+1-778-834-5353 info@namaroopa.com
Select Page

ඥාන ගෝචර දහමක් තෝරාගැනීම

මේ දේශනා සියල්ල එකක් විනාඩි 20ක් පමණ වන රූපවාහිනි විකාශන සඳහා කල පටිගත කිරීම්.  දහම් කරුණු පහසුවෙන් අවබෝධ කල හැකි ලෙස පැහැදිලිව කෙටියෙන් මේ දේශනා කර ඇත. අට්ටකරා තීනිපදා සම්බුද්දේන පකාසිතා. When you look for something over many years and when you find that if that makes you happy, now you can be happy about finding something like that. Dhamma heals.

Decoding Buddhism

All you have to understand is 8 letters in 3 words. Speaking grammatically, how can you compress a vast knowledge in to such a tiny grammar? This comes with the context. Understand words beyond their word meaning. Getting the essence of a word by finding its form and nature (“gathi”) that influence efforts towards Nirvana/Nibbana/Nivana. These short discussions in Sinhala helps that.
මහා රාහුලෝවාද සූත්‍රය
මේ දේශනාවන්ට මූලික වී ඇත්තේ මහා රාහුලෝවාද සූත්‍රය යි. එම සූත්‍රයේ අඩංගු ධර්ම කරුණු මනාව කොටස් කර සකසා ඇත.
බුදුන් වදාල දුක වේදනා චෛතසිකයෙන් නොපැනවේ. රිදෙන, තැවෙන, අඬන, වැලපෙන දුක, දුක්ක-සත්‍යය නොවේ. වේදනා චෛතසිකයෙන් හෝ සංඥා චෛතසිකයෙන් හට ගන්න දුක නොවෙයි මේ තථාගත දහමේ දුක ලෙස හදුන්වන්නේ. එය ප්‍රඥා චෛතසිකයෙන් පැනවේ. ප්‍රඥාව පහල වීමෙන් දුක් කෙලවර කර නිවන අවබෝධ කරයි. උපමාවකින් කීවොත් ලස්සන සෙල්ලම් බඩුවක් සේ සැකසූ බෝම්බයක් දකින ළමයා එයට ඇලුම් කරයි. එයම පතයි. අයිති කරගැනීමටම වෙහෙසෙයි. ලැබීමෙන් සතුටුවේ නොලැබීමෙන් දුකට පත්වේ. එය හඳුනා ගන්නා වැඩිහිටියා එය දකින්නේ මහා භයානක දෙයක් ලෙසකි. එය භයක් ලෙස දකී. එහි ආදීනවය වූ මරණය හෝ මරණයට සමාන දුකට පත් වීමේ භයනාකත්වය නුවණින් දකී. පංච කාමයත් මේ වගේම බෝම්බයකි. ඇමකි. දුක්කං භයට්ඨේන යැයි බුදුන් වදාලේ එබැවිනි.
දුකත් දුක්ක දුක්කයත් යනු දෙආකාරයකි. මම සහ මගේ යන සම්මතය තුල ගොඩනගා ගත් පෙර හේතුවේ ඵලයක් වූ පංචස් කන්දය හේතුවෙන් වූ දුකත්, ඒ දුක්වූ පංචස්කන්ධය පිනවා ගත හැකියි යන මෝහයෙන් ගොඩනගා ගන්නා පංච උපාදනස්කන්ධ දුක වූ දුක්ක දුක්කයත් යන දුක් දෙආකාරයකින් දැකිය යුතුය. නිවන් අවබෝධයෙන් දුක්ක දුක්කය නිරෝධවේ. පරිනිර්වාණයෙන් පංචස්කන්ධ දුක නිරෝධ වේ. පංචස්කන්ධය තම අභිමතය පරිදි පිනවා ගැනීමට හැකි බවත්, එසේ පිනවීම තම කැමැත්ත (ඡන්දය) පරිදි පැවැත්විය හැකිය යන මුලාවත් (ඉච්ඡාව) හේතුවෙන් මේ දුක්ඛිත සසර ගමනට සත්වයා පත්වී ඇත. තම ඉච්ඡාව ඉටු නොවීම අනිච්ඡ නම් වේ. එසේ නොවීමෙන් සත්වයා දුකට පත්වේ (දුක්ක). එසේ දුකට පත් සත්වයාට මේ සසර ගමන තුල පිළිසරණක් නොවේ. අනාථ වේ (අනත්ත). මේ ලක්ෂණ තුන හඳුනා ගැනීම ම නිවීමකි. සම්මා දෘශ්ඨියට පත් වීමයි. මේ අනාථ සසර ගමනේ ආදීනව නොදැක අවිද්‍යාවෙන් අන්ධවීමේ අසාරත්වය දැකීමෙන් (අනුලෝමක්ශාන්තිය) සහ නිවනේ ශාන්තිය සැපය (සම්‍යක්තනියාමය) දැකීමෙන් සියලු දුක් නිරෝධය පත්වේ. රාගය සමඟ බැඳුණු මෝහය රාගය දුරු වීමේදී නිරෝධ වේ. ද්වේශය සමඟ බැඳුණු මෝහය ද්වේශය දුරු වීමේදී නිරෝධ වේ. මෝහය සමඟ බැඳුණු මෝහය ප්‍රඥාව වැඩීමේදී නිරෝධ වේ. රාග සහගත විඥානයට හේතුව රාග සහගත සංකාර යි. මෙසේ රාග විඥාන පසු පස හබා යන පුරුද්ද ඇති විට, ඒ පසු පස හඹා යෑමට පෙළඹේ. මෙහි ඇති භයානක බව මුලදී දැක්කා නම් (සම්මා දෘශ්ඨිය) එසේ හඹා යෑම ක්‍රමයෙන් අඩුවේ.

  1. රාග ද්වේශ මෝහ යනු මොනවාද?
  2. කුමකින් හටගනී ද?
  3. කෙසේ නිරෝධවේ ද?
  4. එසේ නිරෝධ කරන මාර්ගය කුමක්ද?

මේ කරුණු ගැන සැකැවින් විස්තරයක් මෙම දේශනාවේ අන්තර්ගතයි.

Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.
භාවනා කර්මස්ථාන 12ක් සතර සතිපට්ඨානයට අයත් කායානු පස්සනා කොටසේ දේශනා කර ඇත. මෙයින් පළමුවැන්න ආන-පාන කර්මස්ථානය යි. මෙම භවනාව කරන විදිය ගැන විවිධ ආචාර්‍ය මත පවතී. මෙයින් නිවන් දකින්න හේතුවන නිවැරැදි ක්‍රමය තෝරාගන්න නම් ඒ ක්‍රමය තුල රාගය ද්වේශය මෝහය දුරු වේද යන්න විමසා බැලිය යුතුය. එසේ බලා ගන්න ක්‍රමය මෙහිදී විමසා බලයි. හුස්ම රැල්ල අනුව කරන භාවනාව අන්‍යතර චේතෝ විමුක්තිය කි. බුදුන් වදාල භාවනාව හිත පිරිසිදු කිරීමට යි. එය හිත එකඟ කිරීම සඳහා නොවේ. හිත එකඟ වීම අතුරු ඵලයකි. පරිමුඛං සති උපට්ඨපෙත්වා — හිත, නිවන මුල් කරගෙන භාවනා කරයි. පිහිටුවා ගනී.

  • ආන නම් – අස්වාස කරන හෙවත් ඇසුරු කරන අරමුණු ය. විරාග, අද්වේශ අරමුණු ඇසුරු කිරීම නිවනට හේතු වේ. ආන නම් එවැනි අරමුණු ඇසුරු කිරීමයි.
  • පාන නම් – පස්සාස කරන හෙවත් ඇසුරු නොකරන අරමුණු ය. රාග ද්වේශ අරමුණු ඇසුරු නොකිරීම පාන නම් වේ.

මෙය අරිය විහාරය, බ්‍රහ්ම විහාරය, තථාගත විහාරය (විහරණය) යැයි ද හදුන්වනු ලබයි (කරණීයමෙත්ත සූත්‍රය). ආස්වාද වාදී කියා කියනවානම් ඒ චාතුර්මාර්ග සංඛ්‍යාත ආස්වසය යි කියන්න කියා සීහ සේනාධිපති සූත්‍රයේ දක්වා ඇත. එනම් නිවනට පැමිණීමට, නිවන් මග ආස්වාස කළ යුතුය. කාලාම සූත්‍රය අවසානයේද මේ කරුණු දැක්වේ. භය පහක් වෛර පහක් දුරු කර වාසය කර ජීවත් වන හේතුවෙන් ය. පවු කිරීම වැරදි බව දැක තේරුම් ගෙන ජීවත් වීමයි. ආර්‍ය විනයේ ආස්වාසයත් ලෝක විශයේ ආස්වාසයත් දෙආකාරයක් බව මෙයින් තේරුම් ගත හැකිය.

නිවනට පැමිණීමට, නිවන් මග ආස්වාස කළ යුතුය. එනම් යමක් යමක් හේතුවෙන් රාග ද්වේශ මෝහ වැඩෙනවාද එය අත හැරිය යුතුය. යමක් යමක් හේතුවෙන් රාග ද්වේශ මෝහ දුරු වේද එය වැඩිය යුතුය. රාගය ද්වේශය මෝහය මුල් කරගෙන මෙතෙක් කල් තමා තුල යම් ක්‍රියාවලියක් සිදුවීද, ඇසුරු කලාද ඒ ක්‍රියාවලිය කුමක්ද යන්න හදුනා ගැනීම යි එක තැනකට වෙලා ඉඳන් කරන්නේ. රාග ක්‍රියා නිකම්ම ඇතිවෙන්නේ නෑ. මුලින්ම රාග සංකල්පනාවක් සිතට ඇවිල්ලා ඒක බලවත් වෙලා එය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තමයි රාගයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මනවඩන රූප, ශබ්ද, රස, ගන්ද, පහස, සිතුවිලි හේතුවෙන් තමයි මේ රාග සංකල්පනා ඇතිවෙන්නේ. මේවා ලැබීමට, මේවායේ අස්සාද විදීමට සිත යොමු කරනවා නම් ඒ තමයි පස්සාස කල යුතු දහම. එසේ සිත යොමු නොවන්නට නම් ඒ අසාර ක්‍රියාවල ආදීනවයත්, නිවීමේ ශාන්තියත් මෙනෙහි කිරීම අස්සාස කල යුතු දහම යි. භවනා අරමුණට සිත තබා ගෙන සිටින විට සිත පාලනය වේ. ආහාරය දුර්වල වීමෙන් රාග ද්වේශ මෝහ විඥාන දුර්වල වේ. මනස ක්‍රමයෙන් ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වීම අඩුවේ. මෙයින් රාග ද්වේශ මෝහ නාම-රූප නිරෝධවේ. පටිච්ඡසමුප්පන්නව රාග ද්වේශ මෝහ බවට පත් වීම ඇන හිටී. කර්මක්කය වී නිවී යයි. ආස්වාස-ප්‍රස්වාස යන්න කාය සංඛාර ලෙසද හඳුන්වයි. තථාගත දේශනාව අනුව කාය-සංඛාර කාය-සංඛාරකාය-සංඛාර වේ. කාය-සංඛාර කාය නොවේ. කාය කාය වේ. කාය-සංඛාර නොවේ (යමක ප්‍රකරණය). ආස්වාස-ප්‍රස්වාස කරන වාතය වායෝ කාය යි. එනිසා මේ වාතය කාය සංඛාර නොවේ. බුදුන් දේශනාකලේ කාය දුරුකර නිවීම නොවේ (පංචස්කන්ධය/මස්-ලේ කය). එනිසා අස්වාස-ප්‍රස්වාස ලෙස තථාගත දහමේ හඳුන්වනු ලබන්නේ හුස්ම නොවන බව මෙයින් පැහැදිලි කර ගත යුතුය. කාය සංඛාර කොහෙද හටගන්නේ? රූප ඇසුරු කරගෙන හටගත්තත් රාගයට ද්වේශයට මෝහයට කය ක්‍රියාත්මක කරවීමට යම් ක්‍රියාත්මක වීමක් ඇතිනම් එය නාම කොටසට අයිති වේදනාවක්. හිතේ හටගන්නාවූ සිතුවිල්ලක්. මෙයින් කාය සංඛාර හටගනී. රාගයට කය මෙහෙයවූයේ නම් රාග චේතනා හට ගනී. මේ කාය සංඛාරයකි. ද්වේශයට මෝහයට එසේමය. මේ කාය සංඛාරයයි නැවතිය යුතු. සබ්බ කාය පටිසංවේදී අස්සසිසාමීති සික්කති. සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති. යනුවෙන් සංවරත්ව්යේ සීලයේ පිහිටීමට වදාලේ එබැවිනි. මේ භාවනාව කරගෙන යනවිට වරදක් නොකරන බව දැන ප්‍රීතියට පත්වෙනවා. සවිතක්ක සවිචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතියත් සුඛයත් ඇති ප්‍රථම ධ්‍යානයට පත්වේ.
නආසික-අග්‍ර යනු ලෝකය ඇසුරු නොකිරීමයි. නිවන ඇසුරු කිරීමයි. පරිමුඛ වන සිතුවිල්ල නිවනයි. ඒ නිවීමට හිත තැබියයුතුය. ඒ හතර ආකාරයකි. එනම් විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, ඔස්සග්ගපරිනාමී (රාග ද්වේශ මෝහ සමඟ සංසර්ග නොවී, නොබැඳි). 5:50 වායුවට හිත බැදගෙන ගියත් වායුව වගේම මේ ලෝකයේ අල්ලන්න රඳවා ගන්න වටිනා කමක් නෑ කියන හැඟීම ගන්න ඕන.
ආනා පාන සති භාවනාව අද ඉතා ප්‍රචලිත භාවනා ක්‍රමයකි. එහෙත් එහි නිවැරැදි ප්‍රථිඵල අද ලබනවාද යන්න ප්‍රශ්න සහගතය. එබැවින් භාවනාවක් කිරීමට පෙර එම භාවනාව ගැන මනා අවබෝධයක් ලබා ප්‍රගුණ කිරීම පසුකාලීනව ඇතිවිය හැකි මානසික සහ කායික අභාධ රාශියක් වලක්වා ගැනීමට පිටුවහලකි. ආර්‍ය විණයේ ආස්වාස ප්‍රාස්වාස මොනවාද කියා හොදින් තේරුම් ගත යුතුය. අරිය විහාරය, බ්‍රහ්මය විහාරය, තථාගත විහාරය කියා හඳුන්වනු ලැබේ.,අද මේ අදහස යටපත් වීම හේතුවෙන් බොහෝ දෙනා ආන පාන වැරදියට වැඩීමට යොමුව ඇත. ඒ පිළිබඳව කෙටි විග්‍රයක් මෙහි දැක්වේ.
If you find these topics to be a bit challenging to understand, then please refer to the section “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.
රාහුලෝවාද සූත්‍රය අනුව ආනා පාන සති භාවනාව ගැන වටිනා විස්තරයක් මතුකර ගත හැක. රූපය නම් කුමක්ද? රූප ස්කන්ධය නම් කුමක් ද? රූපය මගේ වන්නේ කෙසේද? මට ඕනා විදියට පවත්වන්න පුලුවන් ද? රූපයේ ස්වභාවය කුමක් ද? කියා විමසා බැලීමක් (වේදනා, සංඥා, සංඛාර, විඥාන ද මෙසේ දැකිය යුතුය) මෙහි දැක්වේ. 5:15 කය ගැන සිතා බලන්න. කයේ ඇති දේ මොනවාද? තද කොටස් මොනවාද? එනම් පටිවි ධාතුවට අයත් කොටස් මොනවාද? කෙස් ලොම නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු සිවි ඇලදිව පිත්තාසය ආදී වන කොටස් 20කි. ලෝකයේ හමුවෙන පටවි ධාතුවේත්  මේ ශරීරයේ හමුවෙන පටිවි ධාතුවේත් යම් වෙනසක් තිබේද?  මම කියා මගේ කියා අල්ලා ගන්න වටිනා දෙයක් මෙහි තිබෙනවාද? මේ ශරීරය පටිවි ධාතුවෙන් හැදුනේ කොහොමද?එලියෙන් ඇතුලට මේ පටවි ධාතුව ලැබෙන්නේ කොහොමද? ඇතුලෙන් එලියට මේ පටවි ධාතුව පිටවන්නේ කොහොමද? මෙහෙම බලාගෙන යනවිට අභ්‍යන්තර පටිවි ධාතුව  සහ භාහිර පටිවි ධාතුව දෙකක් නොව එකක්මයි කියා වැටහීම ලැබේ. 10:25 මේ ශරීරයේ ගලා යන ස්භාව ඇති ආපෝ ධාතු කොටස් 13 කි. මේ ධාතු කොටස් ද අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙකක් පැවතියත් ඒ දෙකම එකක් බව මෙනෙහි කිරීමේදී වැටහේ. 12:35 මේ ශරීරයේ ඉහල පහල යන වායු ස්භාව ඇති වායෝ ධාතු කොටසක් ඇත. 13:50 මේ ශරීරයේ උෂ්ණ ස්භාව ඇති තේජෝ ධාතු කොටසක් ඇත. 15:10 මේ ශරීරයේ ඉඩ, අවකාශ ඇති ස්භාව ඇති ආකාස ධාතු කොටසක් ඇත. මේ ධාතු කොටස් ද අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙකක් පැවතියත් ඒ දෙකම එකක් බව මෙනෙහි කිරීමේදී වැටහේ. මේ එකක්වත් මම මගේ මට ඕනා විදියට පැවැත්විය හැකිය (ආත්ම) යන සිවභායේ නොවන බව වටහා ගනී. එසේ සිතීමේ ආදීනවත් අසාර බවත් වටහාගෙන, නිරෝධ කර්ගනී. 17:50 පටවි කසිනය වඩන හැටිද මෙහි සඳහන් වේ. මහ පොලොව වගේ කොපමණ කරදර භාදක රිදවීම පෙලීම් ආවත් නොසෙල්වී ඉන්න කියා දේශනා කලා. 19:30 ආපෝ කසිනය වැඩීම ජලයට හෝදන කුනු කොපමණ උනත් ජලය පෑදෙයි වගේ පවිත්‍රව සිටීම  යි. 20:35 වායෝ කසිනය වඩන්න වායුව නිදස් වන ආකාරය සිතට අරගෙන. සැහැල්ලු බව, හිරවී  හිතට ගෙන. 21:15 තේජෝ කසිනය වඩන්න ගින්න විසින්  දැවෙන තැවෙන දේ පුච්චා අලු කර දමනවා වාගේ. 22:10 ආකාස කසිනය වඩන්න අහසවාගේ  කිසිම දෙයක් අල්ලා ගෙන නෑ. නිශ්චලයි. ඒ පිළිබඳව කෙටි විග්‍රයක් මෙහි දැක්වේ.
රාහුලෝවාද සූත්‍රය අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා භාවනාවක් ලෙස වැඩිය හැකිය. 3:10 ඒ පිළිබඳව කෙටි විග්‍රයක් මෙහි දැක්වේ.
There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.