+1-778-834-5353 info@namaroopa.com
Select Page

වහරක අභයරතනාලංකාර තෙරුණ් වහන්සේ පැහැදිලිකල පරිදි…

පිං අයත් වන්නේත් සංඛාර විශේෂයක් වන පුණ්‍යසංකාර වර්ගය ට.
සසර ගමනට හේතුවන්නේ අවිද්‍යාවයි. පින ඒ උපදින බවයතුල ලැබිය හැකි සැප සම්පත් ලබා දෙනවා.
ඒ නිසා ගිහි වූ හෝ පැවිදි වූ හෝ භේදයක් නොමැතිව පින උපකාර වෙනවා.

දැන් එතකොට අරහතන් වහන්සේලා පිං කරනවාද? පිං කරන්නේ නැතිද?

දස කුසල ක්‍රියාවලට අයත් දේ අරහතුන් වහන්සේලා කරනවා. උදාහරණ ලෙස බණ දේශනා කිරීම, බණ ඇසීම දක්වන්න පුළුවන.

අරහතුන් සියලු සංඛාර දුරු කල නිසා පුණ්‍යසංකාර කරන්නේ කොහොමද?

මෙතෙන සංඛාර කියා කිව්වාට මේ කියූවේ අභිසංඛාර ගැනයි. අරහත් මුනිවරු රාග ද්වේශ මෝහ හේතුවෙන් හටගන්න යම් අභිසංකාරයක් වේනම් ඒ දුරුකිරීමෙන් නිවනට පත් උනා.

මේ කරුණු හරියට තෝරාගන්න ඕනෑ… මේ දිනවල වහරක අභයරතනාලංකාර තෙරුණ් වහන්සේ පැහැදිලි කරදුන් දහමටත් ඒ දහම ඉදිරියටත් දේශනාකරන භික්ෂූන් වහන්සේලාටත් විරුද්ධව පැනනැගී ඇති අභූත චෝදනා කොතෙක් දුරට සත්‍යද කියා විමසා බැලීමයි වටින්නේ.

සැඟවුණු දහම් නැති, මාස ගණන් පසුපස ගොස් අනුගාමිකයන්ට පමණක් ලබාගැනීමට හැකි ලෙස හෙමින් හෙමින් දෙසූ, පොත් සියගණන් කියවා තේරුම්ගත යුතු, එක් නිකායකට කල්ලියකට පමණක් සීමාවූ දැනුමක් ලෙස සැඟවූ වූ බණ ක්‍රමයක් උන්වහන්සේලා ලඟ නැති බව පැය දෙකක් පමණවත් වන මූලික දේශනාවක් අඩුමගානේ සම්පූර්ණ ලෙස ඇසූවොත් ඔබටත් පැහැදිලි වනු ඇත.

වඩාත්ම අවාසනාව වන්නේ ලංකාවේ ඉන්න බොහෝදෙනා මේ කාරණා වටහා ගැනීමට ප්‍රමාදය වීමයි. දුවන්නන් වාලේ දිවීම නවතා මදක් නතරවී, තමාම විමසා බැලීමයි හොඳ.

පින සහ පව නිවනට බලපාන හැටි

1490-CD025-Track 01-[D]20-10-2007 DARMA DESANA[PINA PAWA NIVANATA BALAPANA HATI]-edit

මෙහිදී සාකච්ඡාවට ගැනෙනු මාතෘකා කීපයක් පහත පරිදිය

පටිසංධි විපාකය සහ සතර අපාය.
පිනක ප්‍රථිඵලය ත්‍රිහේතුක ප්‍රතිසංධිය යි.
පිං හේතුවෙන් සැකසෙන පසුතලය – අන්තංකල්ප 20ක්ම ගොඩ ඒමක් නැතිවෙන්න පුලුවන්.
සසර පුරුද්ද සහ දුගතිය එකට යාවී යයි.
විපාක වේදනා සමනය කරන බොජ්ජංග ධර්ම හේතුවෙන් නැගෙන කුසමූල සංකාර සහ සහජාත ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම
ශුද්ධ දෙයට ශුද්ධ දෙය ඇදිල එනවා
පිරිත් නූලට ශක්තිය ලැබෙන ක්‍රම
පිරිත් නූල බුදුන් අනුමත කලාද? පිරිත් පැන් බුදුන් අනුමත කලාද?
බුදුවරු සහ ඉසිවරු අතර වෙනස

මේ දේශනාව 2010 Oct. 20 වන දින සිදුකරන ලදි.

සම්පූර්ණ ධාවන ලැයිස්තුව