කර්මස්ථාන ක්‍රම
නිවනම නාථයි. නිවනම වෙත්වා.
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
අනාථවූ ලෝකයේ නිවන අනාථ නොවන්නේ කෙසේද? මේ දැනුම සහ කර්මස්ථානය අනෙක් හැම කර්මස්ථානයකම මූලික හරය යි. අනිවාර්යයෙන්ම අසා දැන සජ්ජායනා කරන්න.
අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
මොකක්ද මේ අවංකයි කියන්නේ? මොකක්ද වංකයි කියන්නේ? වක්‍රයි කියන්නේ? මේගැන හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. මූලික කර්මස්ථාන වලින් එකක් මෙය.
චක්කුනා සංවරෝ සාදූ
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
සාදුකාරයේ නියම අරුත මේ ගාථාවේ සඳහන්වේ. සංවරත්වය සීලයක් වන ආකාරයත් එම සිසිල ප්‍රථම ධ්‍යානයේ පදනම සකසන ආකරත් එයින් අනතුව වඩන ධ්‍යානත් සියලු මාර්ග ඵල සඳහා අවශ්‍ය මූලික සුදුකම් සපයන ආකාරත් දැන ගන්න. ඒ හැගීමෙන් සජ්ජායනා කරන්න.
ධාතු මනසිකාර භාවනාව
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
ධාතු මනසිකාරය කුමක් සඳහා ද? පඨිවි ධාතු අස්සාද වන්නේ කෙසේද? සරල උදාහරණයක් මත මේ ධාතු ස්වභාවය සමඟ අපේ වැරදි ගනුදෙනුව විස්තර කරගන්න. මෙය ඔබේ ඇස් අරවයි.
මෙත්තා / මෛත්‍රී භාවනාව
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
අද ඉතාමත් දරුණුලෙස විකෘතියට ලක්වූ භාවනාවක්. පොඩි එකාගේ පටන් මහල්ලා දක්වා පුරුදු කරන භාවනාව. ප්‍රඥා සාසනය සහ කරුණා සාසනය යන දෙකොටසේ කරුණා සාසනයේ මූලික පදනම මේ භාවනාවයි. මෛත්‍රී නොවඩා මාරසේනාවෙන් ගැලවීමක් තිබේද? ඒනිසා මෛත්‍රීය නිවැරදිව වඩනවා නම් මේ කරුණු මුලින් දැන ගෙන ඊලඟට වැඩීමට යොමුවන්න.
යේ බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
සංතති ඇමති කියන්නේ මහා ප්රාඥයන්ගෙන් එක්කෙනෙක්. උන්වහන්සේගේ අරිහත්වය අලලා දේශිත ගාථාවේ දත යුතු හරිය දැන ඉගෙන එහි හැඟීම ගෙන ඉන් පසු කර්මස්ථානය වඩන්න.
පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
කරුම ප්‍රශ්න එන්නේ කොහොමද? කරුම ප්‍රශ්නේ විසදා ගන්නේ කොහොමද? දැන ඉගෙන එහි හැඟීම ගෙන ඉන් පසු කර්මස්ථානය වඩන්න.
එකොළොස් ගින්න – ආදිත්ත පරියාය සූත්‍රය
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
ලෝකය ගින්නක් ලෙස දැක එම ගිනි දෙන ලෝකයෙන් මිදීම හේතු සහිතව අවබෝධ කිරීම මෙම කර්මස්ථානය වඩයි. මෙහි ගඹුර දැන වැඩීමෙන් නියම ප්‍රථිඵල ලැබිය හැකිය. නැතහොත් බුද්ධ කාලයේ සුදුවූ ලෙසම විනාශයකි මෙහි අර්ථ නොතේරුම් ගෙන වැඩීම.
දෙතිස් කුණුප භාවනාව සහ කර්මස්ථානය
කර්මස්ථානය පැහැදිලි කිරීම සහ සජ්ජායනය.
පිළිකුලක් උපදින විදියට ශරීරය දෙස බැලීමද නිවැරදි ක්‍රමය? එයින් කර්ම අස්ථාන ගතවේද? මේ භාවනාවත් කාලාන්තරයක් තිස්සේ අර්ථ විකෘති වීම හේතුවෙන් අද වැඩකට ගත නොහැකි තත්වයට පත්ව ඇත. එබැවින් මෙහි අර්ථ වටහාගෙන වැඩා, ඔබේ මානසික සමබරතාවයත් රැකගෙන සසර ගමනද නිමා කරගන්න.