+1-778-834-5353 info@namaroopa.com
Select Page

තෙරුවන් නමදිමු

Daily Buddha Wandana Homage To Triple Gem

ගාතා කිය යුතු ආකරයත්, එම ගාතා සජ්ජායනා කිරීමේ නිවසේ අදහසත් මෑත් ඉතිහාසයේ පහදා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේ යි.

Gatha in English

බුදුගුණ වන්දනාව

ඉතිපි සෝ භගවා අරහං
සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ
සුගතෝ
ලෝකවිදූ
අනුත්තරෝ පුරිසදම්මසාරථී
සත්ථා දේවමනුස්සානං
බුද්ධෝ
භගවාති

දහම් ගුණ වන්දනාව

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ
සන්දිට්ඨිකෝ
අකාලිකෝ
ඒහිපස්සිකෝ
ඕපනයිකෝ
පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති.

සඟුන් ගුණ වන්දනාව

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා
ඒස භගවතෝ සාවකසංඝෝ, ආහුණෙය්‍යෝ, පාහුණෙය්‍යෝ,  දක්ඛිණෙය්‍යෝ, අංජලිකරණීයෝ ,
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
ලෝකස්සා’ති.

මල් පූජා කරන ගාථා

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

වර්‍ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ

පැන් පූජා කරන ගාථාව

සුගංධං සීතලං කප්පං
පසන්න මධුරං සුඛං
පානීය මේතං භගවා
පතිගංහාතු මුත්තම

සුවඳ දැහැත් පූජා කරන ගාථාව

නාග වල්ලී දලූ පෙතං
චුන්න පූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු
සතං පූජේමි දං දිනො

ගිලන් පස පූජා කරන ගාථාව

අධිවාසේතු නෝ භන්තේ
ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය
පතිගංහාතු මුත්තමං

පැන් පූජා කරන ගාථාව

අධිවාසේතු නෝ භන්තේ
පානියං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගංහාතු මුත්තමං

චෛත්‍යය වඳින ගාථාව

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

බෝධීන් වහන්සේ වැඳීම

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං

පිං පැමිණවීම

ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ , 3 වරක්

එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු – සබ්බ සම්පත්හි සිද්ධියා

මවට වඳින ගාථාව

දස මාසේ උරේ කත්වා
පොසේ සි උද්දි කාරණං
ආයූ දීඝං වස්සසතං
මාතු පාදං නමාමහං

පියාට වඳින ගාථාව

උද්ධිකාරෝ ආලිංගිත්වා
චුමිබිත්වා පියපුත්තකං
රාජ මජ්ජං සුපට්ටිත්තං
පීතුපාදං නමා මහං

Jaya Piritha – Siri Dhithi Mathi Thejo

සිරි ධිති මති තේජෝ – ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,

ජයසිද්ධි මහිද්ධි මහා ගුණං – ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,

අපරිමිත පුඥඤාධිකාරස්ස – අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,

සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස – සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,

භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස – ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,

ද්වත්තිංස මහාපුරිසලක්ඛණානු භාවේන – දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,

අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේන – අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,

අට්ටුත්තරසතමංගලලක්ඛණානුභාවේන – එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,

ඡබ්බණ්ණරන්ස්‍යානුභාවේන – සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,

කේතුමාලානුභාවේන – කේතුමාලාවේ අනුහසින් ද,

දස පාරමිතානු භාවේන – දස පාරමිතා අනුහසින් ද,

දස උප පාරමිතානු භාවේන – දස උපපාරමිතා අනුහසින් ද,

දස පරමත්ථ පාරමිතානු භාවේන – දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,

සීලසමාධිපඤ්ඤානුභාවේන – සිලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,

බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,

තේජානු භාවේන – තේජස්වල අනුහසින් ද,

ඉද්ධ්‍යානු භාවේන – ඉර්ධියේ ආනුභාවයෙන් ද,

බලානුභාවේන – බලයන්ගේ ආනුභාවයෙන් ද ,

ඤෙය්‍යධම්මානුභාවේන – දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,

චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,

නවලොකුත්තරම්මානු භාවේන – නව ලොව්තුරු දහමේ අනුහසින් ද,

අට්ටංගිකමග්ගානුභාවේන – ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,

අට්ඨසමාපත්‍යානුභාවේන – අට සමවත් අනුහසින් ද,

ඡළභිඤ්ඤානුභාවේන – ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,

මෙත්තා කරැණා උපේක්ඛානුභාවේන – මෙත්තා කරැණා උපේෂාවන්ගේ ආනුභාවයෙන් ද,

සබ්බපාරමිතානුභාවේන – සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,

රතනත්තයසරණානුභාවේන – තෙරුවන් සරණේ අනුහසින් ද,

තුය්හං සබ්බරෝග – ඔබගේ සියළු රෝග ද,

සෝක උපද්දවා – ශෝකයන් ද උපද්‍රවයන් ද,

දුක්ඛදොමනස්සුපායාසා – සියළු දුක්දොම්නස් ද,

විනස්සන්තු – දුරුවේවා.

සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු – ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.

දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදා – දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.

ආකාස පබ්බත වනභූමි තටාක – අහස පර්වත වන භූමි තටාකයන්ද,

ගංගා මහාසමුද්ද – ගංගා හා මහා සමුද්‍රයට ද,

ආරක්ඛක දේවතා – අධිගෘහිත වූ සියළු දෙවියෝ,

සදා තුම්හේ අනුරක්ඛන්තු – සදාකල්හිම ඔබ රැක දේවා,

සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානුභාවේන – සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,

බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,

චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,

පිටකත්තයානුභාවේන – තුන් පිටකයේ ආනුභාවයෙන් ද,

ජිනසාවකානුභාවේන – බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,

සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු – ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,

ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා – අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,

දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා – සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,

ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ – ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ

ඔබ සීලයේ පිහිටා පිරිත් කියන්න.. අහන්න.. තේරුම දැන ගන්න.. ඔබට සෙත සැලසේවි
තෙරුවන් සරණයි

Ratnamali Gatha – San Sara Saarooga

රත්නමාලී ගාථා

ගාථාව

සං සාර සාරෝඝ විනීත ණී         සං
සං ණීත සාතං සුවිසාර ධි            සං
සා ධීරකං සොණ්ණ තනුපලා     සං
සං ලාප දේසිං පණමේභි සා       සං

සං සාභිගං කේවල මෝහ නා   සං
සං නාහකං මාර ර‍ණේ විසේ     සං
සං සේවිතං දාසි මුදාර හා           සං
සං හාර ධම්මං පණමේ සදා       සං

සං දාසගං නිසිත පාප නා           සං
සං තාප ධංසිං හත ඝෝර පා       සං
සර පාරගාමිං සුවිසාර වා            සං
සං වාර සංඝං පණමේ රසා         සං

සිංහල තේරුම

සසර සැඬ පහර නවතා නිවන් වැද
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිතිපතා පින්සරු මහ සඟන

Solosmasthan Vandana Gatha

සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං
කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව
බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං
තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි
අහං වන්දාමි සබ්බදා.

Transferring Merits to Departed Relatives

මළ ගිය අයට පින් දෙන ගාථා

යමෙක් මරණයට පත්වූ විට මතක වස්ත‍්‍ර පූජා කොට පින් අනුමෝදන් කරන්නේ මේ ගාථා කියමින්, පැන් වැඩීමෙනි.

 

1. යථාවාරි වහා පුරා – පරිපුරෙන්ති සාගරං
ඒවමේව ඉතෝදින්නං – පේතානං උපකප්පති

 

තේරුම – වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා! නිවනින් නිවෙත්වා!

 

2. උණ්ණ මේ උදකං වට්ටං – යථා තීරණ්ණං පවත්තති
ඒව මේව ඉතෝදින්නං – පේතානං උපකප්පති.

 

තේරුම – උස් තැනට වැටුණු ජලය පහත් බිම් කරා යේ ද එපරිද්දෙන්ම මෙයින් දෙන ලද පින මළගිය පෙ‍්‍ර්තයන් කරා පැමිණෙත්වා.

 

පැන් වැඩීමකින් තොරව පින් දීම..

 

1. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ , 3 වරක්

 

තේරුම – අප රැස් කරගත් පින පරලොව සැපත් ඥාතීහු අනුමෝදන්ව සැපතට පැමිණෙත්වා.

 

2. එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු – සබ්බ සම්පත්හි සිද්ධියා

 

තේරුම – අප රැස් කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝ ද, සියලු සත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළගා කර ගනිත්වා.

 

ගිහි පැවිදි ධර්මධර උගතුන්ට මේ ගැන අදහස් පළ කරන ලෙස ඉල්ලා සිටිමි.

 

Gatha in Sinhala

යෝවද තම්පාව රෝමනු ජේසූ

How to settle debts of Sansaric Journey

සංසාර ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වෙන්නට උපකාරි වන්නා වූ කරුණු හතර.

දේශකයාණන් වහන්සේ පරම සත්‍ය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර, අතිගෞරවනීය මීවලපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ.

මේ කරුණු හතර ගැන අවධානය යොමන්න:

  • ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන සීලයේ පිහිටා භාවනානුයෝගීව සිටින මග ඵල ලැබු නොලැබූ සෑම කෙනෙකුටම සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්නට උපකාර වන්නා වූ මූලික කරුණු හතරක් සම්පූර්ණ කරගත යුතුව තිඛෙනවා.
  • මේ කරුණු හතර සෑම කෙනෙක්ම අදම පටන්ගෙන ජීවත්වන කාලය තුළ මරණ මොහොත දක්වාම හැකි සෑම අවස්ථාවකම, අවම වශයෙන් දිනපතා උදේ සහ සවසවත් කළයුතු දේවල් බව (රතුපාටින් ඇති කොටස්) බොහොම අවධාරණයෙන් කියනවා.
  • මිනිසත් බව ලැබු හැම කෙනෙක්ම හැකි සෑම විටම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරමින් කුසල් පිරීමට ඇප කැපවී කටයුතු කිරීමට (කුසලස්ස උපසම්පදා) කල්පනා කළ යුතුයි. රාග, ද්වේශ, මෝහ නිසා තම තමන් විසින් එකතු කරගන්නා, චිත්තය කිළිටි කරන සියලූ කෙළෙස් ගති සලා හැර ප්‍රහාණයකර චිත්ත පාරිශුද්ධියට පත් කර ගැනීමට කුසල් පිරීමයි. උදාහරණයක් ලෙස දන්දීම්, බෝධි පූජා ආදී පින්කමක් කර තමන්ට දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කිරීමෙන් එය පිනක් මෙන්ම අකුසලයක් (කෙළෙස් අත් නොහැර භාවිතා කරන නිසා) බවට පත්වේ. එනම් කුසල් පිරීමක් සිදු නොවේ. අපි තුන් හිත පහදා ගෙන එනම් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරවූ පිරිසිදු සිතක් සුළු මොහොතකට හෝ පවත්වාගෙන ඒ පින්කමින් ලබාගත් සියලූ පින් සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීම සඳහා සියලූ සත්වයන්ට අනුමෝදන් කිරීමෙන් එය කුසලයක් බවට පත්වෙනවා. මේ ආකාරයට ඉදිරියේදී විස්තර කරනු ලබන කරුණු හතර සෑම කෙනෙනටම කුසල් පිරීමට මෙන්ම නිවන් දැක ගැනිමට මහෝපකාරී වෙනවා.

පළමුව බුද්ධ, ධම්ම, සංඝ, යන රත්නත්‍රයෙන් සමාව ගැනීම සඳහා පහත ගාථාව යථාවබෝධයෙන් යුතුව කියන්න.

කායේන වාචා චිත්තේන පමාදේන මයා කථං අච්චයන් ඛම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කථං අච්චයන් ඛම මේ ධම්ම සංදිට්ඨික අකාලික.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කථං අච්චයන් ඛම මේ සංඝ සුපටිපන්න අනුත්තර.

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ අතින් දැන හෝ නොදැන ක්‍රියාවෙන් වචනයෙන් සිතින් (කායේන වාචා චිත්තේන) තුනෙන්ම ලොව්තුරා බුද්ධ, පසේ බුද්ධ, අරහත් බුද්ධ ආදී අරිය උත්තමයන් වහන්සේලා කෙරෙහි, විශේෂයෙන්ම බුදු හාමුදුරුවෝ දේශනා කළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය කෙරෙහි, අරිය මග යන උත්තමයන් වහන්සේලා කෙරෙහි යම් හිංගි, හිංසා, අවැඩ, අසාධාරණ, අපවාද, අවලාද, අපහාස ආදී පාප ක්‍රියා සිදු කරගෙන ඇත්නම් අරිය උපවාද සිදු කරගෙන ඇත්නම් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයද, සියලූ අරිය උත්තමයන් වහන්සේලාද මට කමා කරන සේක්වමට කමා කරන සේක්වා! මට කමා කරත්වා! මට කමා කරත්වා! මට කමා කරත්වා !

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ අතින් දැන හෝ නොදැන ක්‍රියාවෙන් වචනයෙන් සිතින් තුනෙන්ම ස්වාමින් වහන්සේලා ඇතුලූ සම්මත පුජ්‍ය පක්ෂයට, අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා සැමිණි මේ සංසාර ගමනේ දී මට දෙමව්පියන් වු, වැඩිහිටියන් වූ, ගුරුවරු වූ, සහෝදර සහෝදරියන් වූ, ස්වාමිපුරුෂයන් වූ, භාර්්‍යාවන් වූ, දූ දරුවන් වූ, ඥාති හිත මිත්‍රාදීන් වූ, සේව්‍ය සේවකයන් වූ, අසල්වැසියන් වූ සියලූ දෙනාටම, සියලූ ලෝක සියලූ සත්වයන්ට, ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා ධාතු භූත ශක්තියෙන් යුත් ස්වභාවධර්මයට, ගහ කොළ වලට යම් හිංගි, හිංසා, අවැඩ, අසාධාරණ, අපවාද, අවලාද, අපහාස, ආදී පාප ක්‍රියා සිදුවූවා නම් ඒ හැමදේටම මට කමාව ලැබේවා! මට කමා කරත්වා! මට කමා කරත්වා!

ආරීය මෛත්‍රී භාවනාව

මමද සියලූ ලෝක සියලූ සත්වයෝ
සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා!
කාමරාග පටිඝ ආදී රෝගයන්ට මුල් වන කෙළෙස් වලින් මිදී සකෘදාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා!
ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා!
සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

මමද සියලූ ලෝක සියලූ සත්වයෝ
සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා!
කාමරාග පටිඝ ආදී රෝගයන්ට මුල් වන කෙළෙස් වලින් මිදී සකෘදාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා!
ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා!
සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

ස්ථීර වූ නික්ළේසී වූ පරම පවිත්‍ර වූ පිරිසිදු වූ අවංක සිතින්ම,
මෙම අධිෂ්ඨානමය සත්‍යය ක්‍රියාව කරමි.

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් සියලූ මිනිසුන්, දෙවියන්, බඹුන්, සියලූ භූත ප්‍රේත තිරිසන් නිරය ආදී සතර අපාගත සත්වයන්, අසඤ්ඤ තලවල සිටිනා සියලූ සත්වයන් ඇතුලූ තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන් සිහිපත් කරමින් සමසේ පින් පතුරුවා පින් පිහිටුවා පින් දෙමි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් වෙත්වා! පින් අනුමෝදන් වෙත්වා!

දැන් මාගේ සිත පිරිසිදුයි. අවංකවම පිරිසිදුයි. දැන් මාගේ සිත රාගයෙන් තොරයි. ද්වේශයෙන් තොරයි. මෝහයෙන් තොරයි. වීත රාගී, වීත ද්වේශ, වීත මෝහී සිතක් පවතින මේ මොහොතේ මාගේ සිතේ ඇති වී තිඛෙන යහපත් චිත්ත කිරණ ශක්තිය, පිරිසිදු සුදු චිත්ත කිරණ ශක්තිය දස දහසක් සක්වළ වෙත පැතිරේවා! පැතිරේවා! පැතිරේවා!

පිරිසිදු චේතනාවක් ඇතිව සියලූම මිනිසුන්, දෙවියන්, බඹුන්, භූත ප්‍රේත තිරිසන් නිරය ආදී සතර අපාගත සත්වයන් ඇතුලූ තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන් වෙත පිරිසිදු චිත්ත කිරණ පතුරවමි. සියලූම සත්වයන් හට යහපතක්ම වේවා! සුවයක්ම වේවා! සැපතක්ම වේවා! සහනයක්ම වේවා!

ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා ධාතු භූත ශක්තිය පිරිසිදු වේවා! යහපත් වේවා! ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා ධාතු භුත ශක්තියෙන් සෑදී ඇති විශ්වය පිරිසිදු වේවා! යහපත් වේවා!

තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන්ගේ සිත් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යහපත් සිතුවිලි ඇති වේවා රාගයෙන් තොර වේවා ද්වේශයෙන් තොර වේවා! මෝහයෙන් තොර වේවා! අවිද්‍යාව දුරු වේවා! පිරිසිදුම වේවා!

තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන්ට යහපතක්ම වේවා!
සැපතක්ම වේවා!
සහනයක්ම වේවා!
සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

එත්තාවතාච අම්හේහී සම්බදං පුණ්‍ය සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහී සම්බදං පුණ්‍ය සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා

ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් සියලූ දෙවියන් බඹුන්, සියලූ භූත ප්‍රේත තිරිසන් නිරය ආදී සතර අපාගත සත්වයන්ද ඇතුලූ තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන්ට සමසේ පින් පතුරවා පින් පිහිටුවා පින් දෙමි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමොදන් වෙත්වා! පින් අත්පත් වෙත්වා!

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් මියගිය මට ඥාති සම්බන්ධකම් ඇති අයටත් (ඉදං මේ ඥාතීනං) වෙනත් අයට ඥාති සම්බන්ධකම් ඇති අයටත් (ඉදං වෝ ඥාතීනං) සමසේ පින් පතුරවා පින් පිහිටුවා පින් දෙමි.
පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් වෙත්වා! පින් අත්පත් වෙත්වා!

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා පැමිණි මේ සංසාර ගමනේ දී මට මග පෙන්වූ ස්වාමීන් වහන්සේලාට මට උදව් කළ උපකාර කළ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, සවෝදර සහෝදරියන්ට, ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දූ දරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, සේව්‍ය සේවකයන්ට, අසල්වැසියන්ට, ක5ියාවෙන් වචනයෙන් සිතින් සහයෝගය දැක්වූ පිහිට වූ සියලූ ලෝක සියලූ සත්වයන්ට, සමසේ පින් පතුරවා පින් පිහිටුවා පින් දෙමි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් වෙත්වා! පින් අත්පත් වෙත්වා!

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් මා පැමිණි මේ සංසාර ගමනේ දී මා අතින් දැන හෝ නොදැන මරණයට පත් වූ, දුක් වේදනාවකට පත් වූ, සිත් රිදවීමකට ලක් වූ සියලූ පුද්ගලයන්ට සහ සත්වයන්ට සමසේ පින් පතුරවා පින් පිහිටුවා පින් දෙමි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් වෙත්වා! පින් අත්පත් වෙත්වා!

අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැසි කරගන්නා ලද සියලූම පුණ්‍ය සම්භාරයන් තල තිස් එක තුළම සිටින සියලූම සත්වයන් විසින් අනුමෝදන් කරගනිමින් ඔවුන් කෙරෙහි ඇති සියලූ ආකාර වු ණය ගනුදෙනු වලින් මාව මේ මොහොතේම මුදවත්වා! එසේම මට ණයගැති අයවද එම ණයගැති බවෙන්, මම මුදවා නිදහස් කරමි. නිදහස් වෙත්වා!

තවද මේ අනුමෝදන් කළ සියලූම පුණ්‍ය ශක්තීන් සියලූම මිනිසුන්ට, දෙවියන්ට, බඹුන්ට, භූත ප්‍රේත තිරිසන් නිරය ආදී සතර අපාගත සත්වයන්ට, අසඤ්ඤ තලවල සිටිනා සත්වයන්ට චතුරාර්්‍ය සත්‍යය ධර්මාවබෝධය ලැබ සංසාර දුකින් සදහටම මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට උදව් වේවා! උපකාර වේවා! උපනිශ්‍රය වේවා! හේතු වාසනා වේවා!

ඉහත සඳහන් කළ කරුණු හතර (කමාව ගැනීම/ අරිය මෛත්‍රීය පැතිරවිම සහ සත්‍යය ක්‍රියාව සිදු කිරීම/ පින් අනුමෝදන් කිරීම/ නිවන් දැක ගැනීමට උපකාර වන නිවැරදි ධර්ම මාර්ගයේ යන්න සියලූ සත්වයන්ට උදව් උපකාර කිරීම) නිවැරදිව, දෛනිකව සතියක් පමණ කරනකොට , මේ සංසාර ගමනේ තමන් බැදුණු බැමි චලින් සියයට පනහකටත් වඩා ප්‍රමානයකින් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එක තමන්ටම තේරේවි. මේ අනුව හිත වික්ෂේප වෙන්නෙ නෑ. කම්පනයට පත් වෙන්නේ නෑ. හිතේ තැන්පත් වීමක්, සහනයක්, ශක්තියක් තමන්ටම ලැඛෙනවා. මේ ආකාරයට, සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු මාර්ග චරියාව, ප්‍රතිපදාව, නිවැරදිව කරගෙන යන්න අවශ්‍ය, බුද්ධ ශක්තියත්, ධම්ම ශක්තියත් ලැඛෙනවා. ඒ අනුව නිබ්බානගාමී මාර්ග චරියාව පූර්ණ වීමට මෙය මහෝපකාරී වෙනවා.