⁣ හොය මහමෙව්නාවේවට පහර ගහලා මිනිසුන් රවටන්න බැහැ.බුදුවරයෙක් ලංකාවෙි ඉපදුණු නැහැ .ලෝක ඉතාහස යයි කියන්නේ.

Renuka Edirisinghe
@ Sat, 28 Jul 2018 11:51:33 +0530
අෑ පින්වත් දෙවියෝ, මම වගේ එච්චර උගත් කමක් නැති, ලොකු භාෂා දැනුමක් නැති කෙනෙක් ලොකු ස්වාමීන් වහන්සේට පින් දිදී තමයි ඒ මහමෙව්නාවේ ත්‍රිපිටක පොත් වහන්සේලා කියවලා බුදුරජාණන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත්, මහා සංඝරත්නය ගැනත් හිත පහදවා ගන්නේ ඒක මේ අසරණ මිනිස්සුන්ට‍ නැති කරන්න තරම් ඔබලා දරුණු සිත් නැත්තෝ වෙත්වා!

දෙවියෝ
@ Sat, 28 Jul 2018 17:05:04 +0530
ඈ පින්වත් Renuka Edirisinghe දරුවෝ, ලිවීමත් කියවීමත් අපහසු බැවින් “මම මඤ්ඤොක්කා කෑවෙමි.” වෙනුවට “මම බතල කෑවෙමි.” යැයි ලියා, කියා හරියනවාද? ඒ උපමාව ගැනත් හිත යොමා මනා කොට දේශනා කර ඇති සද්ධර්මය පැවතියදී කියවා ගන්නට බැරිව අසරණ යැයි නොසලකා පාලි භාෂාව මනාව ඉගෙන ගැනීමටත්, එය අපහසු නම් අඩු තරමින් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල පරිවර්තනය රුකුල් කොට පාලි ත්‍රිපිටකය රැක ගැනීමටත්, සරල කිරීමෙන් වන අර්ථ විකෘතිය සිදු නොකරගන්නටත්, පාලි භාෂාවේ ව්‍යාවහාරය වැඩි වන ලෙසට කටයුතු කෙරුමටත් ඔබලා වීර්යවන්තයෝ වෙත්වා!

Sameera D
@ Sat, 28 Jul 2018 20:03:15 +0530
දෙවියෝ
තොපි වගේ හොරිකඩ බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ. ???????

Sameera D
@ Sat, 28 Jul 2018 20:04:21 +0530
Renuka Edirisinghe
මුං ට මාරය වැහිලා තියෙන්නේ. කිව්වට තේරෙන්නේ නෑ.

Sameera D
@ Sat, 28 Jul 2018 20:05:34 +0530
universal channel 101
හෑගොඩ විපස්සි , තෝ වගේ හිගන හොරිකඩ බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ.

rupa monika
@ Sat, 28 Jul 2018 20:32:58 +0530
oyata kiyak dunnada pagawa… wattiye tiyala.

Sameera D
@ Sat, 28 Jul 2018 20:44:55 +0530
rupa monika
ගොං වැස්සි.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 01:14:14 +0530
universal channel 101
ඔබ කියනා ආකාරයට පටි රෝල්වී ඇත්තේ මිත්‍යා මත පතුරන අයට මිස වෙන අයකුට නොවේ.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ තමයි ත්‍රිපිටකය තේරෙන සරල සිංහලයට නිවරදිව පරිවර්තනය කරලා ධර්මයට මිනිසුන්ව ලංකලේ. එහෙම නැතිව ඔබ කියන ඔය ස්වාමීන් වහන්සේ කියා දුන්න දෙයක් මම නම් දන්නේ නෑ.බුදුහිමියන් දේශනා කලා තමන්ගේ භාෂාවෙන් ධර්මය දේශනා කරන්න.ධර්මය පොත පතෙහි ලිවුවේද පාලි අර්ථ සහිත සිංහල භාෂාවෙනි.එහෙම එකේ තේරෙන භාෂාවෙන් ධර්මය කියා දීමද මෙතන තිබෙන වරද.සෝම හිමිගෙන් පසුව දහම මිනිසුන්ට ලංකල එකම ස්වාමීන් වහන්සේ කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි.ඔබලා ද්වේශයෙන් කෙතරම් ගරහා කලද පලක් නැත.බල්ලෙක් බිරැවාට කන්දක් පහත් නොවන බව ඔබ අසා ඇති නේද.එනිසා බුද්ධිමත්ව නිර්මල බුද්ධ දේශනා හා සසදා බලන්න.එවිට ඔබටම පැහැදිලි වේවි උන් වහන්සේ කොතනකවත් දහම විකෘති කොට නැති බව .මිථ්‍යාව දුරැකොට සම්මා දිට්ඨියට පත් වේවා.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 01:24:56 +0530
දෙවියෝ
. ඔබ මාර දෙවියෙක් විය යුතුයි. එහෙම නැත්නම් උතුම් ධර්ම ග්‍රන්ථ වලට මේ ආකාරයෙන් ගැරහිය නොහැක.හකුලා ගන්න සිදු වන්නේ ඔබ වැනි අයටමය. අසත්පුරැෂයාට සත්පුරැෂයා හෝ අසත්පුරැෂයාවද හදුනා ගත නොහැක.ඔබගේ මිත්‍යා අදහස හකුලා ගතහොත් එයින් ඔබට නම් යහපතක් සිදුවේවි.

Sameera D
@ Sun, 29 Jul 2018 02:32:28 +0530
Chaturi Danushka
ඕක දෙවියෙක් නෙමෙයි. මාරය වැහිච්ච පෙරේත දණ්ඩෙක්.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 07:37:36 +0530
දරුව Chaturi Danushka, ඔබ පාලි ත්‍රිපිටකය හෝ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල පරිවර්තනය කියවා තිබෙනවාද?

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 10:33:06 +0530
rupa monika
වට්ටියේ තියලා අපට දුන්නේ නිර්මල බුද්ධ දේශනාමයි.එහෙම නැතුව ඔබ කියනා පහත් තත්වයට කෙදිනකවත් මහමෙවුනාව පත්වී නැත.නිර්මල බුද්ධ දේශනා අහන්නත් ,කියවන්නත් පෙර පිනක් තිබිය යුතුමයි.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 10:44:00 +0530
දෙවියෝ
පාලි ත්‍රිපිටකය නම් මම කියවලා නෑ.මොකද මට පාලි භාෂාව දන්නෑ.බුද්ධ ජයන්ති සරල සිංහල පරිවර්තනය නම් ටිකක් කියවලා තියෙනවා. මට දෙවියාගෙන් අසන්නට ප්‍රශ්ණයක් ඇත.දහම විකෘති කරමින් තමන්ට අවබෝධ වුනා යැයි මොකක්දෝ විකාරයක් කියමින් යන ව්‍යාජ රහතුන් ගැන ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?නිර්මල දහම මිනිසුන්ට තේරෙන සරල බසින් කියාදීම වරදක් වන්නේ කෙසේද? තමන්ගේ භාෂාවෙන් දහම කියා දීමට බුදුහිමියන්ද අනුදැන වදාරා නොවේද.

Sameera D
@ Sun, 29 Jul 2018 10:57:36 +0530
දෙවියෝ
අභය ගොබිල කියන බඩ යන අධර්මය පිලිගන්න ගොං නාම්බෙක් වන ඔබේ දැනුම ගැන දැන ගැනීමට අපට අටුවා ටීකා අවශ්‍ය නැත.

Gayan Dissanayake
@ Sun, 29 Jul 2018 11:32:14 +0530
Chaturi Danushka niwan dakithwa… https://youtu.be/OucfmQBSeJo

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 12:09:42 +0530
Gayan Dissanayake
නිවන් දකින වැඩ පිලිවෙලක් අපට තිබියදී අදුරේ යාමට ඇවැසි නැත.දහම විකෘති කරමින් කියනා අධර්මය ඇසීමටද කැමති නැත.ධර්මය ඔබයි එක දේශනයක් මම ඇසුවා.ඒ හාමුදුරුවෝ කියනවා අපි හැමෝම බෝසත්වරැලු.බෝසත් කියන වචනය වත් අපට අයිති නැති දෙයක්.උත්තම ගුණයන්ගෙන් සපිරි බෝසත් චරිතය ගුණයන් ගෙන් හීන මිනිසුන්ට ආදේශ කරන්නේ කෙසේද? බෝසතාණන් වහන්සේ අපරිමිත ධෛර්‍යය, ඇතිව අනන්තවූ ගුණ දහම් ඇතිකර ගනිමින් ,අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් දන් දෙමින් , පින් රැස් කර පැමිණි උත්තරීතර මග හෑල්ලුවට ලක්කරමින් දේශනා කරන අධර්මය ඇසීමෙන් කෙසේ නිවන් ලබන්නද? නිවන කෙසේ වෙතත් තිබෙන කුසල් මුලුත් සිද ගැනීම විතරයි ( ධර්මයයි ඔබයි ) මෙයින් සිදුවන්නේ.

 

දෙවියෝ
@ Sun, 29 Jul 2018 13:49:19 +0530
දරුව Chaturi Danushka, එසේ නම් ඔබ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව කියවා තිබෙනවාද? කියවා ඇත්නම් කෙතරම් කියවා තිබෙනවාද?

“මට දෙවියාගෙන් අසන්නට ප්‍රශ්ණයක් ඇත.දහම විකෘති කරමින් තමන්ට අවබෝධ වුනා යැයි මොකක්දෝ විකාරයක් කියමින් යන ව්‍යාජ රහතුන් ගැන ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?” යැයි ඔබ මගෙන් ප්‍රශ්නයක් අසා තිබෙනවා. යමෙක් යම් චෝදනාවක් කළ විට ඊට ප්‍රතිචාර ලෙස ඒ චෝදනා කරන්නාගේ අඩුපාඩු දක්වන්න යෑම සත්පුරුෂ ස්වභාවයක් නොවෙයි. ඒ නිසා තමන් රහත් වී යැයි පවසන ව්‍යාජ රහතුන් ඇත්නම් ඔවුන් ගැන මට ප්‍රශ්නයක් ඇද්ද නැද්ද යන කාරණාව පැත්තක තිබුණාවේ.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 14:07:12 +0530
දෙවියෝ
මා කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ගේ ත්‍රිපිටක දේශනා බොහෝ ප්‍රමාණයක් කියවා ඇති අතර ඒ පිළිබඳව ඔබට ඇති ප්‍රශ්ණය කිමද?. ඔබ කියනා අසත්පුරුෂ බව මා ඇසුවේ මේ දැන්ය.අහෝ සැබෑ සත්පුරුෂ දෙවියන් හිදිනා අතරේ දේව වේශයෙන් පෙනී සිටිනා නාමික දෙවියන්ද ඇති බව වටහා ගතිමි.කුමක් හෝ අල්ලා ගෙන තර්ක කිරීම විනා, ඔබ දහමක් අහලකවත් නැත .නාමික දෙවිදේ මම තවත් ඔබට Refly නොකරමි.ඒ ඔබ කියනා කරැණු ඵල රහිත බැවිනි.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 15:30:49 +0530
භවත්නි, මේ Chaturi Danushka වැනි ස්ත්‍රීහු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිව ද ලැජ්ජාවට පත්කරති! අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ ඛලුඞ්ක සූත්‍රයේ පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනෙක් ද පුරුෂ දෝෂ අටක් ද ආදිත්‍යබන්ධු වූ භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත. මෑ ගැන ඊට අනුරුපව විමසා බැලීම වටී. තව ද අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ මහා වර්ගයේ හත්වන සූත්‍රයේ සඳහන්ව ඇති පරිද්දෙන් මෑ වැන්නන් කථා යෝග්‍ය නොවේ. මෑ වැනි හිස් ස්ත්‍රීන් සමඟ ත්‍රිපිටක පරිවර්තන දොස් පිළිබඳ කිනම් සාකච්ඡා ද? අදෝමැයි! මෑ වැනි ස්ත්‍රීහු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිව ද ලැජ්ජාවට පත්කරති!

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 18:28:15 +0530
දෙවියෝ
මම ඔබට පිළිතුරු නොදීමට තීරණය කලත් මේ පවසන දේට දෙයක් කිව යුතුමයි.මම නිසා මොකටද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජා වෙන්නේ.උන් වහන්සේ ගේ දහම් දැනුම අභියස මම බොහෝම පුංචි කෙනෙක්. එහෙම නම් තමන්ලා වගේ අය නිසා බුදුහිමියන් ලැජ්ජාවට පත් වෙනවද.මෝඩ කථා කියන්න එපා.අනික තමයි ත්‍රිපිටක දෝෂ ගැන කථා කරන්න ඔබ කවුද මම කවුද.ත්‍රිපිටක ග්‍රන්ථ අකුරැ කරවූයේ උතුම් රහතන් වහන්සේලා යි.එවැනි උතුමන් පැවසු දෙයහි කිසිදු අඩුපාඩුවක් නොදකිමි.එවැනි උතුමන් කරවූ දෙය හි අඩුපාඩු සොයන්ට නුඹට හැකිදැයි මා නම් නොදනිමි.අඩුපාඩු ඇත්තේ මහා දැනමුත්තෝ යැයි සිතනා නුඹ වැන්නන්ගේ සිතෙහි මිස උතුම් ත්‍රිපිටක ග්‍රන්ථ වල නොවේ. මහා ලොකු දහම් දැනුමක් මට නොතිබුනද දන්නා දෙය මගේ ජීවිතයට ගලපා ගැනීමට උත්සාහ කරමි.ඔබ පිළිබඳව ඔබ අධිතක්සේරැවකින් සිටින බව හැගේ.මා ගැන සෙවීම නොව ඔබ ගැනම සෙවීම වඩා වටී.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 22:52:24 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. ඒ මක් නිසාද යත් එසේ වී නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ රූකඩ උපාසිකා හැත්තක් බැවිනි. මෑගේ හිස් බව කෙබඳුද යත්, මම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම ගැන කීමි. මෑ උතුම් රහතන් වහන්සේලා විසින් අකුරු කරවන ලද ත්‍රිපිටකයක අඩුපාඩු මවිසින් සොයන්න යෑමක් ගැන පවසමින් දොස් කීමක් කරයි. එසේ වීත් මට අඩුපාඩු සෙවීමට හැකි දැයි නොදන්නා බවද පවසයි. මට හැකි උවත්, නොහැකි උවත් ඒ ගැන නොදන්නේ නම් ඒ අරභයා මට දොස් කීම කෙසේ කරන්නද? එසේ දොස් කීම පිහිටුවන්නට පොළොවක් නොමැතිව අහසෙහි මාළිගාවක් තැනීම බඳු වූ සහේතුක බවක් නොදැක දොස් කීමක් වන්නේය. තවද තමන්ට මහා ලොකු දහම් දැනුමක් නැතැයි මෑ ම පවසයි. එසේ වීත් මම මා ගැන අධිතක්සේරුවකින් ඉන්නේ යැයි හැඟෙන්නේ යැයි පවසයි. එබඳු නිගමනයකට පැමිණීමට හේතු වූ සකාරණ බවක් මෑ විසින් දක්වා නොමැත, සකාරණ බවක් දක්නට මෑට හැකි බවකුත් මෑ මෑ ගැනම කියන කරුණුවලට අනුව නොපෙනේ. එසේ ඇති විට මෑගේ දොස් නැගීම නොදැන, නොබැස ගෙන කරන ක්‍රියාවකි. එසේ ඇති විට අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ පළමු පණ්ණාසකයේ භණ්‌ඩගාම වර්ගයේ පඨමඛත සූත්‍රයේ ඇති පරිද්දෙන් මෑගේ ක්‍රියාව බොහෝ පව් සිදුවන දෙයක්ද, නැතහොත් බොහෝ පින් සිදුවන දෙයක්දැයි මෑ ම නොදනී. එසේ ඇති විට මෑගේ හිස් බවම ප්‍රකට වේ. ඒ නිසා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

 

දෙවියෝ
දෙවියෝ
1 month ago
Chaturi Danushka
@ Mon, 30 Jul 2018 01:51:56 +0530
දෙවියෝ
පණ්ඩිතයන්ට ඒදන්ඩේ යාමට නොහැකිය යන කථාවක් ඇත.ඔබටද සිදුවී ඇත්තේ එයයි.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ සිංහලයට හැරවූ ත්‍රිපිටකය ගැන දොස් කථා කරන්න මා කවුද.දෙයක හොද නොව දොස්ම දක්නා ඔබ වැනි මහා ප්‍රාඥ යැයි සිතා සිටින්නන්ම තමයි මාර්ගය වරද්දා ගෙන සිටින්නේ.මා දන්නේ ටිකක් බව සැබෑය.මා තවමත් දහම හැකි අයුරින් පරිශීලනය කරමි.මා හිස් තැනැත්තියක් බව ඔබ කෙසේ පවසන්නේද.ඔබ සිවුරැ දරා සිටින අයකු හෝ සිවුරැ හැරගිය කෙනෙක්ම විය යුතුයි. ඔබ කවුරැ උවත් මට නම් ඔබ නොවැදගත් කෙනෙක්මය.කෙස් පැලෙන තර්ක අර සුත්‍රය මේ සූත්‍රය ඇසුරින් කුමන ආකාරයෙන් ඉදිරිපත් කලද ඔබ ගොබිලෙක්මය.

Sameera D
@ Mon, 30 Jul 2018 10:32:45 +0530
දෙවියෝ උඹ නං අමු ගොං හරකෙක්. තොට ගෑනි හදල දෙන්නේ පුන්නක්කු නේද කන්න.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 10:40:41 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. මෑ වැඩි වැඩියෙන් කථා කරන විට වැඩි වැඩියෙන් මෑගේ රූකඩ බව විද්‍යාමාන වේ. පණ්ඩිතයන්ට ඒදන්ඩේ යාමට නොහැකිය යන කථාවක් මැය දක්වයි. පණ්ඩිතයා මෝඩයෙකැයි හෝ මෝඩයා පණ්ඩිතයෙකැයි දැක්වෙන එහි මනා අර්ථයක් නොමැත. එය පුහුදුන්ගේ හිස් කථාවකි. ආර්යය ධර්මයෙහි එසේ නොවේ. ආර්යය ධර්මයෙහි හික්මුණු පණ්ඩිතයෝ දුෂ්කර වූත්, විෂම වූත් මාර්ගයේ යති. බාලයෝ විෂම මාර්ගයේ යටිකුරු වූ හිස් ඇතිව වැටෙති. පණ්ඩිතයන්ට මාර්ගය සම වේ. සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ දෙවපුත්ත සංයුත්තයේ සූරිය වර්ගයේ කාමද සූත්‍රයේ මෙනි. නොදැන, නොබැස ගෙන අනුන්ට දොස් කියන්න යෑමෙන් මෑ වැන්නන්ම විෂම මාර්ගයේ යටිකුරු ව වැටෙති. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටකයේ සරල සිංහලට පරිවර්තනයේ දොස් කථා කරන්න මෑ කවුදැයි මෑ ම ප්‍රශ්න කරයි. ඉතින් මෑට බෑ නම් අපි ඊට කුමක් කරන්නද? මෑට බෑ නම් බැරි දේට පැටලෙන්නේ නැතිව පැත්තකට වී සිටීම නොවේද හොඳ? මා සිවුරු දරා සිටින අයෙකු හෝ සිවුරු හැරගිය කෙනෙක්ම විය යුතු යැයි මෑ පවසයි. ඒ සිතීම හරි වේවා, වැරදි වේවා, එසේ නිගමනයකට පැමිණෙන්න මෑ මා ගැන කුමක් දන්නේද? මා එබඳු දෙයක් පවසාද නැත. මෑ නොදැන නොබැස ගෙන අනුන් ගැන කථා දෙසයි. එසේ ඇති විට මෑගේ කථාව සත්‍යයක්ද, නැතහොත් අසත්‍යයක්දැයි මෑ ම නොදනී. මෙයින්ද මෑගේ හිස් බව දැක්වෙයි. මෑ තමන්ගේ අඩුපාඩු සඟවා ගැනීමට සත්‍ය අසත්‍ය බව නොසලකා අනුන්ට දොස් කියන්නියක් බව පෙනේ. තවද මෑ බහුශ්‍රැතභාවය දැක්වෙන කථාවන්ට අකුල් හෙළන බවක් පෙනේ. එසේ නම් මෑගේ ස්වරූපය ගැන අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ සද්‌ධම්‌ම වර්ගය දුක්‌කථා සූත්‍රය ඇසුරෙන් විමසා බැලීම වටී. මෑ වැඩි වැඩියෙන් කථා කරන විට වැඩි වැඩියෙන් මෑගේ රූකඩ බව විද්‍යාමාන වේ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

දුග්ගමෙ විසමෙ වාපි
අරියා ගච්ඡන්ති කාමද,
අනරියා විසමෙ මග්ගෙ
පපතන්ති අවංසිරා,
අරියානං සමො මග්ගො
අරියා හි විසමෙ සමාති.

Sameera D
@ Mon, 30 Jul 2018 10:51:27 +0530
දෙවියෝ
ගොං හරක , තෝ මොනව හරි කීවොත් තොගෙ ගොං ගෑනි තොට කොස්සෙන් ගහනව නේද. තෝ ඒ හින්ද මෙතන internetඑකේ වීරය වෙන්න හදනවද. කලිසමේ බඩ යාම චිත්ත දියුණුව කියලා හිතාගෙන ඉන්න ගොබ්බය. තව කාපිය පුන්නක්කු. තෝ වැඩිය එලියට බහින්න එපා කව්රු හරි කරත්තෙට බදින්න අල්ල ගනියි.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 11:00:52 +0530
දෙවියෝ
තමුන් මහා ප්‍රාඥ කියලනේ කියා ගන්න ඕනේ.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ලග හිදින උපාසක උපාසිකාවන්ව එක එකාට නටවන්න පුලුවන් අය නොවන බව මුලින්ම මතක් කරමි.එහෙම වුනා නම් මේ ගොබිලන්ගේ ප්‍රෝඩාව ට හසු වෙනවා.ඔච්චර දාගලන්න අවශ්‍ය නෑ.කෙලින්ම කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ත්‍රිපිටක සරල සිංහලයට හැරවීම ගැන කථා කරන්න.එතකොට දෙයියට හොද පිළිතුරක් ලබා ගත හැක.තමුන් වගේ අය බුද්ධ කාලයෙත් ඉදලා තියෙනවා.දහම දැනගත් පමණින්ම ප්රඥාවන්තයෙක් නොවේ.මට නම් පේන්නෙම තමුන්ගේ ගොබ්බකම විතරමයි.කා එක්ක හරි එල්ලිලා ලොකු වචන ටිකක් කථා කරලා පොර වෙන්න දඟලන ඔහේට වෙන්නෙත් දවසක කොර වෙන්න.මුන්දැට දැන් ත්‍රිපිටක ප්‍රශ්ණ නෑ .මුන්දැට දැන් තියෙන ප්‍රශ්ණය මේ මම.අනේ මෙහෙමත් දෙයියෙක්.

Sameera D
@ Mon, 30 Jul 2018 11:05:42 +0530
Chaturi Danushka
මම ඒකනේ කිව්වෙ ඕක ගෑනිගෙන් ගුටිකන කොන්දක් නැති හිවලෙක්.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 11:12:26 +0530
Sameera D
ඒකනම් ඇත්ත.මේ තැනැත්තගේ ප්‍රඥා වන්ත බවක් ඔබට පෙනෙනවද.දහම ඉගෙන ගෙන ඇති.අපට වඩා දන්නවත් ඇති.නමුත් ඔහු තරම් කෙනෙක් නෑ කියලා නේද මේ අගවන්නේ. නම් හිතෙන්නේ මෙයත් අකුරැ දෙකේ එක්කෙනාගේ රෑකඩයක්.

 

දෙවියෝ
1 month ago
Sameera D
@ Mon, 30 Jul 2018 11:22:22 +0530
Chaturi Danushka
ඔබට වැරදිලා. මේක දන්න දහමක් නෑ. මූ බත් කන අමු ගොනෙක් නෙ. නැත්නම් මෙහෙම ධර්මය විකෘති කරයි ද. මේකගෙ මාන්නෙ විතරයි තියෙන්නේ මූට කලිසමේ බඩ ගියා කියලා.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 13:27:36 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් සහ මේ Sameera D වැනි රූකඩ උපාසක හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. පෙරද දැක්වූ ලෙස අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ මහා වර්ගයේ හත්වන සූත්‍රයේ සඳහන්ව ඇති පරිද්දෙන් මෙවැනනන් කථා යෝග්‍ය නොවේ. මම ත්‍රිපිටක පරිවර්තනයක් ගැන කීමි. මොවුන් ප්‍රයෝජනයක් නැති පල් හෑලි දොඩවයි. මොවුන්ගේ උත්සාහය තමන්ගේ අඩුපාඩු වසාගැනුමට අනුන්ට බැනීම, තමන් ගැන පුරාජේරු කථා කියා තමන් උසස් යැයි හැඟවීමට උත්සාහ කෙරුම බව පෙනේ. පල් හෑලි දෙඩුමට සමත් උවත් මොවුන්ගේ කටින් දහම්පද පිටවීම දැකීම නම් දුෂ්කර බව පෙනේ. එක්කෝ මොවුන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ නාමයට මුවාවී ඒ ස්වාමීන් වහන්සේගේම නම කැත කරන සක්කිලි හැත්තක් ලෙස දැකිය යුතුය. එසේ නොමැතිව මොවුන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් දහම් උගෙන මනාව ඒ දහම්හි හැසිරේ නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මොවුන්ට උගන්වා ඇත්තේ සක්කිලි දහමක් යැයි සලකන්නට සිදුවේ. එසේ නම් ගුරා ගැනත් අපිට ඒ මානයෙන්ම සිතන්නට සිදුවේ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් සහ මෙවැනි රූකඩ උපාසක හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 14:12:24 +0530
දෙවියෝ
අපේ ගුරැ ස්වාමීන් වහන්සේට අගෞරව කිරීම නුඹේ අරමුණ බව වැටහේ.බුදුහිමියන්ටත් ගරහපු අමනයෝ හිටපු එකේ ,මේ ගොබිලා මොනවා කීවත් කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේට ලැජ්ජා වීමට අවශ්‍යතාවයක් නැත.මොකද කිසිදු ලැජ්ජා වීමේ කරැණක් උන් වහන්සේ සතුව නොමැති නිසා.පිරැණු කලේ දිය නොසැලේ කියනවනේ.ඒ වගේ පිරිණු දහම් දැණුමක් ඇති උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන ඤාණානන්ද හිමියන් මෙවැනි අභූත චෝදනා වලින් නොසැලේ.අඩු කලේ සෙලවේ කියන කියමන ඔබට හොදින්ම ගැලපේ. අපි කිසිවකුටත් ගරහා කලේ නැත.මට නම් මහා දහම් දැනුමක් නැත.නමුත් දන්නා දේ ජීවිතයට ගලපාගෙන ගුණධර්ම දියුණු කර ගැනීමට අහිංසක වෙහෙසක් දරමි.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ නිර්මල බුද්ධ දේශනා සරල සිංහලයට පරිවර්තනය නොකරා නම් අපද මේ ගොබිලන්ගේ මිත්‍යා අදහස් වලට රැවටීමට ඉඩ තිබුනා.උන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව ලැබී දීර්ඝායුෂ ලැබී මේ ගොබිලන්ගේ මිත්‍යා දෘෂ්ටිය දුරැකිරීමට හඩ නගා නිර්මල බුද්ධ දේශනා ඉස්මතු කිරීමට ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවා.බනින්න ඕනි නම් අපට ඇති තරම් බනින්න.සිල්වත් ගුණවත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ගරහා කර අපාගත නොවන්න.මම මේ ඔබට උත්තර බදින අවසන් අවස්ථාව.නිකරැනේ මගේ වටිනා කාලය ඔබ උදෙසා වැය කිරීම නොව ටී.මේ කාලයත් එක දහම් පදයක් හෝ ඇසීමට වැය කිරීම දහස් වටී.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 16:37:35 +0530
භවත්නි, රූකඩ උපාසිකා කථා අවසන් කරනවාලු! කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ එක්ව ඉන්නේ දහම් කථාව පසෙක තබා පල් හෑලි දොඩවන මෙබඳු තුච්ඡ ස්ත්‍රීන් පිරිසක්ද? තමන්ගේ ආචාර්යය වාදය මනාව ඉගෙන ඊට අනුව කරුණු ඉදිරිපත් කරන්න සමත් උපාසිකාවන් නැද්ද? අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ සඤ්චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්‍රයේ සඳහන්ව ඇති පරිදි තථාගතයන් වහන්සේ සතර මහාපදෙසයෝ දක්වා ඇත. ඒ අනුව දහම් විමසීමට උත්සුක වන අපි කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කී පමණින් ඒ කියන දෑ නිර්මල බුද්ධ දේශනා යැයි පිළිගන්නට යොමු නොවෙමු. පිළිගත යුතු නම් විමසාම පිළිගැනීමටත්, බැහැර කළ යුතු නම් විමසාම බැහැර කිරීමටත් උත්සුක වෙමු. තවද අපි ගැරහිය යුතු නම් ගැරහිය යුත්තන්ව ගරහමු. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේව ගැරහිය යුතු නම් නොකිරීමම අපට ලැජ්ජාවක් වේ. ඒ ගැරහිය යුතු නම් නොගරහා සිටීමෙන් අප බුදුන් වහන්සේගේ උපදෙස් නොසලකා හැරීමක් කර ඇතැයි ලැජ්ජාවට පත් වන බැවිනි. දහම් කථාව පසෙක තබා පල් හෑලි දොඩවන මෙබඳු තුච්ඡ ස්ත්‍රීන්වද අපි ගරහමු. ඒ එබඳු සක්කිලි කථා දහම් කථා යැයි අන් අය හෝ වරදවා නොගන්නේ නම් මැනවැයි සිතාය. භවත්නි, රූකඩ උපාසිකා කථා අවසන් කරනවාලු!

 


Wibajjawada Shasana Samiksha

2018-09-22 | 9.00 PM | විභජ්ජවාද ශාසන සමික්ෂා

This video was originally posted atThe Buddhist Media Network on Published on Sep 22, 2018 with comments disabled. A re-upload exists here with comments enabled for the opinion on both sides.

 

Posted by: Dhamma Follower (2018-09-24)

 

If you find these topics to be a bit challenging to understand, then please refer to the section “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.

(This is from a comment appeared on a WhatsApp group – Original Author චාමර සිරිවර්ධන)

අවුරුදු 4ක් 5ක් නිවරදි ධර්මය කුමක්ද යන්න සෙව්වෙමි..නමුදු මා ධර්මය අසන්නට ගියපු කිසිම් ස්තානයකින් මාහට එය අසන්නට ලැබුනේ නැත..අසන්නට ලැබුනේ ජාතක කතාය,කවි බණය,මව්පිය වන්දනාය,නැත්නම් පහන් පූජා,එසේත් නැතිනම් ස්වාමීන් වහන්සේලාගේ පුද්ගලික ජීවිත කතාය..
බොහෝ ස්වාමීන් වහන්සේලා ධර්මය යැයි පවසන්නේ ලැබුනු මේ මිනිස් භවයේ ඉතිරි දවස් ටික ගෙවිය යුතු ආකාරයයි..හොද ගෙයක් හොද ආර්ථිකයක් හොද පවුල් ජීවිතයක් ගත කරන ආකාරයයි..එනම් ලෝකයට තව තවත් බැද තබනා ක්‍රියා පටිපාටියකි.අවසානයේ දිව්‍ය සැප සම්පත් ලබා .ගෝතම බුදුසසුන ජීවමානව පැවතුනත් මෙතේ බුදුන් දැක නිවන් දැකීමටයි

නමුත් නිවන කුමක්ද?..
බුදුන් වදාල ධර්මය කුමක්ද?..
ඒ මාර්ගයේ ගමන් කරන්නෙ කොහොමද?..
සෝතාපන්න වීම යනු කුමක්ද ?
අඩුම තරමෙ එහෙම දෙයක් තියනවද ?
නිවන් අවබෝදයේ ක්‍රමවේදය.සහ කලයුතු ක්‍රියා මාර්ගය කොතනකවත් ඇසෙන්නේ / අසන්නට නැත

අස්ගිරි මහානායක හිමිවරු,මල්වතු මහා නායක හිමිවරුන් මා දැක ඇත්තේ රූපවාහිනීයෙන් පමනි..ඒ දකින්නෙත් VIP කියා කියන මිනිසුන්ගේ අතේ පිරිත් නූල් බදින ආකාරයත් ඔවුන්ට ආශිර්වාද කරන ආකාරයත් පමනි..මා කවමදාවත් ඒ හිමිවරුන්ගේ බන කිසිම රූපවාහිනී නාලිකාවකින් අසා හෝ දැක නැත..

බුදුන වදාල ඒ ශ්‍රී සද්ධර්ම ඒ ස්වාමීන් වහන්සේලාගේන් අහන්නට අපිත් මහත් ආසාවෙන් බලා සිටින්නෙමු..
සමහරවිට ඒ අති උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරනාවක්වත් අසන්නට තරම් අපි පින කර නැතුවා වෙන්න පුළුවනි..එයද අප ලද අභාග්‍යකි..

නමුදු මට පැවසීමට ඇත්තේ මෙයයි..

මා එක්තරා පන්සලක අලුත් වැඩියා කටයුත්තක් කරමින් සිටි අතර තුර අපූරු පුද්ගලයන් දෙදෙනෙක් හදුනා ගත්තෙමි..නමින් ඔවුන් පුබුදු සිරිවර්ධන හා ලසන්ත ප්‍රනාන්දු ය..
ඔවුන්ගේ මාර්ගයෙන් මා හට එක්තරා ස්වාමීන් වහන්සේලා කීපනමකගේ බන අසන්නට ලැබිනි..

සැබැවින්ම නිවන ට යන පාරක් ඇතිබව පලමු වරට දැනගත්තේ ඔවුන් පෙන්වූ මාර්ගයෙනි.පලමුව ඔවුන්ට පින් දිය යුතුය….

සෝතාපන්නයෙක් වීම,සෝතාපන්න මාර්ගයේ ගමන් කර්න්නෙ කෙසේද…
මේ සියලු ප්‍රශ්න වලට උත්තර පහත නම් සදහන් ස්වාමීන් වහන්සේලා සතුව ඇතිබව මට තේරුම් ගියෙමි…
ඊට පසු නිරන්තරයෙන් එම ස්වාමීන් වන්සේලාගෙ බන ඇසුවෙමි…

වහරක අභය හිමිගේ බන මා හට අසන්නට ලැබුනේ යූ ටියුබ් ඔස්සේ පමනි..
හංවැල්ලේ මේදංකර හිමි
නිවාතාප හිමි
අභය හිමි
රතුපස්කැටියේ විමුක්තරතන හිමි

මේ සියලුම හිමිවරුන්ගේ බන මා දිගින් දිගටම අසමින් පවතී…
ත්‍රිපිටකය ගැන යම් තරමක හෝ අවබොදයක් ලැබුනේ යූ ටියුබ් ඔස්සේ මා අසාඇති අභය හිමිගේ බණ වලිනි..
අඩුම තරමේ ත්‍රිපිටකය ට පොත් 57ක් ඇතිබව දැන ගත්තේ මේ ස්වාමීන් වහන්සේලාගෙනි….
කනගාටු වියයුතුය අප..
(පොත් 57ක් තිබෙන බව දැනගෙන නිවන් දැකිය නොහැක.)

ඇත්තටම උප්පැන්නයේ සදහන් වුනු ආකාරයෙන් අපි බෞද්ධයන් වන්නේ නැත..
මා අසා ඇති ආකාරයට බවය අත් හැරීමෙන් පමනක් බෞද්ධ වේ යන්නයි…
පලමු බෞද්ධයා වනුයේ බුදු හිමියන් ය..

මේ කාල සීමාවෙ උපදින්නට තරම් අප පින් කර ඇත..ඒ වෙන හේතුවක් නිසා නොව ශ්‍රී සද්ධර්මය ලොවතුල පවතින කාලයක මිනිස් ආත්මයක් ලැබීමයි…

ඉතාම දුර්ලභ ලෙස ලැබෙන මිනිස් ආත්මයෙන් අප වැඩක් ගත යුතුය..
අඩුම තර්මේ සෝතාපන්න මාර්ගයේ වත් යන්නට හැකිනම්….යම් තරමක බේරුමක් පවතින බව මා අසා ඇත..

මා දන්නා ආකාරයට සෝතාපන්නයෙක් විය හැක්කේ..
ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් පමනි…
නිවනට යන මාර්ගය එයයි…

අවාසනාවක මහිම යනු දින කීපයකට කලින්..බුද්ද නිකායට අයත් නොවන. සම්මත නිකායන් නියෝජනය කරනා පාර්ශවයන් විසින් මේ ස්වාමීන් වහන්සේලාට බන දේශනා කිරීම තහනම් කර ඇත…

ප්‍රශ්නය නම්…

මීට කාලයකට පෙර කිසිම නිවීමක් නැති හිස් මිනිසුන් වූ අප මේ තරමට හෝ නිවුනේ විකුර්ති බන අහලාද ?

අප දැන් බන ඇසිය යුත්තේ කාගෙන්ද?..
මේ වසාදැමීමට උත්සාහ කර්න්නේ ඒ බුදුන් වදාල නිවන් මාර්ගය ද..
යම් කෙනෙකුගේ නිවන් මාර්ගය වැසීම තරම් අපාගත වන තවත් පාපයක් මේ ලොව ඇත්ද…

අපට පවසන්න වෙන්නේ..

“අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
බදු හාමුදුරුවනේ”

කියලද?…

සැකසුම-චාමර සිරිවර්ධන

Posted by: Unknown (2018-10-26)

Posted on a video talking about Sinhala New Year Celebration.

This is a similar topic from the same channel.

ඇත්තම සිද්ධිය එදා කොපර්නිකස්ටත් අද ඔය කිරිබත්ගොඩ ලොකු සාමිට ඩොලර් කුට්ටි කවන කතෝලික පල්ලියෙන්ම අභියෝග කලා සූර්‍ය කේන්ද්‍රවාදය සාක්ශි සහිතව ඔප්පු කරන්න කියල.. හැබැයි කොපර්නිකස්ට ඒක කරන්න බැරුව ගියා.. ඒ කොපර්නිකස් පෙරදිගින් ග්‍රහලෝක හිරු වටා යනව කියල කටපාඩම් කරගත්ත විතරයි නිසා.. ඒත් පෙරදිග ශ්‍රී ලංකාවෙ අපි හිරු වටා ග්‍රහලෝක සිදු කරන සංකීර්ණ චලිතය, කොපර්නිකස්ටත් කලින් දැනං හිටිය කියල ඔප්පු කරන්න තියෙන ප්‍රබලම සාක්ශිය අවුරුදු ගනනාවක ඉඳන් පැවත එන තෙල්මේ නැටුම . ඒකෙන් නිරූපනය වෙන්නෙ ග්‍රහලෝක සිදු කරන චලිතය පෘථිවිය සූර්යා වටා බ්‍රමනය වෙමින් තමා වටා පරිබ්‍රමනය වීම . සූර්ය වන්දනාවේ යෙදුනු යක්ෂ ගෝත්‍රය, සූර්ය නමස්කාරයක් ලෙස තෙල්මෙ නැටුම යොදාගත්ත. පෘථිවියේ අංශක 23.5ක ආතතියත් සමග පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වීම තෙල්මෙ මාලක්කමින් සංකේතවත් වෙනවා. ඒ කියන්නෙ ඇරිස්ටෝටල්ටත් වැරදුනු සෞරග්‍රහ මණ්ඩලයෙ නිවැරදි පිහිටීම ගැන හෙළයේ අපි දැනගෙන හිටියෙ කොපර්නිකස්ටත් හුගක් ඉස්සර ඉදන්. බයිබල් ආගම නවීන විද්‍යාත්මකවත් දිනෙන් දින අන්ත පරාජය වෙලා අසරණ වෙන බටහිර මිශනාරි බලවේග දන්නව සිංහල බෞද්ධ ජන සමාජගත මූල සිද්ධාන්ත නවීන විද්‍යාත්මකව වුනත් කිසිම ජගතෙකුට බොරුයි කියල කියන්න බැරි බව ඔය කිරිබත්ගොඩ ලොකු සාමි තිසරණයේ ලේබලය අලවන් සිංහල බෞද්ධ වේශයෙන් ඉදන් පල්ලියේ කොන්ත්‍රාත් එකට සිංහල බෞද්ධ මූල බීජ මෙරටින් සමාජයෙන් උදුරා දමන්න දාන තවත් එක සෙප්පඩවිජ්ජාවක් මේක.ඉස්සර බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න හදපු බටහිර ක්‍රිස්තියානි/කතෝලික මූලධර්මවාදීන් ,ඉස්ලාම් අන්තවාදීන් සහ මේ රටේ බෙදුම්වාදයට ඇද දමන්න මාන බලන දෙමල ඩයස්පෝරාව සහ වර්ථමානයේ බිහිවෙලා ඉන්න අදේවවාදීන් යැයි කියාගන්නා පිරිස් අන්ත අසරණ වෙලා ඉන්නවා එදා ඉදන් මෙරට පැවති බුදුදහමත් සිංහල ජාතියත් කියන ශක්තිමත් පවුර හමුවේ. මේ රටට අතීතයේ පටන්ම තිබූ සිංහල බෞද්ධ රාජ්‍ය අනන්‍යතාවයේ මූලිකත්වය සුරක්ෂිතව සිංහල බෞද්ධ නායකත්වය හෙල සිරිත්විරිත් තිබෙන තුරු මේ රටට,ජාතියට,ආගමට වින කරන්න හානි කරන්න බැහැ. වසර 2600කටත් වැඩි කාලයක් තිස්සේ අපේ රට සිංහල ජාතිය හා ගෞතම සම්බුද්ධශාසනය රැකුණේ එවැනි පසුබිමක් තිබුන නිසා. මහින්දාගමනයේ සිට අනුරාධපුර යුගය තුල දේවානම්පියතිස්ස, දුටුගැමුණු, ආදී ගුණගරුක නිර්භීත සිංහල බෞද්ධ නායකයන් බිහිවුයේ රට එක් ධජයක් යටතේ පාලනය වී මේ සිරිලක ධන ධාන්‍යාදී සශ්‍රිකත්වයෙන් අභිමානයෙන් බැබලෙන්න පටන්ගත්තේ ඒ නිසා. ලෝවාමහා පාය රුවන්වැලිසෑය ආදී දහසක් වෙහෙර විහාර අහස උසට විහිදෙන ගොඩනැගිලි බිහිවුයෙත් , මුළු ජන සමාජය මෙන්ම සතා සිව්පාව සහ පරිසරය පවා සුව විඳින මහා වැව් දාගැබ් බිහිවුයෙත් ඒ අානුභාවයෙන් ..අතීතයේ ඒ මිනිසුන්ගෙන් පිරිපුන් පිනෙන් බලවත් සිංහල ජාතිය සමාජ සංස්කෘතිය හා ආචාරධර්ම පද්ධතියක් තිබුනා . ගසට පොත්ත හා සම බුදු දහමෙන් බෞද්ධ සංකෘතියෙන් සිංහලයා ඈත් කර වෙනස් හිස් මතවාද පැතිරීම මගින් ජාතියක් වශයෙන් හා පොදුවේ රටක් වශයෙන්ද අපේ පිරිහීම ඇතිකල හැකි බව දන්න පිරිසක් අද ක්‍රියාත්මක වෙලා ඉන්නව,මේ අසපු නඩයත් ඉන් එක් කො⁣ටසක්. ක්‍රිස්තියානි ඉස්සර කරපු විදියට අනිත් ආගම්,ජාතීන් වලට කරපු විදියට සිංහල බෞද්ධයන් බාහිරයෙන් ඉදන් විනාස කරන්න බැරි නිසා මේ වන විට භික්ෂුන් ලෙස හා ගිහියන් ලෙසත් බුදු දහම තුලට වෙස්වලාගෙන ඇතුළු වී බුදුදහමේ හරය වන වැරදි ලෙස අර්ථ ගන්වා විකෘති කිරීම,බුදු දහමත් කතෝලික , ක්‍රිස්තියානි බයිබලයත් දෙකම එකක් බවට පැවසීම දැන් ආරම්හ වෙලා තියෙනවා.

There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.