+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුද්ධ Chanting

5 mins / for a short session

පිරිත්

Pirith Chanting Collection

බුද්ධ වන්දනා – Buddha Wandhana

බුද්ධ වන්දනා

Buddha Wandhana

සංසුන්ව තැන්පත්ව හොදින් අවධානයෙන් බුද්ධ වන්දනාවට සූදානම්වන්න.
Lets pay homage to triple gem.

Chanting of Buddha Wandana

Clean the area. Light oil lamps, offer flowers, incent sticks and other offerings to Buddha and get settle down quietly to start chanting Bundha Wandana or pay homage to triple gem.

Those who chant and offered homage to triple gem collects many blessings. Every little push is towards Nibbana.

තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ නැමදීමට සියල්ලෝ සූදානම් වෙත්වා!

පන් සිල් සහ බුද්ධ වන්දනාව

Five Precepts and Homage to Trippe Gem (Derana TV) for Kids

5 Mins

තෙරුවණ් වන්දනාව සරලව

කුඩා ළමුන්ට ගැලපෙන සේ සකස් කර ඇති වීඩියෝවකි.

This video is suitable for small children and ideal for chanting with a family setting.

පන් සිල් සහ බුද්ධ වන්දනාව Booklet

Homage to Trippe Gem Booklet for Kids

15 Mins

Booklet (BVS Dhamma School)

This booklet was produced in the BVS dhamma school for the use of their students. Follow this booklet when you chant gatha and pay homage to triple gem.

Download Booklet from here

Homage to Tripple Gem – Booklet

පන් සිල් සහ බුද්ධ වන්දනාව ජය පිරිත සමග

Five Precepts and Homage to Trippe Gem with basic Pirith Chanting

10 Mins

තෙරුවණ් වන්දනාව සරලව

දෙවන මට්ටමේ කුඩා ළමුන්ට ගැලපෙන සේ සකස් කර ඇති වීඩියෝවකි.

This video is suitable for small children and ideal for chanting with a family setting.

ගාථා අවසානයේ ජය පිරිත ඇත.

බුද්ද වන්දනා එකතුවක් දිනපතා වන්දනාව සඳහා

Daily Playlist with Thisarana Wandana and Pirith

21 Mins

ගාතා සහ පිරිත් එකතුවක්

තෙවන මට්ටමේ ළමුන්ට ගැලපෙන සේ සකස් කර ඇති වීඩියෝවකි.

This video is suitable for small children and ideal for chanting with a family setting.

ගාථා අවසානයේ පිරිත් ඇත.

mqxÑ mqxÑ Oyï lreKq

ලෝකය හදන්න බුදුවරු පහල උනේ නෑ. බුදුවරු පහල වන්නේ නිවන් දකින්න තරම් ඥානය දියුණුවට පත්වූ අයට එම අවබෝධය විවෘත කර දෙන්න යි. මාර්ගය අනුගමනය කිරීමෙන් නිවනට පත්වේ.

මස් මාංස කෑමේ ප්‍රශ්නයත් මේ වගේ.

Does eating meat good or bad?

Find out a detailed answer in the linked video.

ධර්ම දානය පිණිසයි.....(අන්තර්ජාලයෙන් උපුටා ගැන්නාලදි)

“නහි සීල වතන් හේතු – උප්පන්ජන්ති තථාගතා
අට්ටක්කරා තීනි පාදා – සම්බුද්ධෙන පකාසිතා”

තථාගතයන් වහන්සේ කෙනෙකු ඉපදෙන්නේ...

නහි සීල වතන් හේතු – සිල් වෘතය පිලිබඳ හේතු පහදා දීමට නොව
උප්පන්ජන්ති තථාගතා – තථාගතයන් වහන්සේ කෙනෙකු ඉපදෙන්නේ…
අට්ටක්කරා තීනි පාදා – අකුරු අටක් පද තුනක් පහදා දීමටයි (අකුරු අට නම් – ච-තු- අ-රි-ය-ස-ච්- ච- පද තුන නම් අනිච්ච දුක්ඛ අනත්ත වේ )
සම්බුද්ධෙන පකාසිතා – සම්බුදු රජාණන් වහන්සේ පහළ වුනේ.

තථාගතයන් වහන්සේ ලොවට පහළ වන්නේ සිල් වතක් දෙසීමට නොවේ.
අකුරු අටකින් යුතු පද තුනක් දේශනා කිරීමට ය.
අනිච්ච, දුක්ඛ, අනත්ථ යනු එම උත්තරීතර පද තුනයි
මෙහි අකුරු අටකින් පද තුනක් නිර්මාණය වන්නේ, ඒවා බැඳි අකුරු වශයෙන් ලියැවෙන බැවිණි. අකුරු අට – ච-තු- අ-රි-ය-ස-ච්- ච- යැයිද ගත හැකිය.

කෙනෙකු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වන්නේ, මෙම තිලකුණු අවබෝධ වී සම්මා දිට්ඨිය පහළ වීමෙනි.
එවිට හේ සෝතාපන්න යැයි කියනු ලැබේ.

ආර්ය මාර්ගය වැඩීම ආරම්භ වන්නේ, සෝවාන් මාර්ගයට පැමිණි පසු ය.

සෝවාන් මාර්ගයට නොපැමිණ ආර්ය මාර්ගය වඩනවා යනු සිදු නොවන්නකි.

සෝවාන් මාර්ගයට නොපැමිණි අයෙකු ආර්ය මාර්ගය වඩනවා යනු සිදු නොවන්නකි.

පළමුව කළ යුත්තේ, අඛණ්ඩව මනාව සද්ධර්මය ශ්‍රවණය කොට, මූලික දහම් සිද්ධාන්ත වන තිලකුණු සහ පටිච්ච සමුප්පාදය (චතුරාර්ය සත්‍යය) අවබෝධ කර ගැනීමයි.

දෙවනුව කළ යුත්තේ දුටු දහමට අනුව ආර්ය මාර්ගය ප්‍රගුණ කිරීමයි.
ගණනක් විසදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ, මූලික ගණිත සිද්ධාන්ත මනාව අවබෝධ කර ගැනීම ය.
දෙවනුව එම සිද්ධාන්ත අනුසාරයෙන් ඕනෑම ගණනක් විසදීමට හැකියාව ලැබේ.