+1-778-834-5353 info@namaroopa.com
Select Page

ඇයි මේ බණ කියන එක අමාරු? ඇයි බණ අහන්න ගෙන්න ගන්න අමාරු? ඇයි බණ අහන්න එන අය තියා ගන්න අමාරු? මේ ගැන අහන්න. බණ කියල පුරුදු ඇති උන්නාන්සෙලා මේගැන දන්නවා වෙන්න ඕන.

ශ්‍රාවයකයන්ට අයිතියක් තියෙනවා මේ ධර්මය කියා දෙන්න.

දැන් මෙහෙමත් ප්‍රශ්නක් තියෙනව. මේව කියනකොට නොතේරෙන අය බණිනවා.. ඒකට මොකද කරන්නේ? ඒ අයට තේරුම් යන ආකාරයික් පේනවානම් බැණුම් ඇහුවත් කියා දෙන්න. නොතේරෙන්නේම නම් වැඩිය නොකියා නිකං ඉන්න. ඒ අයගේම හොඳට. මේ වෙලාවට මුට්ටිය දාල බලනවා, උනගස් තියරිය දාල බලනවා, ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගන්නවා. වහරක් හිමියන් මේ ගැන කිව්වේ තුවාලෙට ඔලුකඩල බෙහෙත් දාන්න ඕන කියල.

විකෘතියක ඉන්න කෙනෙක්ට ප්‍රකෘතිය තේරුම් යන්නේ විවෘතව බැලුවොත් විතරයි. ඇස් වහගෙන පේන්නේ නෑ කියල කෑ ගැහුවට වැඩක් නෑ. ඇස් ඇරල බලන්න ඕන.