+1-778-834-5353 info@namaroopa.com
Select Page
14 - Part 1/2 - ආර්ය භාවනා වැඩසටහන - Colombo South International College

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//

ඇස රැදුන රැදුන ..//

 රෑ කවුද හෙමින් එලබී
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී
පහකැයි කියා ගියා ..// 

ඇස රැදුන රැදුන ..//

 වැසු විමන් පියන් පියවා
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි ..// 

ඇස රැදුන රැදුන ..//

මින්දදගේ දුන්නේ මල් හී පහක් තියෙනවා… මේ පහ මොනවාද?

මේ රූපය දකින්නේ කොහොමද?
මේ ශබ්දය/හඬ අහගන්නේ කොහොමද?
මේ රසය විඳින්නේ කොහොමද?
මේ සුවඳ විඳින්නේ කොහොමද?
මේ පහස විඳින්නේ කොහොමද?

මේ පහට ගිජුව තමයි සසර ගමන යන්නේ. අස්සාද තනන්නේ.

අවසාන කොටස ගැන තෙරණින් වහන්සේ සඳහන් කලේ නෑ. මගේ aඅදහසට අනුව
අවසාන කොටසේ කියවෙන “උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ යටි හිතයි” යනු මේ පහෙන් ගොඩ නැගූ දේ ගැනයි. ගොඩ ගැසූ ධම්ම ගැනයි.
මනෝ ලෝකයේ විමස විමසා සිටින මන-ධම්ම ක්‍රියාව ගැනයි.

පස්සේ තැවි තැවී මේ මතකය මතකයේම තියාගන්නේ කොහොමද? කිය කියා විතක්ක කරමින් සිතුවිලි තුල ජීවත් වීම ගැනයි.

සසර ගෙනයන විතක්ක ගැනයි.