+1-778-834-5353 info@namaroopa.com
Select Page

ඇයි මේ වෙනස?

Why so different?

 

අනත්ත ලක්ඛණය
Anatta-lakkhana - The Not-self Characteristic

සාම්ප්‍රදායික මතය

අනත්ත යනු අනාත්ම යන අර්ථය යි. කැඩී බිදී විපරිණාමයට පත්වන දෙයක් ආත්ම කොට ගැනීම.
Not-Self Characteristic. A wrong view of self. No-Soul that continues.

විවර කල මතය

අසාර අර්ථයෙන් අනත්තයි. එනම් අසාර හේතුවෙන් මෙවැනි අසාර දේ පසු පස යෑම අනාථ වැඩපිළිවෙළක්.
"No truth or no essence" in any of these 31 realms. A useless, pointless or nonsense in feeling. Something you would not do to achieve any useful results.

Comparison

Over many years various teaching has injected to the pure Buddhism. We can understand the truth only by applying Dhamma to the concept.

කාලාන්තරයක් සමාජගත වී ඇති මතයකින් නිවැරැදි මතය හරි හැටි තේරුම් ගන්න මේ මත දෙකම ධර්ම-විනයේලා සලකා බලන්න.

 

සාම්ප්‍රදායික මතය: / Tradition




විවර කල මතය / Opened Dhamma




සාම්ප්‍රදායික මතය යනු / Tradition

එනම් කාලය සමඟ වැලලී ගොස් විවිද ආචර්‍ය මත, අත්තනෝමත සහ ගුරු කුල වාද එකතුවී වැඩක් ගත්ත කෙනෙක් සොයාගත නොහැකි නමුත් මෙපමණ කලක් දරාගෙන පරපුරෙන් ගෙනා මතය යි. මෙසේ වැඩකට ගත නොහැකි වැරදි මතයක් කරතබා ගෙන යෑම පයාසී සූත්‍රයේ කුමාර කාශ්‍යප රහතන් වහන්සේ දේශනාකල ආකාරයට අසූචි මල්ලක් කර තබාගෙන යෑම වැනිය (15 වන ඡේදය බලන්න).

විවර කල මතය යනු/Opened Dhamma

ඒ මතයට අභිබවා කුමක් නිවැරැදි ද කියා නුවණින් විමසා, නිවැරැදිව ධර්ම විනයට ගලපා, එක් තැනක අර්ථය තව තැනක පරස්පර නොවන සේ දහම ලෙහා මතූ කල අර්ථ ය.

සාම්ප්‍රදායික මතය: / Tradition

Where do you hear these?

මේ විභජ්ජවාද සාශන සමීක්ෂණ වැඩසටහන

කොත්මලේ කාශ්‍යප හිමියන් සහ තවත් හිමිවරු කීපනමක් මෙයට සහභාගි වුහ.
අන්ත්ථ යන වචනය එහි පුළුල් තේරුම සහිතව ගත යුතු බව සභාගීවූ හිමිවරුන්ගේ අදහසයි.

Traditional Opinion (Vibajja)

සුන්‍යත ලෙස ලෝකය දකින්න කියා දක්වා ඇත.
  • තමන්ගේ වසඟයේ පවත්වන්න බැරි අර්ථයෙන්
  • සංඛාරයේ හිස් බව
  • රූපය වසඟයේ පවත්වන්න බැරි අර්ථයෙන්
  • රූපයේ සාරවත් බවක් නෑ. සාරාපගත බව. නිත්‍යසාර / සුඛසාරයෙන් / අත්ථසාරයෙන් අසාරයි (ආත්මසාර).
අත්ථසාර නොවන නිසා තමයි අනත්ථ. ඒ නිසා තමයි සුන්‍යත චේතෝවිමුක්තිය දක්වා යන්නේ ඒ නිසායි. අසාරඛට්ඨේන යනු අසාර කියන එකෙන් විතරක් නොවේ මහත් පුළුල් අර්ථයකින් තමයි මේ විග්‍රය සිද්ධ වෙන්නේ. ඇස ආත්ම සාර නොවන නිසා අසාරයි. අනාත්මයි. යන දේ තමයි මේ කියන්නේ.
අසාරභාවය ඇතිවන පුද්ගලයෙක් විද්‍යාමාන වෙනවා නම් ඒ පුද්ගල ගලවා දමන්න යි මේ කියන්නේ. කෙනා ඉනනවා කියා නොවේ.
(මේ සාකච්ඡාව අනුව)

Corrected Opinion (Waharaka)

ඇසුරුකිරීමේ දී සම්මත කරගන්න විදියක් තියෙනවා. යමකින් දුකක් අන්ධකාරයක් නම් ඇති කරන්නේ, අසාර, වැඩකට ගත නොහැකි දෙයක් නම් මතු කරන්නේ.. එය අසාරයි.
රත්තරං භාජනයක් අරගෙන ගිය මිනිහා වගේ. තමාගේ භාජනයේ හිලක් තියෙනවා ඒකෙන් රත්‍රන් ටික වැටෙනවා.. ක්ෂය වෙනවා... ඒක දන්නේ නෑ. කෑ ගහගෙන උද්දාමයට පත්වෙවී ආඩම්බරයෙන් යනවා. මේ කෙනා අනිච්ඡ ධර්මයක ඉන්නව. අනත්ත ක්‍රියාවක් කරමින්.
ආයුෂ සැපය බලය විනාශවී ගෙවී යනවා ඔහු දන්නේ නෑ. අනාථ වැඩපිළිවෙළක් කරගෙන යනවා.
යම් ජාති ධර්මයක් වේද එය අනත්ථ ලක්ෂණයට භාජනය වේ.
ඇස, කන, දිව, නාසය, කය, මන යන සියල්ල (ජාති ධර්ම සුත්‍රය) මේ ජාති ධර්ම වේ. මේ ජාති ධර්ම ඇසුරු කිරීමට යෑමෙන් තමයි අනත්ථය ට පත් වෙන්නේ. ඒ ජාති ධර්මයවල ආස්වාද සොයන්න යෑමෙන් අනාථ බවට පත්වේ.

Traditional Opinion (Vibajja)

සුන්‍යත ලෙස ලෝකය දකින්න කියා දක්වා ඇත.
  • තමන්ගේ වසඟයේ පවත්වන්න බැරි අර්ථයෙන්
  • සංඛාරයේ හිස් බව
  • රූපය වසඟයේ පවත්වන්න බැරි අර්ථයෙන්
  • රූපයේ සාරවත් බවක් නෑ. සාරාපගත බව. නිත්‍යසාර / සුඛසාරයෙන් / අත්ථසාරයෙන් අසාරයි (ආත්මසාර).
අත්ථසාර නොවන නිසා තමයි අනත්ථ. ඒ නිසා තමයි සුන්‍යත චේතෝවිමුක්තිය දක්වා යන්නේ ඒ නිසායි. අසාරඛට්ඨේන යනු අසාර කියන එකෙන් විතරක් නොවේ මහත් පුළුල් අර්ථයකින් තමයි මේ විග්‍රය සිද්ධ වෙන්නේ. ඇස ආත්ම සාර නොවන නිසා අසාරයි. අනාත්මයි. යන දේ තමයි මේ කියන්නේ.
අසාරභාවය ඇතිවන පුද්ගලයෙක් විද්‍යාමාන වෙනවා නම් ඒ පුද්ගල ගලවා දමන්න යි මේ කියන්නේ. කෙනා ඉනනවා කියා නොවේ.
(මේ සාකච්ඡාව අනුව)

Corrected Opinion (Waharaka)

ඇසුරුකිරීමේ දී සම්මත කරගන්න විදියක් තියෙනවා. යමකින් දුකක් අන්ධකාරයක් නම් ඇති කරන්නේ, අසාර, වැඩකට ගත නොහැකි දෙයක් නම් මතු කරන්නේ.. එය අසාරයි.
රත්තරං භාජනයක් අරගෙන ගිය මිනිහා වගේ. තමාගේ භාජනයේ හිලක් තියෙනවා ඒකෙන් රත්‍රන් ටික වැටෙනවා.. ක්ෂය වෙනවා... ඒක දන්නේ නෑ. කෑ ගහගෙන උද්දාමයට පත්වෙවී ආඩම්බරයෙන් යනවා. මේ කෙනා අනිච්ඡ ධර්මයක ඉන්නව. අනත්ත ක්‍රියාවක් කරමින්.
ආයුෂ සැපය බලය විනාශවී ගෙවී යනවා ඔහු දන්නේ නෑ. අනාථ වැඩපිළිවෙළක් කරගෙන යනවා.
යම් ජාති ධර්මයක් වේද එය අනත්ථ ලක්ෂණයට භාජනය වේ.
ඇස, කන, දිව, නාසය, කය, මන යන සියල්ල (ජාති ධර්ම සුත්‍රය) මේ ජාති ධර්ම වේ. මේ ජාති ධර්ම ඇසුරු කිරීමට යෑමෙන් තමයි අනත්ථය ට පත් වෙන්නේ. ඒ ජාති ධර්මයවල ආස්වාද සොයන්න යෑමෙන් අනාථ බවට පත්වේ.

විවර කල මතය / Opened Dhamma

Where do you hear these?

මේ වහරක අභයරතනාලංකාර හිමියන් පවතින වැරදි මත බිඳිමින් කළ දේශනයක්.

අර්ථය අවබෝධ කරගන්න ආකාරය මෙහිදී උන්වහන්සේ පැහැදිලි කර දෙනවා. මේ ඇස කන නාසය .... මේ ඉංද්‍රියයන්ගේ විපරිණාමය තේරුම් ගන්න හැටි, ඒවායේ අසාර, අනාථ බව මෙහිදී උන්වහන්සේ කියා දෙනවා. ලෝකයේ කුණු ගැන හිතන්ඩ ඕන විදිය උන්වහන්සේ මෙහිදී කියා දෙනවා. අරමුණු පස්සේ හභා යන මානසිකත්වය දුරුවෙන විදිය පැහැදිලි කර දෙනවා.
පුද්ගලයකු ආත්ම කොටගත් දෘෂ්ටිය පත්වෙනේ කොතැනද කියාත් මෙහිදී සඳහන් කරනවා. ඒ හිතේ යතාර්ථය දැකීම තුලයි. හිත අනිච්ඡ වන්නේ ප්‍රියමනාප දේ නොලැබී පෙලීමට ලක්වීමට සිදුවූ හේතුවෙන්.
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

ත්‍රිපිටකයට අනුව : / Per Tripitaka

පෙළ දහමේ ඇති විදිය:

‘‘රූපං, භික්ඛවෙ, අනත්තා. රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය, ලබ්භෙථ ච රූපෙ - ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති, න ච ලබ්භති රූපෙ - ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’’

...

...

‘‘විඤ්ඤාණං අනත්තා. විඤ්ඤාණඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං විඤ්ඤාණං ආබාධාය සංවත්තෙය්‍ය, ලබ්භෙථ ච විඤ්ඤාණෙ - ‘එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, විඤ්ඤාණං අනත්තා, තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති, න ච ලබ්භති විඤ්ඤාණෙ - ‘එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’’’ති.

‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං , භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.

“මහණෙනි, රූපය අනාත්මය, මහණෙනි, ඉදින් වනාහි මේ රූපය ආත්මය වූයේනම් මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය. මගේ රූපය මෙසේ වේවා, ‘මගේ රූපය මෙසේ නොවේවායි’ කියා රූපයෙහි කැමති ආකාරයක්ද ලබන්නේය.

“මහණෙනි, යම්හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවයි’ කියා රූපයෙහි කැමැති ආකාරයක්ද නොලැබෙන්නේය.

“මහණෙනි, විඥානය අනාත්මය. මේ විඥානය ආත්මය වූයේනම්, මේ විඥානය ආබාධ පිණිස නොපවත්නේය. මාගේ මේ විඥානය මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි විඥානයෙහි (මෙබන්දක්) ලැබෙන්නේය. “මහණෙනි, යම්හෙයකින් වනාහි විඥානය අනාත්මද එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මාගේ මේ විඥානය, මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි’, විඥානය, කෙරෙහි (එබන්දක්) නොමලැබෙයි. “මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි,” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,”

“යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය. එය මම වෙමි එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.

For full Sutta follow this link: https://pitaka.lk/main/?n=16180

Check out other interesting sections:

Basics

Road Map To Nibbana

Decoding

20 mins each session

Meditation

Learn the Liberation

Deep Core

The Nuts and Bolts

Questions

Buddhists Answer

0 Comments

Like more comparisons?

Leave your comment in the comments section. Find out more like these at the main comparison page.

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.