+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය. වැලිවිට සරණංකර හිමියන්ගේ කාලය වනවිට දහම පවත්වාගෙන ඒමට භික්ෂූන් හීන විය. ඒ වෙනුවට ගණින්නාසේලා හෝ ගණගෙඩියෝ කියා එකල ජනතාව අතර ප්‍රචලිතවූ පිරිසක් සමාජ ගතවී සිටියහ. (සියම්) රටෙන් ගෙනා උපසම්පදාවට පිං සිද්ද වෙන්න නැවතත් අමර්පුර, රාමණ්‍ය, මල්වතු අස්ගිරි ලෙස බුදු දහමේ උපසපන් සංඟ පරපුර ප්‍රතිස්ථාපනය විය. ඒත් වැලලී ගිය අර්ථ නැවත ගොඩගත හැකි විදියක් නොවීය. බුදු සසුන තුල මාර්ග ඵල ලාබීන් බිහිවීම අරුමයක් සහ පුදුමයක් බවට ක්‍රමයෙන් පත්ව තිබිණ.

ආචාර්‍ය වාද, තර්ක, මතවාද සහ අත්තනෝමත තුල සිරව ඉදියට යාගත නොහැකිවූ දහමක් ක්‍රමයෙන් පුනරුදයට පත්වන්නේ විසිඑක්වන ශතවර්ෂයේදී මේ දහම තේරුම් ගෙන ඉදිපත් කල එක් යුග පුරුෂයෙකුට පිං සිදුවන්නටය.

එතුමාද ගිහි කල මේ දහම යතා පරිදි තෝරාගැනීමට නොහැකිව පැටලීම් වලට ලක්වන විට ඒවා විසඳා ගත්තේ අභිධර්මයේ අඩංගු කරුණු සැලකිල්ලට ගැනීමෙන් සහ ඒ ඔස්සේ ඥාණය මෙහෙයවීමෙන්ය. පසුකාලීනව පැවැත්වූ ධර්ම දේශනා කීපයකම අභිධර්මය සහ අභිධර්ම පිටකය ජීවමානව පවත්වාගෙන යෑමේ වැදගත්කම උන්වහන්සේ විසින් අවධාරණය කර ප්‍රකාශ කර ඇත.

පොතක් තිබුනාට, එහි අකුරුත් නොමැකී තිබුනාට, එම වචන සහ භාශාව කියවිය හැකි අය හිටියාට දහම් දර්ශනයක් ජීවමානව පවතින්නේ නැත. ඒ සඳහා එම වචන වල අරුත් දහමේ මූලික හර පද්ධතිය අනුව තෙරුම් ගත් පිරිසක් ජීවත්ව සිටිය යුතුය. ආර්‍ය කලන වැට මෙයයි. අර්ථ වැලලීගිය දාක වචන කුමට ද? ව්‍යාකරණ නීති කුමට ද? ලෝකයේ පවතින් ජන්ප්‍රිය ආගම් බොහෝමයක අදට ඉතිරිව ඇත්තේ පොත පමණි. කුරානය, බයිබලය, වේදය හෝ ශික් දහමේ පොත් මෙහිදී සලකා බලන්න. ඇත්තටම, අවංකවම ඔවුන් දෙවියන්ට ලං වෙනවාද?

අභිධර්මය යුගයේ අවශ්‍යතාවක් බවට පත්වන්නේ දහම ලෙහා ගැනීමට මෙන්ම, ඒ වනවිට ශ්‍රි ලංකාවේ ප්‍රචලිත වෙමින් පැවති මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ වූ කිරිබත්ගොඩ ඥණානන්ද (ලොකු ස්වාමීන් වහන්සේ) මේ පිටකයම අනවශ්‍ය යැයි ඔව්න්ගේ අසපු ව්‍යවස්ථාවෙන්ම කපා හැර තිබූ බැවිණි. කාලයකට පසුව මේ වරද ඔවුන් නිවැරැදි කර ගත්තද වෙන්න ගිය විපත නම් අතිමහත් ය. ඒ කාලයේ එම පිටකය ඉවතාදා, එසේ ඉවත දැමීම සාධාරණීකරණය කර කියූ බණ අසා කී දෙනෙක් මුලා වන්නට ඇත්ද? කී දෙනෙක් සදහටම ධර්ම මාර්ගය අහිමි කරගන්න ඇත්ද?

අභිධර්ම පිටකය නොවන්නට පටිච්ඡසමුප්පාදය නිවැරැදිව ලෙහා තේරුම් ගැනීමට හැකියාවක් නැත. අද එම දැනුම උපයෝගී කරගෙන අර මුලින් පැටලැවී තිබු සරල කාරණා රාශියක් නිරවුල් කර ඇති නිසා අභිධර්මය නොදත්තත් නිවන් මඟ යලිත් පූර්ණ කල හැකි මට්ටමක් පවතී. ඒ හේතුවෙන් දහම යලිත් බැබලීමට පටන් ගෙන ඇත.

න-පටිච්ඡ සහ ධම්ම – ධම්ම ධාතුව මනෝ ධාතුව …. ගලපා ගැනීම

 

රූප විසි අට