Dhamma – Opened and Compared

පසුගිය කාලයේ බුදු දහමේ මූලික අර්ථ විකෘති කරනවා කියා ඇතැම් සංවිධාන සහ පූජ්‍ය පක්ෂය විවිධ චෝදනා එල්ල කර තිබුණා. ඇතැම් අදහස් අත්තනෝමත. යම් අදහසක ප්‍රථිඵල නොලැබීමත් සමඟ එම දහම ප්‍රතිකේෂ්ප වීම වැලැක්වීම නොහැකිය. හැම දේශකයාම එකම මට්ටමේ දමා “මුං ඔක්කෝම එකයි” කියා එකටගෙන කටයුතු කිරීමෙන් වැලකිය යුතුය. එයින් සත්ධර්මයක් ඇසීමට ඔබට තිබෙන අවස්ථාව ඈත්වී යෑමයි සිදුවන්නේ. ඒ ඒ දේශකයා දෙසන දහම වෙන වෙනම තේරුම් ගෙන තම නිවීමට හේතු වේද කියා “කාලාමයන්” කලා සේ කටයුතු කිරීම කාලෝචිත ය. මේ පිටුව එසේ විවෘතවූ මනසක් ඇතිව කරණු සොයන අයට යි.