+1-778-834-5353 info@namaroopa.com
Select Page

කොපමණ ප්‍රශ්ණ ඇසුවත් කිසිම තරහක් නොගෙන, කරුණාබරව, රෑ එලිවෙනන් වුවත් අසිරිම්ත් බුදු දහම අසන්නාට තේරුම්‍ යන තුරු කියාදීම උන්වහන්සේගේ මා දුටු විශේෂත්වය ‍යි.

Dhamma Talk With Nisala (මි. 20ක කොටසක්)

by සුසිල හිමි

සම්පූර්ණ දේශනය...

Find the full dhamma talk here…

සුසිල හිමි පැවැත්වූ ධර්ම දේශනා

“පුලුවන් ජගතෙක්ට කියන්න මාගදී පෘකෘත භාසාවෙන් මේ ත්‍රිපිටකයේ අනිත්‍ය දුක්ක අනාත්ම තියෙන තැනක් පෙන්නන්න කියල? මේක පරිවර්තන දෝශයක් මිසක් වෙනකක් නොවෙයි. මේක වාද විවාද කරන්න දෙයක් නොවේ. ප්‍රඥාවන්තයාගේ සිරිත විමර්ශනය කිරීම. මට මුනගැසුනා සූත්‍ර 120ගානක් අනිච්ඡ දුක්ඛ අනත්ත ලෙස සඳහන් වෙලා තියෙනවා. මේ නිසා පටිච්ඡසමුප්පන්න අර්ථය තේරුම් ගන්න. බෝම්බය විනාශකාරී ද්‍රව්‍යක් මිසක් එය විනාශවන ද්‍රව්‍යක් කීවාට කෙනෙක් බෝම්බය අත හරින්නේ නෑ. ඒ වගේමයි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඒ අර්ථයෙන් විනාශය දකින්න.” (10 වන වැඩසටහන / දෙවන කොටස 1:24:00).

මගේ සටහන් පොත / Open My Notes

Open the notes book here. The note book is kept up-to-date as and when the time permits. If you like to add sections, let me know. If you want to use it for your documents or research, feel free.

 

Google Sheet With My Notes

This sheet contains some notes created during the these Dhamma Talks.

These were created this for the document owners’ personnel use. This document provides fast access and fast search for dhamma topics discussed by Susila thero.  If you want you can use this as well. This note does not have everything from all dhamma talks. With the availability of time the document will be updated for missing parts regularly.

සුසිල හිමි සිදුකල දේශනා

 

Susila Thero Dhamma Talks YouTube

Reach the playlist with dhamma talks delivered by Susila Thero. This is privately held and moderated playlist for the users personal research of Dhamma.

 

ධර්ම දේශනාවලදී උපුටාගත් සූත්‍ර

දහම් උපුටාගැනීම් සිදුකල මුල් සූත්‍ර කාණ්ඩ මෙහි දක්වා ඇත.

Number of suthra references were used in these dhamma talks. This link gives those Suthra References.

 

PDF Dhamma Notes

These Dhamma Notes were released by Susila thero and relates for his dhamma talks. 

i

මුල් පිටපත

i

පිටු අංක යෙදූ.

තිලකුණු දැකීම / අනුලලෝම ක්ෂාන්තතිය හා සම්මත්ත නියාමය  – Basics of Becoming a Buddhist (in Sinhala)

Date of distribution: 202-12-21, during the dhamma talk in here.

i

සංස්කරණය (2021-01-23)

ආස්වාද – ආදීනව – නිස්සරණ  – Core teachings of Buddhist Philosophy (in Sinhala)

Date of distribution: 2021-01-16, during the dhamma talk in here. Then revised on 2021-01-23, during the dhamma talk in here.

පළමුවන දින වැඩසටහන

කාමයේ ආශ්වාදය ආදීනවය නිස්සරණය ණුවනින් දකින්න. එසේ ප්‍රඥාවෙන් අවබෝධ කිරීම තුල පුද්ගලයෙක් නිවනට පත්වෙනවා.

නිවන

අද නිවන් දකින්න බැරිද?

නිවන් මඟ

කාමයේ ආශ්වාදය ආදීනවය නිස්සරණය නුවනින් දකින්න.

කාමය නම්?

සංකල්පීය රාගය තමයි කාමය. දහදෙනෙක් කැමති දස ආකාරයකට – සංකල්ප 10ක්.

දසවන දින වැඩසටහන

පටිච්ඡසමුප්පන්න අර්ථය තේරුම් ගන්න. බෝම්බය විනාශකාරී ද්‍රව්‍යක් මිසක් එය විනාශවන ද්‍රව්‍යක් කීවාට කෙනෙක් බෝම්බය අත හරින්නේ නෑ. ඒ වගේමයි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඒ අර්ථයෙන් විනාශය දකින්න.

කාමාන මේතං අධිවනං

කාමය සහ නෙක්කම්මය. කාමය මත පිහිටා සිටින තාක් කල් දුක් සහිත ලෝකය පවතිනවා.

කර්මයෙන් දුක එනවා ද?

‌නැත. කර්මය සමුදය වන්නේ චේතනාවෙන්. සංකත ලෝකයක් කිව්වේ මේ ලෝකය සත්වයාගේ සංකාර හේතුවෙන් මොහොතක් පාසා ඇතිවූවක් වන නිසා.

පරිවර්තන දෝශ

පුලුවන් ජගතෙක්ට කියන්න මාගදී පෘකෘත භාසාවෙන් මේ ත්‍රිපිටකයේ අනිත්‍ය දුක්ක අනාත්ම තියෙන තැනක් පෙන්නන්න කියල? මේක පරිවර්තන දෝශයක් මිසක් වෙනකක් නොවෙයි.

නිමිති අනු නිමිති බලනව කියන්නේ කුමක් ද?

යමක අනුලක්ෂණද සලකා බැලීම යි. සිත විසින් ගැලවෙන්න බැරිවිදියට අපව ගැටගසනවා.

අසාරත්වය දකිනවිට දකින අප්‍රියතාවය ද්වේශසහගත ද?

කාමය පිළිකුල් කරනවා කියන්නේ අසූචිගොඩක් අප්‍රිය සහගතව කරන පිළිකුල නොවේ. ලස්සන රූපයක් දැක්කත් පිළිකුල් කරන්වා… ඒ අප්‍රිය නිසා නොවේ. ඒ ප්‍රඥාවෙන්.

ප්‍රභාස්වර චිත්තය උපතින් ගේනනක් ද?

උපතින්ම ගේන්නේ කිලිටු සිතක්. රහතන් වහන්සේට තමයි පිරිසිදු සිතක් පවතින්නේ. චුල්ල පන්තක තේර කතාව. බුදුරජාණන් වහන්සේ දෙන්නේ දූවිලි සහිත රෙදි කැබැල්ලක්.

එකලොස්වන දින වැඩසටහන

මහාධන සිටුතුමා ඉතා සාර්ථක කසී සලු ව්‍යාපාරිකයෙක්. නමුත් ජීවිතයේ ප්‍රමාධ උනා. අවසාන කාලයේ බුදුන් මේ ප්‍රමාධය පෙන්වා දුන්නා. ජීවිතයේ ප්‍රමාද වන්නේ කෙසේද? ඒ ගැන සහ තවදුරටත් අස්සාද, ආදීනව සහ නිස්සරනය ගැන මේ දේශනයෙන් අසන්න.

මහාධන සිටුතුමා

සතියකින් ජීවිත අන්තරාය තියාගෙන වසරකින් එන ලාභය ගණන් බලනවා…  ඇසල සැනකෙලියට වෙළදාමට ගිය සිටුතුමා අචිරවතී ගඟ තරණය කරගන්න බැරිව මාස 3ක් බලා හිටියා. පසුව ඊලඟ වස‍රේ වෙළඳ උත්සවයට සහභාගී වෙන්න සැවත් නුවර නතර උනා. ප්‍රමාද උනා. අවසානයේ බුදුන් හමුවී තම දෝශය අවබෝද කලා.

පටිච්ඡ

වචනයේ තේරුම පෑහෙනවා කියන එකයි. මෙය කිසිවෙක් කරවන්නක් නොවේ. පටිච්ඡනානත්වයට හේතුව සම්පස්සයේ වෙනස. ඒකට හේතුව? සලායතන. මේ විදියට අවිද්‍යාව දක්වා පටිච්ඡසමුප්පාද ක්‍රියාවලිය තුලින් මේක දැක ගන්න ඕන. පටිච්ඡය යනු සත්ව පුද්ගල ක්‍රියාවලියක් නොවේ.

ධ්‍යාන

මීට කලින් ධ්‍යාන වැඩුනා. දැන් වැඩෙන්නේ නැත්තේ ඇයි? මුලින් අවබෝධය වර්ධනය කරගන්න. ධ්‍යානයකදී ලද සුවය නැවත අධිෂ්ඨාන කලාට ලැබෙන්නේ නෑ. ඒ සුව දැනුන වෙලාවේ වැඩූ කර්මස්ථානය නැවත සිහි කරන්න, එවිට ධ්‍යාන සුවය නැවත ඇතිවිය හැකිය. විදර්ශනා භාවනාවෙන් විදර්ශනා ඥාන වැඩෙනවා.

හරස්කඩ

Entry

මූලික දහමට පැමිණීම

දහම තේරුම් ගත හැක්කේ කාටද?

‌මේ රටේ ඉපදිල ඉන්න සියලු සිංහල භාෂා පරිශීලකයෝ සිංහල යෝ. ඒ තමයි මාගධී නම් බුද්ධ භාශිතයට ඉතාම ආසන්න භාසාව. එනිසා සිංහල කතා කරන්න තේරුම් ගන්න පුලුවන් හැමකෙනෙක්ටම මේ දහම තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා. ඒ අයට හේතු වාසනා තියෙනවා. මේ මුස්ලිම්, දෙමල, කතෝලික, බර්ගර්, මැලේ ආදී සියලු දෙනාටම සසර පෙර වාසනාව තියෙනවා මේ ධර්ම ද්වීපයේ ඉපදීමට.

කෙනෙක්ට දස අකුසලයෙන් වෙන්වීමේ ආනිසංස පෙන්වන්නේ කෙසේද?

දස අකුසලයේ යෙදුනාම හිතේ තැවීමක් තියෙනවා. මේ විදියටම තමයි පරලොවත් තැවෙන්නේ. මේ තැවීමම තමයි පාපය. කෙනෙක් මේ ගැන තේරුම් ගෙන දහමෙන් ප්‍රයෝජනයක් ගත්ත ගමන් දහම සංදිට්ඨික බව තේරුම් ගන්නවා. තැවීම ඇතිවන ආකාරය කියා දෙන්න. සංදිට්ඨික ගුණය තේරුම් යන විටම සද්ධාවේ පිහිටනවා. එවිට ඔවුන්ම දහම සොයයි තවදුරටත් මේ නිවීම ශාන්තිය ඇති කරගන්න.

The Core

අනිච්ඡ දුක්ක අනත්ත

අනිච්ඡ දුක්ක අනත්ත හතලිස් ආකාරයෙන් දකින්න යම් උපදෙසක් දෙන්න?

ඉස්සල්ලාම ධාරනය කරගන්න ඕන. උදාහරණය: අලි එලවන මන්තරයක් තියනවා පොතක ලියල. නමුත් අලිය දකින වෙලාවට මතක නැතිනම් වැඩක් තියෙනව ද?

අනිත්‍ය කියල කිව්වට ඔය කියන තරම් මහ වැරැද්දක් වෙන්නේ නැද්ද? වචන තේරුමේ මෙච්චර වැදගත්කමක් තියෙනවා ද?

වචන වලින් කෙනෙකුට තේරුම් යන්නේ වෙනස් විදියටනම් එයින් චතුරාර්‍ය සත්‍ය නොපෙනී යනවා. එතිනින් එහාට පේන්නේ ජරා මරණ ස්වභාවය විතරයි. උප්පාද වය ලක්ෂණය වැසී යනවා. මේ අදහස නිවන් දකින්න ප්‍රමානවත් නෑ. බෝම්බය විනාශවී යනවා කිව්වට වඩා එය විනාශකාරී කියන අදහස වෙනස්. ජරාව මරණය හැමතැනම පේනවා. මේ වය යන අර්ථය සම්පූර්ණයෙන් නොවේ.

5 Upadhana

පංච උපාදානස්කන්ධය

නිරුද්ධ වන්නේ පංච උපාදානස්කන්ධය ද?

නැත.

Core Mind

‌ප්‍රභාස්වර චිත්තය

චුල්ලපන්ථක ස්වාමීන්වහන්සේට දුන්නේ පිරිසිඳු රෙදිකඩක් ද?

චුල්ලපන්ථකට ලැබුනේ දූවිලි සහිත රෙදි කඩක්. එනිසා තමයි රජෝ හරනං කියා කර්මස්ථානයක් දුන්නේ. දූවිලි තිබ්බේ නැතිනම් එහෙම කර්මස්ථානයක් දෙන්න පුලුවන් ද?

සටහන: ‌මේ ත්‍රිපිටක් යොමුවේ තියෙනේ පිරිසිදු රෙදි කඩක් කියලා. නමුත් එය පාපිස්නා රෙදි කඩක්. මේ ගැන තියෙන තව කතාවක අහල තියෙනවා මේ රෙදි කඩේ තිත් තුනක් තියල ඒ තිත්තුන අතින් පිහල පිරිසිදු කරන්න දුන්න කියල. නමුත් අවු රස්නයේ දාඩිය දමමින් මේ කටයුත්තේ යෙදෙන විට අතේ දාඩිය සමග දූවිලි හැම තැනම පැතිරුනා කියල.

විපාක ඵල සිත සහ අකුසල් ඵල දීම

රහතන් වහන්සේට සකස්වෙනවා එකම එක විංඥානයක් දුක්ක සහගත කාය විඥානය කියල. මෙය අහේතුක විපාක සිතක්. මෙය රහතන් වහන්සේගේ විපාකයක් කියල ගන්න හොඳ නෑ. සාමාන්‍ය ලෝක සත්වයාගේ කර්මය ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාවෙන්. රහතන් වහන්සේ ගත්කල චන්දරාගයෙන් යුතු සත්වයෙක් එහි නෑ. එම විපාකය රූපස්කන්ධයට පැමිනෙනව මිසක්, රහතන් වහන්සේ කියන ස්වභාවයට අදාල නොවේ. කර්මය, අව්‍යාකෘත වශයෙන් ස්කන්ධ ටික සමුදය කරනව. රහතන් වහන්සේට අවිද්‍යා සහ මාන නැත. එනිසා එම ස්කන්දයට පැමිනෙන කායික පීඩා ඇති උනත්, චිත්ත පීඩා ඇති නොකර යි. අරිහත්වය යනු සිතේ කෙලෙස් නැති කිරීමක්. සිතේ විශුද්ධියක්.

සිත ස්වයං ජන්න ක්‍රියාවලියක් ද? අවිද්‍යාව පවත්වාගෙන යන්නේ කා විසින් ද?

‌අවිද්‍යාව පවත්වාගෙන යන්නේ සිත විසින්. මේකයි ස්ව‍යං ජනන ක්‍රියාවලික් කිව්වේ. සිත පවතින්නේ සිතේම ක්‍රියාවලියකින්. ඒ කියන්නේ හිතට පුලුවන් හිතල බලල වැඩකරලා කොහොමද සංසාරෙට ගැටේ ගහගන්නේ කියල හිතන්න.

අහේතුක කුසල සිත් කියන්නේ මොනවද?

අහේතු කියන වචනය යෙදෙන්නේ රාග ද්වේශ මෝහ රහිත කියන තේරුමට. සහේතුක කියනේ රාග, ද්, මෝ සහිත සිත්. අහේතුක කු. වි. සහ අකු. වි. සිත් පහල වෙන්නේම අවිද්‍යා සහ මාන කියන හිතක් මුල් කරගෙන. එනිසා පහලවෙන මොහොතේම කිලුටු ගැන්වෙනවා.

සබ්බ චිත්ත සාදාරනවල - මනසිකාර සහ සංචේතනා අතර වෙනස?

‌විඥාණය ප්‍රත්‍යන් උපදී. ස්පර්ශ චෛතසිකය යෙදී ඇත. රූප කියන අවස්ථාවේදී ස්පර්ශ චෛතසිකය යෙදිල තියෙනවා. මෙහෙම ගිහින් සංකාර දක්වා එනවා. එහිදී යෙදෙන්නේ රහතන් වහන්සේගේ නම් චේතනා චෛතසිකය යෙදෙනව. එනම් ප්‍රහාස්වර දැනගැනීම. අනෙක් කෙනෙක්ගේ නම් සංචේතනා (රාගයෙන්, ද්. මෝ කිලිටි වී). මනසිකාර කියන්නේ සිතුවිලි / හිතන ක්‍රියාවලිය. නාමරූප ක්‍රියාත්මක කිරීමේ ශක්තිය තියෙන්නේ චේතනා කියන චෛතසිකයට. මනසිකාර කියන චෛතසිකයට බෑ.

කුමණ වෙලාවෙද සිත කිලිටි ගැන්වෙන්නේ? සංචේතනා බවට පත් වෙන්නේ?

කහට ගැන්විලාමයි තියෙන්නේ. පටිච්ඡසමුප්පාදයට අනුව බලන්න. ස්පර්ශය කිලිටිවෙන්නේ කොතැන සිටද කියා පසු පසට බලන්න. මෙහිදී පටිච්ඡසමුප්පාදය දෙපැත්තටම ක්‍රියා කරනවා. ස්පර්ශකියන චෛතසිකය යෙදෙන්නේ රූප කියන අවස්ථාවට. එනම් රූපයක් ඇහැට පටිච්ඡ වීම තමයි “රූප” කියන්නේ. එම පටිච්ඡය තුල ස්පර්ශ වේදනා සංඥා කියන චෛතසික තුන තියෙනවා. එම ඝට්ටනයෙන් ලැබුනු දත්තය “චේතනා” චෛතසිකය මගින් ප්‍රතිනිර්මාණය කරනවා. එම ප්‍රතිනිර්මාණය තමයි විඥාන කියන අවස්ථාවෙන් දැන ගන්නේ. එනිසා මේ “රූප” පටිච්ඡසමුප්පන්නයි. එනම් මේ ක්‍රියාවලිය අරභන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නිසා මේ ක්‍රියාවලිය සිත හට ගැනීමේදීම කිලිටි යි. මෙය මගදී වන කිලිටිවීමක් නොවේ.

Dissect Mind

නාමරූප පරිච්චේදය

නිවන් දකින්න අභිධර්මය දැන ගන්න ඕනම ද?

‌මුහුදේ නාන්න, පීනන්න දැනගෙන ඉන්නම ඕන ද? නෑ. අත්‍යවශ්‍ය නෑ. නමුත් විශේෂ සුදුසු කමක්. පහසුවක්.

චෛතසික 52යි - සම්පස්ස සහ වේදනා සමඟ වැඩෙන අනුශය

ඔත්තපන අවස්ථාවේදී මාන-අවිද්‍යා අනුශය යෙදිල තිබුනොත් එතිනින් එහාට අවිද්‍යා පච්ඡයා සංඛාරා කියල සංඛාර සකස් වීම නවත් වන්න බෑ. 8+7+2 = 17. සංඛාර කියන්නේ මේ ජවන ටික.

සබ්බ චිත්ත සාධාරන චෛතසික 7?

Meditation

භාවනාව සහ ධ්‍යාන

සුකා පටිපදා කිප්පා අභිඥා... දුක්කා පටිපදා... ඉහාත්ම සුඛ විහරණය.. මේ ගැන.

සමත පූර්වාගම විදර්ශනා ක්‍රමය සහ මේ පටිපදා සම්බන්ධ වන විදිය මෙහිදී පැහැදිලි කරන ලදි. සමතය වැඩීම, විවිධ ප්‍රමාධයන්ට හේතු… ආදියට බලපාන්නේ කුමණ හේතුද? ලෝකය සුවපත් වන්නේ කෙසේද? මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියනේ ඇස්පියාගෙන කිය කියා ඉන්න එකක් නොවේ. මේක භාවිතයක්.

හාවනා ක්‍රම සහ ආරම්භය (කෙටියෙන්)

(Will be added soon)

මෛත්‍රී භාවනාව

මෛත්‍රිය කියන්නේ ගුණයක්. භාවනාව කියන්නේ භාවිතමය ගුණයක්. අම්මා තාත්තා සතර භ්‍රහ්ම විහරණයෙන් යුක්තයි. දෙමවුපියන්ගේ මේ ගුණය විද්‍යාමාන වෙන්නේ තැනක වාඩිවෙලා මෛත්‍රිය වඩන නිසාද? නැතිනම් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසාද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. චිත්ත මනෝ වචී කර්මයෙන් මේ සඳහා සක්‍රියව දායක වෙන්න ඕන. ඒක් නිසාමයි “චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය…” කියල කිව්වේ.

බුදුගුණ භාවනාව

බුදු ගුණ වඩන්නේ වචන වලින් නොවේ. බුදු ගුණ සිහි කරන්න – බුද්ධ වන්දනා ගාථාව සජ්ජායනා කරන්න. හිතන්න ඕන මම මේ සිහි කරන්නේ බුදුන්ගේ අනන්ත බුදු ගුණයයි කියන එක. එවිට සමතය වැඩෙනවා. ඊටපසු ලේසියෙන් කියන්න පුලුවන් එක ගුණයක් තෝරා ගන්න ඕන.  උදා: අරහං. එම ගුණය දිගින් දිගට කියන්න ඕන. සමතය හොදින් පුහුණු වෙනකන් මේක කරන්න. සවිතක්කය වෙන්නේ මේ තෝරාගත් වචනය. සවිචාරය වන්නේ බුදුගුණ අනත්තයි කියන අදහස / මනසිකාරය. සමාධියට එන විට ඔබට බුදුගුණය දැනෙන්න පටන් ගනීවි.

භාවනාවේදී එන සුදු ආලෝකය අරිහත් චිත්ත ස්වහාවයද?

නැත, මේ ක්ලේශයකට රැවටීමක්. මේකට කියන්නේ ධම්ම උග්ගහිත උද්ච්ච සිත. මේකට හේතුව ආලෝකයට රැවටීමයි. හිත දන්නවා ආලෝක මායාවට මෝහනය කරගන්න පුලුවන් කියල. සංසාරෙ අවිජ්ජා අන්ධකාරයේ ආවා කිව්වම, ඒ අන්දකාරය ඇහැට පේන එකක් ද? නෑ. එහෙනම් ප්‍රඥා ආලෝකයත් ඇහැට පේන එකක් නොවේ. ඕබාසෝ කියන උපක්ලේශය ලෙසයි මෙය ධර්මයේ සඳහන් වන්නේ. මේ සිත මෝහනයෙන් ඔබව මෙල්ල කරල තියාගන්න උත්සාහ කරන විදිය යි මේ, මේක කෙලෙස් දුරු කරගන්න ඉඩ නොදී තියන්න සිත දරන උපක්‍රමය ක්.

Join the WhatsApp Group

Contact through email 

YouTube Channel (Longer)

YouTube Channel (Q&A)

Suthra References in Discussion